ඉන්දියානු නාට්‍ය කලාව හා ඉන්දියානු සංස්කෘතිය තුළ කාන්තා භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorප්‍රභාෂ, බී. වී. ආර්
dc.date.accessioned2022-06-01T05:10:47Z
dc.date.available2022-06-01T05:10:47Z
dc.date.issued2021
dc.description.abstractසාහිත්‍යය සහ ඉතිහාසය වෙන් කළ නොහැකිවන්නේ එකින් එක අනෙකාට එල්ල කරන බලපෑම සදාකාලික වන බැවිනි. අතීත ඉතිහාසය වර්තමාන සාහිත්‍යය හැඩගස්වන අතර එය අනාගතය ගොඩනැඟීම දක්වා දිව යයි. සාහිත්‍යකරුවාද හිතාමතා හෝ නොසැලකිලිමත් ලෙස සමකාලීන වැදගත් සිදුවීම්වලට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සමාජයේ පවතින අදහස්වලට ද ප්‍රතිචාර දක්වයි. එබැවින් ඓතිහාසික දෘෂ්ටිකෝණයෙන් සෑම යුගයකම සාහිත්‍යය වැදගත්ම අංගයක් බවට පත්වේ. නාට්‍යය,මනුෂ්‍යත්වයේ ප්‍රභේදයක් වන අතර, නූතන සාහිත්‍යය වෙනස් කළ සමාජ ආර්ථිකදේශපාලන වෙනස්කම් වාර්තා කරයි. ජීවිතයේ සමස්ත පරාසයම යථාර්ථවාදීව නිරූපණය කිරීමෙන්, එය ස්ත්‍රීවාදය, පාරිසරික ස්ත්‍රීවාදය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයවිවේචනය, මානවවාදය වැනි න්‍යායයන් කිහිපයක මතුවීම අවුස්සන ලදී. ඉන්දියානු නාට්‍යය කලාව තුළින් බිහි වූ නාට්‍යය බොහෝමයක් පවතී. සංස්කෘත නාට්‍යය, ජන/ගැමි නාට්‍යය, නූතන නාට්‍යය, මෙන්ම විවිධ වර්ගයේ නාට්‍යය ගණනාවක් පවතී. මෙම ලිපිය නව පසුබිමක් තුළ ඉන්දියානු ස්ත්‍රීවාදයේ න්‍යායයේ පරිණාමය අධ්‍යයනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. එමෙන්ම ඉන්දියානු නාට්‍යය කලාවේ නිර්මාණය වී ඇති නාට්‍යය තුළ කාන්තා චරිතයන්ගේ ක්‍රියාකාරිත්වය, කාන්තා වීරවරියන් නිරූපණය කර ඇති ආකාරය මෙන්ම නාට්‍යය තුළ කාන්තා චරිතය භාවිත කර ඇති ආකාරය පිළිබඳ මෙහිදී පෙන්වා දීමට උත්සාහ කර ඇත. එමෙන්ම ඉන්දියානු නාට්‍යය කලාව තුළ ස්ත්‍රියට දක්වන සැලකිල්ල, ඉන්දියානු නාට්‍යය කලාව තුළ කාන්තා චරිතය බෙදා දක්වා තිබෙන කොටස් ආකාරයද, ඉන්දියානු සමාජයේ කාන්තාව පිළිබඳ ඇති සංකල්පයද, කුල ක්‍රමය අනුව ස්ත්‍රියට කලාව තුළ අත්ව ඇති තත්ත්වය පෙන්වා දීම මෙම පර්යේෂණයේ අරමුණයි. එමෙන්ම තවදුරටත් ස්ත්‍රී පාලනය ස්ත්‍රීත්වය පිළිබඳ කැනොනිකල් නිරූපණය පිළිබඳවද, ඉන්දියානු කලාව තුළ පවතින සුවිශේෂ කාන්තා කලාප පිළිබඳවද, ඉන්දියානු කලාවේ දේවදාසී සංකල්පය මෙන්ම නාට්‍යය තුළ කාන්තාව විග්‍රහ කර ඇති ආකාරය, බහුතරයක් කාන්තාවන්ගේ පොදු ඉරණම විසඳෙන ආකාරය තෝරාගත් ඉන්දියානු නාට්‍ය කිහිපයක් උදාහරණයට ගෙන මෙම පර්යේෂණය තවදුරටත් විග්‍රහ කෙරේ.en_US
dc.identifier.citationප්‍රභාෂ බී. වී. ආර් (2021), ඉන්දියානු නාට්‍ය කලාව හා ඉන්දියානු සංස්කෘතිය තුළ කාන්තා භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 5.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24592
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඉන්දියානු නාට්‍යය කලාව, කාන්තා වීරවරියන්, කැනොනිකල් නිරූපණය, කුල ක්‍රමය, ස්ත්‍රීවාදයen_US
dc.titleඉන්දියානු නාට්‍ය කලාව හා ඉන්දියානු සංස්කෘතිය තුළ කාන්තා භූමිකාව පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 5.pdf
Size:
98.6 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections