ඌව සබරගමු නර්තනයේ අන්තර්ගත චලනයන්හි සුවිශේෂ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorචන්ද්‍රසේකර, සී. එම්.ආර්. පී.
dc.date.accessioned2021-08-29T07:33:02Z
dc.date.available2021-08-29T07:33:02Z
dc.date.issued2021
dc.description.abstractරිද්මානුකූල හා තාලානුකූල චලනයන්ට මානව චලන මුසුවීම මගින් නර්තනය බිහිවිය. පසුකාලීනව ඇතිවූ සංස්කෘතිකමය විභේදන හේතුවෙන් විවිධවූ ආකෘතික ලක්ෂණ මෙම නර්තනයන්ට එක් විය. ශ්‍රී ලංකාවේද සංස්කෘතික පසුබිම අනුව උඩරට, පහතරට හා ඌව සබරගමුව වශයෙන් නර්තන සම්ප්‍රදායන් තුනක් බිහිවිය. මෙම සෑම නර්තන සම්ප්‍රදායකම ඊට ආවේණිකවූ චලන රටාවක් දක්නට ඇත. මෙම පර්යේෂණයේදී අධ්‍යයනය කරනුයේ උඩරට, පහතරට යන නර්තන සම්ප්‍රදායන් ද්විත්වයට සාපේක්ෂව ඌව සබරගමු නර්තන සම්ප්‍රදායේ ඇතුළත් චලනයන්හි අන්තර්ගත විශේෂත්වයයි. මෙම පර්යේෂණයේ ගැටලුව වන්නේ ඌව සබරගමු නර්තන සම්ප්‍රදායේ චලන අනෙකුත් නර්තන සම්ප්‍රදායන්හි චලනයන්ට සාපේක්ෂව වෙනස්වේද යන්නය. ඌව සබරගමු නර්තන සම්ප්‍රදායේ චලන අනෙකුත් නර්තන සම්ප්‍රදායන් ද්විත්වයට වඩා වෙනස්වන බව මෙම පර්යේෂණයේ උපන්‍යාසයයි. මෙම අධ්‍යයනය සඳහා චලන වේගය, චලන රිද්මය, චලන හැඩය, චලන පරාසය හා චලන ප්‍රබලතාවය උපයෝගී කරගන්නා ලදි. තවද මෙම ඌව සබරගමු නර්තන සම්ප්‍රදායේ අන්තර්ගත පූර්ණ ස්ථායි චලන, සංචාරී චලන, ස්ථායි සංචාරී චලන පිළිබඳවද විමර්ශනය කෙරිණි. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා ලිඛිත මෙන්ම අලිඛිත මූලාශ්‍රයන්ද, ප්‍රාථමික හා ද්විතීය මූලාශ්‍රයන්ද යොදා ගනු ලැබූ අතර ක්ෂේත්‍ර අධ්‍යයනය, ප්‍රායෝගික පුහුණු, සම්මුඛ සාකච්ඡා හා සහභාගීත්ව නිරීක්ෂණ ආදි පර්යේෂණ ක්‍රමවේදයන්ද පදනම් කරගන්නා ලදි. මෙම පර්යේෂණ ක්‍රමවේදයන් පදනම් කරගනිමින් දත්ත රැස්කොට එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඌව සබරගමු නර්තන සම්ප්‍රදායේ චලනයෙහි ඇති භෞතික සැකැස්මේ සුවිශේෂතා පිළිබඳව නිගමනයන්ට එළඹුණි.en_US
dc.identifier.citationචන්ද්‍රසේකර, සී. එම්.ආර්. පී. (2021) ඌව සබරගමු නර්තනයේ අන්තර්ගත චලනයන්හි සුවිශේෂ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,17en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/23194
dc.publisherමානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවen_US
dc.subjectඋඩරට, පහතරට, ඌව සබරගමුව, නර්තනය, චලනen_US
dc.titleඌව සබරගමු නර්තනයේ අන්තර්ගත චලනයන්හි සුවිශේෂ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Abstract book_final 61.pdf
Size:
156.27 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections