සබරගමු නර්තන සම්ප්‍රදායයේ ගී මඩු ශාන්තිකර්මයේ රඟමඩල නිර්මාණය කිරීම පෙරදිග සංස්කෘත නාට්‍යයේ ආදර්ශයකි යන්න විමර්ශනාත්මක අධ්‍යයනයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka

Abstract

සිංහල නාට්‍යය සම්භාව්‍ය සංස්කෘත නාට්‍යයෙන් පෝෂණය වු බවට සාධක රාශියක් හමුවන අතර ඇතැම් විචාරකයින්ද අනුදත් මතයකි. පෙරදිග සංස්කෘත නාට්‍යය සම්ප්‍රදායෙහි මුලික පදනම නාට්‍යශාස්ත්‍රය ඇසුරු කොට පවතී. සාහිත්‍ය කෘතීන්හී සඳහන් තොරතුරු මෙන්ම වර්තමානය වන විටත් ශේෂව පවතින සිංහල මඬු ශාන්තිකර්ම සලකා බැලීමේ දී මෙරට ප්‍රාසංගික කලා කෙරෙහි නාට්‍යශාස්ත්‍රයේ බලපෑම තහවුරු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සබරගමු නර්තන සම්ප්‍රදායයේ ගී මඬු රංගනය කෙරෙහි ද නාට්‍යශාස්ත්‍රයේ බලපෑම ලැබී ඇති බව ගී මඬු රංගනය පිළිබඳ හමු වී ඇති පිටපත් පරීක්ෂාවෙන් තහවුරු වේ. ගී මඬු රංගනය සුවිශේෂී වනුයේ පත්තිනි දෙවියන්ගේ උපත් කතා ඇතුළු පන්තිස්කෝල්මුර රංගනය කරමින් පුරා දින හතක් පැවැත්වීම හේතුවෙනි. ගී මඬුව රංග ගත කිරීම සඳහා ඉදිකරනු ලබන ප්‍රධාන ස්ථානය රඟ මඩල නැතහොත් රංග මණ්ඩපය යනුවෙන් හඳුන්වනු ලැබේ. දේශීය වශයෙන් ගත් කල මඬු යාගයන් සඳහා වර්තමානයේ දක්නට ලැබෙනුයේ දැව දඬු යොදා බිත්ති රහිතව තාවකාලික වශයෙන් සකස් කරනු ලබන ඉදිකිරීමකි. එහෙත් සංස්කෘත නාට්‍යයන්හී නාට්‍යගෘහය ඉදිකිරීම බිත්ති සහිත වු ඉදිකිරීමකි. ඒ අනුව ගී මඬු ශාන්තිකර්මයේ රංග මණ්ඩපය නිර්මාණය කිරීම පෙරදිග සංස්කෘත නාට්‍යයේ නිර්දේශ පදනම් ව ගොඩනැගුණේ ද යන්න මුලික ගැටළුව කරගනිමින් මෙම පර්යේෂණය සිදු කෙරිණි. පසුකාලීන ගී මඬු රංගනය හා පිටපත් සැලකීමේ දී නාට්‍ය විෂයයික ශාස්ත්‍රීය දැනුම වෙනුවට පුද්ගල අභිමතයන් අනුව කටයුතු කරනු දක්නට ලැබේ. ගී මඬුවෙහි න්‍යාය පසුබිම හඳුනාගැනීම මෙහි දී කාලෝචිත ව්‍යායාමයක් වෙයි. මෙහි පර්යේෂණ ක්‍රමය වශයෙන් පුස්තකාල පර්යේෂණය යොදාගනු ලබන අතර සම්මුඛ සාකච්ඡා, ප්‍රායෝගික ගී මඬු රංගන නැරඹීම මගින් රැස්කරගත් තොරතුරු දත්ත අධ්‍යනයට හා විශ්ලේෂණයට යොදාගනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගී මඬු රංගනයේ රංඟ මණ්ඩපය නිර්මාණය නාට්‍යශාස්ත්‍රයේ නිර්දේශයන් අනුගමනය කොට පවතින ආකාරය ප්‍රත්‍යක්ෂ වෙයි. මෙහි දී ලාංකේය අනන්‍යතාව ද, භාරතීය න්‍යාය පසුබිම ද මැනවින් ප්‍රයෝජනයට ගෙන ඇත.

Description

Citation

විතාරණ විතාරමලාගේ හර්ෂණ මධුෂංක (2021), සබරගමු නර්තන සම්ප්‍රදායයේ ගී මඩු ශාන්තිකර්මයේ රඟමඩල නිර්මාණය කිරීම පෙරදිග සංස්කෘත නාට්‍යයේ ආදර්ශයකි යන්න විමර්ශනාත්මක අධ්‍යයනයක්, 21st Conference on Postgraduate Research International Postgraduate Research Conference 2021 (IPRC 2021), Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 25p.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By