තයිරොයිඩ් ග්‍රන්ථියෙහි හටගත් පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ඇතිවන කථන දුබලතා පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ රෝගියෙකු ඇසුරින්)

dc.contributor.authorජයතිලක, ඉසුරි නිශානි
dc.date.accessioned2022-06-02T07:07:43Z
dc.date.available2022-06-02T07:07:43Z
dc.date.issued2021
dc.description.abstractශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන හෝමෝන නිපදවනු ලබන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙනි. එනිසා මෙය අපගේ ශරීරයෙහි ඇති වැදගත් ග්‍රන්ථියකි. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ගැටිති, පිළිකා තත්ව ආදිය හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමට සිදුවේ. තයිරොයිඩ් ග්‍රන්ථියෙහි හටගන්නා රෝග තත්ව හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ පසුව බොහෝ රෝගීන් තුළ කථන දුබලතා ඇතිවීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එම නිසා පිළිකා තත්වයක් හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ රෝගියෙකු තෝරාගෙන තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු එම රෝගියා තුළ දැකිය හැකි කථන දුබලතා පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් මෙම පර්යේෂණය මගින් සිදු කෙරේ. ඒ අනුව මෙම පර්යේෂණය සඳහා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන ලද දැනට රාගම ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබන වයස අවු. 28ක පුරුෂයෙකු තෝරාගෙන තිබේ. තෝරාගත් රෝගියා තුළ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ඇතිවන කථන දුබලතා කවරේදැයි යන්න සොයා බැලීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙම පර්යේෂණය තුළින් සාකච්ඡාවට බඳුන්වන ගැටලුව වන්නේ පර්යේෂණය සඳහා තෝරා ගත් රෝගියාගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු දක්නට ලැබෙන කථන දුබලතා කවරේදැයි යන්න සොයා බැලීමයි. පර්යේෂණය සඳහා දත්ත එක් රැස් කිරීමේ දී ප්‍රාථමික දත්ත සහ ද්විතීයික දත්ත යන දෙඅංශයම යොදා ගෙන ඇත. ඒ අනුව සුහද සාකච්ඡා, සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලි භාවිත කරමින් රෝගියාගෙන් සහ රෝගියාගේ පවුලෙහි සාමාජිකයන්ගෙන් ලබා ගන්නා තොරතුරු ප්‍රාථමික දත්ත ලෙස සලකනු ලැබේ. ද්විතීයික දත්ත ලබා ගැනීම සඳහා වෛද්‍ය වාර්තා, පර්යේෂණ ක්ෂේත්‍රය සම්බන්ධව ලියැවී ඇති පොත්පත්, සඟරා, පෙර සිදු කරන ලද පර්යේෂණ, අන්තර්ජාලය යොදාගෙන තිබේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරනු ලැබූ රෝගීන්හට සහ කථන දුබලතා පිළිබඳ අධ්‍යයනය කරනු ලබන සිසුන්ටද ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද මෙම පර්යේෂණය වැදගත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ශබ්දනගා කතා කිරීමේ අපහසුතා, හඬ එළියට නො පැමිණීම, කට හඬෙහි ගොරෝසු බව ආදි දුබලතා ඇතිවන බව සහ බොහෝ විට මීට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේදී ස්වර තන්තුවලට හානි සිදුවීම බවත් කථන චිකිත්සකරොයකු වෙත යොමු වී ප්‍රතිකාර ලැබීමෙන් මෙම කථන දුබලතා අවම කර ගත හැකි බවත් පර්යේෂණය සඳහා තෝරාගත් රෝගියාගෙන් ලබා ගත් දත්ත තුළින් තහවුරු විය.en_US
dc.identifier.citationජයතිලක ඉසුරි නිශානි (2021), තයිරොයිඩ් ග්‍රන්ථියෙහි හටගත් පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ඇතිවන කථන දුබලතා පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ රෝගියෙකු ඇසුරින්), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 29p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24616
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකථන දුබලතා, තයිරොයිඩ් ග්‍රන්ථිය, පිළිකාව, වාග්විද්‍යාත්මක, ශල්‍යකර්මයක්en_US
dc.titleතයිරොයිඩ් ග්‍රන්ථියෙහි හටගත් පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ඇතිවන කථන දුබලතා පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කළ රෝගියෙකු ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 29.pdf
Size:
98.96 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections