පද්‍යකරණය සඳහා ශුද්ධ සිංහල භාෂාව යොදා ගැනීමේ ප්‍රවණතාව ‘සියබස්ලකර’ හා ‘සිදත් සඟරාව’ යන කාව්‍යානුශාසනයන්ගෙන් ප්‍රකට වන ආකාරය පිළිබඳ විමර්ශනයක්

dc.contributor.authorකීඹියේ, අනුරුද්ධසිරි හිමි
dc.date.accessioned2022-06-03T05:56:28Z
dc.date.available2022-06-03T05:56:28Z
dc.date.issued2021
dc.description.abstractඅනුරාධපුර යුගයේ රචිත සියබස්ලකර හා දඹදෙණි යුගයේ රචිත සිදත් සඟරාව යනු කාව්‍යකරණානුශාසනා කෘතිද්වයකි. සිංහල පද්‍යයේ බස කවරාකාර විය යුතු දැයි තද් කෘතීන්හි අවධාරණය කොට ඇති ආකාරය විමර්ශනය කිරීම මෙහි අරමුණයි. දඹදෙණි යුගය වන විට මිශ්‍ර සිංහලය ගද්‍ය කෘතිවල බහුලව භාවිතවූ අතර ශුද්ධ සිංහලය පද්‍ය කෘති කිහිපයකට සීමා විය. පද්‍ය කෘති සඳහා මෙබඳු භාෂාත්මක සීමාකරණයක් සිදු වූයේ කවර කරුණක් නිසාද යන ගැටලුව මෙම පර්යේෂණයට මූලාධාර විය. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය එහිදී භාවිත කෙරෙන අතර මෙතෙක් පළ කෙරුණු සියබස්ලකර හා සිදත් සඟරා සංස්කරණ ප්‍රාථමික මූලාශ්‍රය ලෙසත්, මේ සම්බන්‍ධයෙන් ලියැවුණු පරිවාර ලිපි-ලේඛන ද්විතීයික මූලාශ්‍රය ලෙසත් යොදාගනු ලැබේ. පද්‍යකරණය සඳහා උපදේශ සපයන කෘතිද්වයක් වශයෙන් සියබස්ලකර හා සිදත් සඟරාව පර්යේෂකයන් විසින් විමැසුණද මෙම පර්යේෂණය ඒවායින් වෙනස් වන්නේ සිංහලයට පද්‍යකරණෝචිත භාෂා ස්වරූපයක් ස්ථාපිත කිරීමේ ප්‍රවණතාව පූර්වෝක්ත කෘතිද්වයෙන් සිදුවූයේද යන්න විමර්ශනය කෙරෙන බැවිනි. සියබස්ලකර, කාව්‍යාදර්ශයේ අනුවර්තනයක් වුවද මූලාශ්‍රයාගත ඇතැම් කරුණු සිංහල භාෂාවට හා සාහිත්‍යයට යෝග්‍යාකාරයෙන් ඉදිරිපත්කොට ඇත. එහි ගුණ‐දෝෂ විග්‍රහයේ ප්‍රකට වන සංඛ්‍යාත්මක සීමාකරණයත්, සංස්කෘත ආලංකාරිකයන් මෙන් කාව්‍යයේ රීතිය භෞගෝලික පදනමකින් නොව කවියාගේ භාෂා ස්වරූපය අනුව උපදනා බව දක්වා තිබීමත් යන කරුණු ශුද්ධ සිංහලයට නැඹුරුවී ප්‍රකාශ කොට තිබීම මෙහිලා වැදගත් වේ. දඹදෙණි යුගය වන විට මිශ්‍ර සිංහල භාෂා ස්වරූපය බහුලව භාවිත වුවද ශුද්ධ සිංහලයට පමණක් ඉවහල් කරගත හැකි වියරණයක් පද්‍යකරණෝපදේශ ලෙස සිදත් සඟරාවේ දක්වා තිබේ. එම කරුණු සියල්ලක්ම ශුද්ධ සිංහලයට කෙරෙන විවරණයක මෙන් ග්‍රන්‍ථාගතව තිබීමෙන් පැහැදිලි වන්නේ කාව්‍යකරණය සඳහා ශුද්ධ සිංහලයේ යෝග්‍යතාව සිදත් සඟරා කතුවරයාද පිළිගෙන සිටි බවයි. දඹදෙණි යුගයට පසු රචනාවූ ඇතැම් සම්භාව්‍ය පද්‍ය කෘති අන්‍ය භාෂාවල බලපෑමට ලක් වුවද ශුද්ධ සිංහල බසින්ම පෝෂණයවූ බව සත්‍යයකි. සිංහල පද්‍යයේ හෘදයග්‍රාහී බව රැඳී පවත්නේ එය ශුද්ධ සිංහල භාෂාවෙන්ද පෝෂණයවූ කලෙක වන බව මෙමගින් නිරීක්‍ෂණය කෙරේ. පූර්වෝක්ත පර්යේෂණයෙන් නිගමනය වන්නනේ සිංහල භාෂාව කාලානුරූපී චිචල්‍යයන්ට ලක් වුවද පද්‍යකරණය සඳහා ශුද්ධ සිංහලය යොදා ගැනීමේ ප්‍රවණතාව සියබස්ලකරින් හා සිදත් සඟරාවෙන් ප්‍රකට වන බවත් එය සිංහල පද්‍යයේ හද බස යනුවෙන් හඳුනා ගත හැකි බවත්ය.en_US
dc.identifier.citationකීඹියේ අනුරුද්ධසිරි හිමි (2021), පද්‍යකරණය සඳහා ශුද්ධ සිංහල භාෂාව යොදා ගැනීමේ ප්‍රවණතාව ‘සියබස්ලකර’ හා ‘සිදත් සඟරාව’ යන කාව්‍යානුශාසනයන්ගෙන් ප්‍රකට වන ආකාරය පිළිබඳ විමර්ශනයක්a, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 41p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24628
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකාව්‍ය භාෂාව, පද්‍යකරණය, ශුද්ධ සිංහලය, සිදත් සඟරාව, සියබස්ලකරen_US
dc.titleපද්‍යකරණය සඳහා ශුද්ධ සිංහල භාෂාව යොදා ගැනීමේ ප්‍රවණතාව ‘සියබස්ලකර’ හා ‘සිදත් සඟරාව’ යන කාව්‍යානුශාසනයන්ගෙන් ප්‍රකට වන ආකාරය පිළිබඳ විමර්ශනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 41.pdf
Size:
100.07 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections