Religious harmony that reveals from the inscriptions at Budumuttāva
No Thumbnail Available
Files
Date
2023
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
ක්‍රි.ව 1017 සිට ක්‍රි.ව 1070 දක්වා රක්ඛපාෂාණඛණ්ඩ හෙවත් රක්වාණ සීමා කොට පැවති සොළී පාලනය කරණකොටගෙන විශේෂයෙන් රජරට ප්‍රදේශයෙහි ද්‍රවිඩ බලය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බව නොරහසකි. ක්‍රි.ව. 1070 දී දකුණු ඉන්දියාවේ පළමුවන වන කුලෝත්තුංග දවස පළමුවන විජයබාහු, රජරටින් සොළීන් පලවා හැර දීප සක්විති විය. එහෙත් මේ වන විට රජරට ස්ථිර නිවාස ග්‍රහණය කරගෙන සැලකිය යුතු ද්‍රවිඩ ජනගහණයක් සිටි බවට සාධක තිබේ. සොළී පාලන සමය තුළ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ විල්ගම් විහාරය නවීකරණය කළ සොළීහු, එයට “රාජරාජ පෙරුම්පල්ලි” යන නාමය දුන්හ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තිරියාය (ගිරිහඩු සෑය) මේ කාලයේ දී “නාථනාර් කෝවිල” නමින් හැඳින්විණි. දීප සක්විති වීමෙන් පසු ඇති වූ වේළයික්කාර කැරැල්ල මැඩපවත්වා ඔවුන් විශ්වාසවන්තව තබා ගැනීමේ දේශපාලන උපායක් ලෙස ඔවුන්ට දළදා වහන්සේගේ භාරකාරත්වය පැවරීමට පළමුවැනි විජයබාහු රජුට සිදු වී තිබේ. ක්‍රි.ව. 1111 දී පළමුවන වන විජයබාහුගේ අභාවයෙන් පසු ඒකීය ශ්‍රී ලංකාව දේශපාලන ඒකක හතරකට බෙදී පැවතිණි. ක්‍රි.ව. 1111 සිට ක්‍රි.ව. 1153 අතර කාලයේ රජරට දක්ඛිණ දේශය, අටදහස් රට, දොළොස්දහස් රට යනුවෙන් දේශපාලන ඒකක චතුෂ්කයකට ශ්‍රී ලංකාව බෙදී පැවතිණි. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ හා පොළොන්නරු යුගයේ ආරම්භ අවදියේ විශේෂයෙන් රජරට ප්‍රදේශයේ සමාජ සහ සංස්කෘතික පසුබිම නිරීක්ෂණයට අදාළ වන අභිලේඛන අතර බුදුමුත්තාව සෙල් ලිපි තුන අතිශයින් වැදගත් ප්‍රාථමික මූලාශ්‍රයෝ වෙති. ඒවා මධ්‍යතන ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ආභාසය හෙළි කරන ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්ව පවතී.
Description
Keywords
Citation
Gunawardana Nadeesha (2023) “Religious harmony that reveals from the inscriptions at Budumuttāva", (in Sinhala), Bōmaluwa, vol. 01, issue 03, ISSN 2706-0101, pp.75-78, Nethvin Printers, Peradeniya.