‘ආප්කා බංටී’ නවකතාවෙහි එන බංටීගේ ළමා මානසිකත්වය පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorDayarathne, H.M.M.L.
dc.date.accessioned2022-06-23T10:00:23Z
dc.date.available2022-06-23T10:00:23Z
dc.date.issued2021
dc.description.abstractහින්දී ගi සාහිත්‍යයේ මෑත කාලීන ලේඛිකාවක් වන මන්නූ භණ්ඩාරී සමාජයේ විවිධ පැතිකඩ තම කාව්‍යාත්මක දෘෂ්ටිකෝණයෙහි ලා දැකීමෙහි විශිෂ්ට ලේඛිකාවකි. ඇය විසින් 1971 වර්ෂයේ දී රචනා කොට ප්‍රකාශයට පත් කරන ලද ‘ආප්කා බංටී’ නවකතාව ද සමාජයේ එක් පැතිකඩක් විවරණය කෙරෙන විශිෂ්ට නවකතාවකි. මන්නූ බණ්ඩාරී මේ නවකතාව මගින් ඉන්දියාවට පමණක් නො ව සමස්තලෝකයට ම ගැඹුරු පණිවිඩයක් ඉදිරිපත් කිරීමට සමත් වූවා ය. ඒ ‘බංටී’ නමැති අවුරුදු නවයක කුඩා දරුවකුගේ ළමා මානසිකත්වය වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන ය. විවිධ කලකෝලාහල හා හැලහැප්පීම් ඍජු ව හා වක්‍ර ව ළමා මනසට බලපාන ආකාරය ඉදිරිපත් කිරීම මගින් මිනිස් මනස විනිවිද දැකීමටත් සමාජයේ සෑම වටපිටාවක් ම සියුම් ව පිරික්සීමේ හැකියාවත් ඇය සතු ව පවතින බව මෙමගින් හෙළි කරගත හැකි ය. බංටීගේ මව ශකුන් සහ පියා අජය දික්කසාදය වීමත්, අජය නැවත විවාහ වීමත් බංටීගේ මනසට බලපෑම් ඇති කරයි. මව සමග වාසය කරන නවහැවිරිදි බංටීට දික්කසාදය පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් සිය දෙමව්පියන් වෙන ම ජීවත්වීම ගැටලුවක් විය. ඒ අතරතුර සිය මව නැවත වෛi ජෝශි සමග විවාහ වීම නිසා බංටිට ද මව සමග ජෝශිගේ නිවසට යාමට සිදුවෙයි. ජෝශි තමාගේ පියා වීමත්, ජෝශිගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනා සහෝදරයන් වශයෙන් සලකන්නට වීමත් බංටී විස්මයට දනවන්නක් විය. පෙර පරිදි මවගේ ආදරය රැකවරණය අහිමි වීම ද, නැවත අජය පැමිණ බංටී කල්කටා රැගෙන යාම ද, අජයගේ බිරිඳ මීරාටත් ඔවුන්ගේ දරුවාටත් හුරුපුරුදු වීමට සිදු වීම ද බංටී මුහුණ පෑ ප්‍රධාන ගැටලු අතර වේ. එසේ ම නැවත පාසලේ නේවාසිකාගාරයේ නතර කිරීමත් නිසා විද දැරිය නොහැකි සිදුවීම් ගණනාවකට බංටිට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් මේ කිසිදු කරුණක් පිළිබඳ බංටිට අවබෝධයක් නැත. ඔහු මුහුණ දෙන බරපතළ ම කාරණය වන්නේ තම මව්පියන්ගේ ආදරය රැකවරණය හා සෙනෙහස නො ලැබීම යි. දෙමව්පියන් කෙතරම් ධනයෙන් ආඪ්‍ය වුව ද බංටීට මුහුණපාන්නට සිදුවන්නේ මිල මුදලින් විසඳිය නො හැකි ගැටලු රාශියකට ය. මෙහි දී මන්නූ භණ්ඩාරී එක් ළමා චරිතයක් උපයුක්ත කරගෙන සමස්ත සමාජයේ ම වැඩිමනක් ළමයින් මුහුණපාන ගැටලුවක් විෂයයෙහි සාවධාන වී ඇති ආකාරය දැකගත හැකි ය. ඒ අනුව මෙම අධ්‍යයනයේ දී බංටීගේ මානසිකත්වය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ ද? ළමා මනස විනිවිද දැකීමට මන්නූ භණ්ඩාරී නවකතාව තුළ යොදාගත් උපක්‍රම කවරේ ද? යන්න පිළිබඳවත්, බිඳ වැටෙන ළමා මනසක යථා ස්වභාවය අනාවරණය කර ගැනීමත් ළමා මනස සංවර්ධනය කිරීමෙහි ලා වැඩිහිටියන්ගේ වගකීම සම්බන්ධයෙන් මේ කෘතියෙන් ලැබෙන පිටිවහල විග්‍රහ කිරීමත් මේ අධ්‍යයනයේ අරමුණ යි. එහි දී මේ නවකතාවේ එන බංටීගේ චරිතය පර්යේෂණ සීමාව වශයෙන් ගැනේ. මෙය මූලාශ්‍රය පදනම් කරගත් අධ්‍යයනයකි. ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් මන්නූ භණ්ඩාරීගේ ‘ආප්කා බංටී’ නවතකාවත් ඒ පිළිබඳ ලියවුණු විචාරකෘති හා ශාස්ත්‍රීය ලේඛන ද්විතීයික මූලාශ්‍රය වශයෙනුත් යොදා ගැනීමට අපේක්ෂිත ය.en_US
dc.identifier.citationDayarathne H.M.M.L. (2021), ‘ආප්කා බංටී’ නවකතාවෙහි එන බංටීගේ ළමා මානසිකත්වය පිළිබඳ අධ්‍යයනයක්, 21st Conference on Postgraduate Research International Postgraduate Research Conference 2021 (IPRC 2021), Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 30p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24917
dc.publisherFaculty of Graduate Studies - University of Kelaniya, Sri Lankaen_US
dc.subjectආප්කා බංටී, බංටී, මන්නූ භණ්ඩාරී, ළමා මානසිකත්වයen_US
dc.title‘ආප්කා බංටී’ නවකතාවෙහි එන බංටීගේ ළමා මානසිකත්වය පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2021 30.pdf
Size:
328.7 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections