ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ ඒකාංක ටෙලිනාට්‍ය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආනන්ද අබේනායකගේ “සංසාරේ පියසටහන්” ඒකාංක ටෙලිනාට්‍ය ඇසුරෙන්)

dc.contributor.authorරණේපුර, යූ. ජේ.
dc.date.accessioned2023-02-03T05:52:25Z
dc.date.available2023-02-03T05:52:25Z
dc.date.issued2022
dc.description.abstractශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ විකාශනය වන වැඩසටහන් ආකෘති අතර ඒකාංක ටෙලිනාට්‍ය යනු (One/Single Episode Teledrama) නාට්‍යමය ලක්ෂණවලින් යුතු සංක්ෂිප්ත කලා භාවිතයක් වශයෙන් හඳුනාගත හැකිය. ඒකාංක ටෙලිනාට්‍ය නිෂ්පාදනය හා විකාශනය ප්‍රමාණාත්මකව සංසන්දනය කිරීමේදී මාලා නාට්‍ය හෝ ප්‍රාසංගික ටෙලිනාට්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් ම අඩු අගයක් ගනී. එහෙත් ඒකාංක ටෙලිනාට්‍යයේ තිබෙන සංක්ෂිප්ත කතා වින්‍යාසය නිසා බොහෝ රූපවාහිනී ප්‍රේක්ෂකයින් ඒකාංක ටෙලිනාට්‍ය නැරඹීමට වැඩි අවධානයක් යොමු කොට ඇති බව හඳුනාගත හැකිය. ඒකාංක ටෙලිනාට්‍යකරණයේ පුරෝගාමීත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හිමි වන අතර එය කලාත්මක නිර්මාණකරණය දක්වා ව්‍යාප්ත වන්නේ ද ආනන්ද අබේනායකගේ “සංසාරේ පිය සටහන්” නම් වූ ඒකාංක ටෙලිනාට්‍යයෙන් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයයේ විකාශනය කරන ඒකාංක ටෙලිනාට්‍ය ආකෘතිය, අන්තර්ගතය සහ නිර්මාණකරණය පිළිබඳ අධ්‍යයනයක් මෙතෙක් සිදුව ඇති බවක් හඳුනාගත නොහැකි හෙයින් එහි මූලික දැනුම් පරතරය ද හඳුනාගනිමින් මෙම පර්යේෂණය දියත් කෙරිණ. ඒ අනුව ක්‍රි.ව. 1993 සිට 2016 දක්වා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශනය කරන ලද ආනන්ද අබේනායකගේ “සංසාරේ පියසටහන්” ඒකාංක ටෙලිනාට්‍ය මාලාව මෙම අධ්‍යයනය සඳහා පාදක කරගත් අතර ඒකාංක ටෙලිනාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය කෙරෙහි බලපෑ සාධක කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කොට ඇත. මෙහිදී සංසාරේ පියසටහන් ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කිරීම හා ඒවායෙන් නිරූපණය වන සධූපදේශයන් සමාජගත කිරීම සඳහා නිර්මාණාත්මක උපක්‍රම සාධනීය ලෙස භාවිත කිරීම ගැඹුරින් විමර්ශනය කෙරිණ. මේ පර්යේෂණය සඳහා සංසාරේ පියසටහන් ඒකාංක ටෙලිනාට්‍ය 237ක් මූලික වශයෙන් යොදා ගත් අතර ඉන් 07ක් තෝරාගෙන ඒවා සංසන්දනාත්මක විමර්ශනයකට ලක් කෙරිණ. මෙම අධ්‍යයනයෙන් ඒකාංක ටෙලිනාට්‍ය නිර්මාණ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාව ප්‍රදර්ශනය කිරීම උදෙසා භාවිත කළ හැකි බවත්, ඒ සඳහා පොදු මානවීය ගුණාංග නිර්මාණකරණයට පදනම් කර ගැනීමේ ශක්‍යතාවක් ඇති බවත් මෙහි දී පෙන්වා දීමට අපේක්ෂිත ය.en_US
dc.identifier.citationරණේපුර යූ. ජේ. (2022), ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ ඒකාංක ටෙලිනාට්‍ය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආනන්ද අබේනායකගේ “සංසාරේ පියසටහන්” ඒකාංක ටෙලිනාට්‍ය ඇසුරෙන්), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 67.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25898
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectශ්‍රී ලාංකේය ඒකාංක ටෙලිනාට්‍ය, ආනන්ද අබේනායක, රූපවාහිනී මාධ්‍යයen_US
dc.titleශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයේ ඒකාංක ටෙලිනාට්‍ය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ආනන්ද අබේනායකගේ “සංසාරේ පියසටහන්” ඒකාංක ටෙලිනාට්‍ය ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 67.pdf
Size:
223.6 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections