ශ්‍රී ලංකා භාෂා පරිවර්තකයන්ගේ සහ භාෂණ පරිවර්තකයන්ගේ සංගමයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් ද යන්න පිළිබඳව සිදු කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorවිජයන්ත, එච්. දේශාන්
dc.date.accessioned2022-06-06T09:48:46Z
dc.date.available2022-06-06T09:48:46Z
dc.date.issued2021
dc.description.abstractපරිවර්තන විෂය දිනෙන් දිනම ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතී. එහි ප්‍රධාන ප්‍රභේද දෙක වන්නේ භාෂා පරිවර්තනය සහ භාෂණ පරිවර්තනයයි. වත්මන් ලෝකයේ සෑම දියුණු රටකම පාහේ භාෂා පරිවර්තකයන්ගේ සහ භාෂණ පරිවර්තකයන්ගේ ජාතික සංගම් පවතී. එමගින් එම වෘත්තියෙහි පැවැත්මද උන්නතියද ආරක්ෂා වේ. මෙහි පර්යේෂණ ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව තුළ දැනට සිටින පරිවර්තකයන්ගේ ප්‍රභේද හඳුනාගැනීම සහ ඔවුන් සියලුදෙනාගෙන් සැදුම්ලත් ජාතික සංගමයක කාලීන අවශ්‍යතාව පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මෙහි පර්යේෂණ ක්‍රමවේදය නම් ශ්‍රී ලංකාව පුරා සිටින භාෂා පරිවර්තක සහ භාෂණ පරිවර්තක ප්‍රභේද අධ්‍යයනය කිරීමත් ඔවුන්ට අනන්‍ය වූ ලක්ෂණ හඳුනාගැනීමත් ඒ ඔස්සේ පොදු ලක්ෂණ සමූහයක් ගොඩනැඟීමට හැකිද යන්න පිළිබඳවත් ගුණාත්මක දත්ත ඇසුරින් සොයා බැලීමය. එනිසා මෙහි පර්යේෂණ ක්‍රමවේදය ගුණාත්මක ක්‍රමවේදයයි- ඒ සඳහා ගුණාත්මක දත්ත ගවේෂණය කිරීමට අන්තර්ජාලය භාවිත කරන ලදී. නිල වෙබ් අඩවි පරිශීලනය කරන ලදී. මෙහිදී දක්නට ලැබුණේ විශ්වවිද්‍යාලය උපාධිධාරී (ගෞරව හා සාමාන්‍ය) පරිවර්තකයන්, දිවුරුම්දුන් භාෂා පරිවර්තකයන්, භාෂා ප්‍රවීණත්වය මත බිහිවූ පරිවර්තකයන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තකයන්, රාජ්‍ය සේවයේ පරිවර්තකයන්, නොබැඳි (ෆ්‍රීලාන්ස්) පරිවර්තකයන්, පළාත් සභා කථන පරිවර්තකයන්, පාර්ලිමේන්තු කථන පරිවර්තකයන්, අර්ධ රාජ්‍ය ආයතන, සංස්ථා සහ රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවයේ නියුතු පරිවර්තකයන්, පෞද්ගලික අංශයේ සේවයේ නියුතු පරිවර්තකයන් සහ තානාපති හා මහකොමසාරිස් කාර්යාල ආදියෙහි සේවයේ නියුතු පරිවර්තකයන් ආදි වශයෙන් පුළුල් විභේදනයක් පවතින බවයි. පුළුල් විභේදන සහ ප්‍රවර්ග පවතින අවස්ථාවන්හිදී සේවාවෙහි සහ වෘත්තියෙහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු මතුවීම සාමාන්‍ය සංසිද්ධියකි. එම ගැටලු මඟහරවා ගැනීමට නම් භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් සඳහා වන පොදු ජාතික ආචාර ධර්ම පද්ධතියක් ගොඩනඟා ගත යුතුය. එමගින් ඔවුන්ගේ වෘත්තීය ගෞරවය, යහපැවත්ම, පිළිගැනීම මෙන්ම සේවයෙහි ගුණාත්මකභාවය සඳහා සම්පූර්ණ කළයුතු අවම අධ්‍යාපන සුදුසුකම් සහ ප්‍රමිතීන් ආදිය පිළිබඳව වන සම්මුතියක් ගොඩනඟා ගත හැකිය. මේ සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන්හි ආභාසයද ලබාගත හැකිය. මෙම විමර්ශනාත්මක අධ්‍යයනයෙහි ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් ප්‍රත්‍යක්ෂ වන්නේ වඩාත් විශිෂ්ට, සම්භාවනීය සහ ගෞරවධෑය භාෂා පරිවර්තක සහ භාෂණ පරිවර්තක වෘත්තියක් බිහිකරනු වස් ශ්‍රී ලංකා භාෂා පරිවර්තකයන්ගේ සහ භාෂණ පරිවර්තකයන්ගේ සංගමයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් බවයි.en_US
dc.identifier.citationවිජයන්ත එච්. දේශාන් (2021), ශ්‍රී ලංකා භාෂා පරිවර්තකයන්ගේ සහ භාෂණ පරිවර්තකයන්ගේ සංගමයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් ද යන්න පිළිබඳව සිදු කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 60p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24650
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectපරිවර්තන, භාෂණ පරිවර්තක, භාෂා පරිවර්තක, ශ්‍රී ලංකාව, සංගමයen_US
dc.titleශ්‍රී ලංකා භාෂා පරිවර්තකයන්ගේ සහ භාෂණ පරිවර්තකයන්ගේ සංගමයක් පැවතීම කාලීන අවශ්‍යතාවක් ද යන්න පිළිබඳව සිදු කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 60.pdf
Size:
107.94 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections