පියසේන කහඳගමයන්ගේ “රන්වන් කරල් ” කෘතියෙහි කොටසක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී මුහුණ පෑ ගැටලු සහ භාවිත කළ විසඳුම් පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorබණ්ඩාර, ආර්. ආර්. ටී. කෞමදී
dc.date.accessioned2022-06-03T08:36:48Z
dc.date.available2022-06-03T08:36:48Z
dc.date.issued2021
dc.description.abstractභාෂා පරිවර්තනය යනු යම් භාෂාවක්, වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම මෙන්ම යම් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට පරිවර්තනය කිරීමද වන්නේය. මෙහිදී භාෂා පරිවර්තනය මෙන්ම සංස්කෘතික පරිවර්තනයක්ද සිදු වේ. සෑම සංස්කෘතියක්ම ඊට අනන්‍යවූ සුවිශේෂ අංගයන්ගෙන් සමන්විත වන අතර, පරිවර්තන ක්‍රියාවලියේදී ඒවා තවත් භාෂාවක සංස්කෘතියක් වෙත ගෙන යාම සිදුවේ. එහිදී මුල් කෘතියෙහි සංස්කෘතියට හානි නොවන අන්දමින් පරිවර්තන කර්තව්‍යය සිදු කිරීමට පරිවර්තකයා වග බලාගත යුතුය. මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට දරන ලද ප්‍රයත්නයක් ලෙෂ සිංහල ගොවි සංස්කෘතිය පිළිබඳව ලාංකේය ගැමි වහරින් ලියැවී ඇති කෘතියක් වන පියසේන කහඳගමයන්ගේ රන්වන් කරල් කෘතියෙන් කොටසක් සිංහල භාෂාවට පරිවර්තනය කෙරිණ. මෙය සිංහල භාෂාවට ආවේණිකවූ කමත් භාෂාවෙහි පද රැසක් අන්තර්ගත වූවක් වන හෙයින් මෙම පද ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදු විය. මෙම අධ්‍යයනයෙහි අරමුණ වන්නේ මෙම ගැටලු විමර්ශනය කර, ඒ සඳහා විකල්ප යෝජනා කිරීමයි. මෙම ග්‍රන්ථයෙහි කොටසක් පරිවර්තනය කර ලැබූ අත්දැකීම මෙම අධ්‍යයනය සඳහා පාදකවී ඇත. අධ්‍යයනය අවසානයේදී පෙනී ගිය කරුණක් වන්නේ ඇතැම් මූලාශ්‍රය භාෂා සංකල්ප ඉලක්ක භාෂාවෙහි කෝෂගතව නොතිබීම හා භාෂා දෙකෙහි සංස්කෘතීන් අතර වන පරස්පරභාවයයි. පරිවර්තනයේදී කමත් භාෂාවෙහි යෙදුම් සඳහා සමරූපී පද ඉලක්ක භාෂාවෙන් යෙදීමට ඇති අසීරුතාව හා ඇතැම් විට සමරූපී පද ඇත්තේම නැති වීම යන තත්වයට මුහුණ පෑමටද සිදු විය. එහෙයින් පරිවර්තනයේදී උපරිරූපී පද ආදේශනය, පාදක සටහන් යොදා විග්‍රහ කිරීම මෙන්ම උපරිරූපී පද හා අධෝරූපී පද නොමැතිවූ විටෙක පද මඟ හැරීම ආදි උපක්‍රම යෙදීමට සිදු විය. පරිවර්තනයේදී භාෂාවක සංස්කෘතිය හා බද්ධවූ කොටස් පරිවර්තනය කිරීම අසීරු කාර්යයකි. භාෂාවක පද සඳහා සමරූපී පද සෑමවිටම අනෙකුත් භාෂාවල නොතිබිය හැකි අතරම මූලාශ්‍රය කෘතියෙහි ගුණාත්මකභාවයට හානි නොවන සේ සුදුසු උපක්‍රම භාවිතයෙන් පරිවර්තනය කිරීමට පරිවර්තකයා වගබලා ගත යුතුය.en_US
dc.identifier.citationබණ්ඩාර ආර්. ආර්. ටී. කෞමදී (2021), පියසේන කහඳගමයන්ගේ “රන්වන් කරල් ” කෘතියෙහි කොටසක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී මුහුණ පෑ ගැටලු සහ භාවිත කළ විසඳුම් පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 43p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24633
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅධෝරූපී පද, උපරිරූපී පද, පරිවර්තනය, පරිවර්තකයා,, සංස්කෘතියen_US
dc.titleපියසේන කහඳගමයන්ගේ “රන්වන් කරල් ” කෘතියෙහි කොටසක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදී මුහුණ පෑ ගැටලු සහ භාවිත කළ විසඳුම් පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 43.pdf
Size:
100.27 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections