පහතරට ශාන්තිකර්මයන් හි ආතුරයා ප්‍රලය කිරීම සඳහා ශාන්තිකර්ම ශිල්පියා භාවිත කළ මෝහන විධික්‍රම

dc.contributor.authorSampath, Chanaka N.G.
dc.date.accessioned2022-06-23T09:58:18Z
dc.date.available2022-06-23T09:58:18Z
dc.date.issued2021
dc.description.abstractදේශීය නර්තන සම්ප්‍රදායත්‍රය අතුරින් පහතරට නර්තන සම්ප්‍රදායේ යකුන් උදෙසා පවත්වන ශාන්තිකර්මයන් හි ආතුරයා ප්‍රලය වන අවස්ථා දැකගත හැකිය.ආතුරයා ප්‍රලය කිරීම සඳහා ශාන්තිකර්ම ශිල්පියා විවිද විධික්‍රම භාවිත කරයි.නූතන බටහිර මෝහන විද්‍යාවේ භාවිත විධික්‍රම පහතරට ශාන්තිකර්ම ශිල්පියා ආතුරයා ප්‍රලය කිරීම සඳහා භාවිත කළේ ද යන ගැටලුව පිළිබඳ අධ්‍යයනය කිරීම මෙමගින් සිදුකෙරේ.එසේ අධ්‍යයනය කිරීම මගින් පහතරට ශාන්තිකර්මයන් හි ආතුරයා ප්‍රලය කිරීමට ශාන්තිකර්ම ශිල්පියා භාවිත කළ විධික්‍රම හා සමානතාවයක් නූතන බටහිර විද්‍යාවේදී වෛද්‍යවරුන් භාවිත කරන බව පැහැදිලි විය.සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය,සම්මුඛ සාකච්ඡා හා සහභාගීත්ව නිරීක්ෂණ මගින් මෙකී පර්යේෂණය සඳහා අවශ්‍ය දත්ත රැස්කරගන්නා ලදි.මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදයට අනුකූලව ප්‍රපංචවේදී න්‍යාය යටතේ සිදු කළ අතර මෙම පර්යේෂණ සඳහා යොදා ගන්නා මූලාශ්‍ර කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.ප්‍රාථමික මුලාශ්‍ර අධ්‍යයනය යටතේ විධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම පාසල් ගුරුවරුන් සමඟ සාකච්ඡා කර දත්ත රැස්කර ගන්නා ලදි.විශේෂයෙන්ම අවිධිමත් අධ්‍යාපන ක්ෂේත්‍රය යටතේ තත් පර්යේෂණ කටයුත්තට සෘජු දායකත්වයක් දක්වන ශාන්තිකර්ම ශිල්පීන් හා සාකච්ඡා කොට දත්ත රැස්කර ගන්නා ලදි.ද්වීතීක මුලාශ්‍ර අධ්‍යයනය යටතේ ගෝලීය තුලනාත්මක අධ්‍යයනය එනම් අන්තර්ජාල පරිශීලනය ද, න්‍යායාත්මක හා සංකල්පීය සාහිත්‍ය ලෙස පර්යේෂණාත්මක ග්‍රන්ථ හා ලිපි අධ්‍යයනය ද,සංකල්පීය සාහිත්‍ය ලෙස ශාන්තිකර්ම ශිල්පීන් සතු අත් පිටපත් පරිශීලනය කිරීමට ද,අනුභාවිත සාහිත්‍ය ලෙස තත් විශය ක්ෂේත්‍රය යටතේ සම්පාදනය වී ඇති මුද්‍රිත ග්‍රන්ථ,සඟරා ලිපි අධ්‍යයනය කළහ.එමෙන්ම ක්ෂේත්‍ර ගවේශනය යටතේ සහභාගීත්ව නිරීක්ෂණ මගින් ශාන්තිකර්ම නැරඹීමෙන් මෙම පර්යේෂණයට අදාල දත්ත රැස්කර ගන්නා ලදි. තවද පර්යේෂණයට සමගාමීව ප්‍රශ්නාවලියක් සකස්කොට තත් විෂය ක්ෂේත්‍රයෙහි නියැළෙන පාරම්පරික ශිල්පීන්,මෝහන විද්‍යාව සම්බන්දයෙන් කටයුතු කරන වෛද්‍යවරුන් හා දේශකවරුන් සමඟ සාකච්ඡා කර දත්ත රැස්කරගන්නා ලදි.එම දත්ත විශ්ලේෂණය මගින් නූතන බටහිර මෝහන විද්‍යාවේ භාවිත විධික්‍රම පහතරට ශාන්තිකර්ම ශිල්පියා ආතුරයා ප්‍රලය කිරීමට භාවිත කරන විධික්‍රම හා සමානතාවයක් දක්වන බව පැහැදිලි විය.ආතුරයා පරීක්ෂා කිරීමෙන් ආරම්භ වන ශාන්තිකර්ම,ශාන්තිකර්ම දිනයේදී ශිල්පියා විසින් යාගය ගොඩනගන ආකාරය හා ආතුර මනස උද්දීපනය කිරීමට මෙන්ම ආතුරයාට සුවයක් ලබාදීමට භාවිත කරන ශිල්ප ක්‍රම,නූතන බටහිර මෝහන වෛද්‍ය වෛද්‍යවරුන් රෝගියා පරීක්ෂාකරන මුල් අවස්ථාවේ සිට රෝගියා මෝහනය කර ප්‍රතිකාර ලබාදෙන අවස්ථාව දක්වා සිදුවන ක්‍රියාවලිය හා එකිනෙකට සමානතාවයක් දක්වයි.නූතන මෝහන විද්‍යාවේදී පුද්ගල මනස හා සම්බන්ද වෙමින් රෝග සුවපත් කිරීමේ ක්‍රියාවලියක් සිදුකරන අතර ඒ සඳහා වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ද පවතී.එකී ක්‍රමවේදයන් මිනිස් මනසට වඩාත් ගෝචර වන අයුරින් ගොඩනගා ඇති අතර ඒ හා සමානව දේශීය ශාන්තිකර්ම ශිල්පියා ද ආතුරයගේ මානසික සුවය පමණක් නොව ශාරීරික වශයෙන් පවතින රෝග සුවපත් කිරීමට ප්‍රලය කිරීම භාවිත කරයි.නූතන බටහිර මෝහන විද්‍යාවේ ඇති විධික්‍රම දේශීය ශාන්තිකර්මයන් හි ද දැකගත හැකිවීම විශේෂත්වයකි.ආතුරයා ප්‍රලය කිරීමෙන් රෝග සුවපත් කිරීම මෙමගින් සිදුවේ.ඒ අනුව ශාන්තිකර්ම ශිල්පීන් ආතුරයා ප්‍රලය කිරීමේ විධික්‍රම ක්‍රමවත්ව සිදුකළ බවත් එම ක්‍රියාවලිය නූතන බටහිර මෝහන ශිල්පක්‍රමවලට සමානතාවයක් ඇති බවත් තහවුරු විය.පහතරට ශාන්තිකර්මයන්හි භාවිත ශිල්පීය විධික්‍රමවල ඇති වටිනාකම පිළිබඳ අවබෝදයක් ලබාගැනීමට මෙම පර්යේෂණය මගින් හැකිවිය.වර්තමාන ශාන්තිකර්ම ක්ෂේත්‍රයෙහි මෙකී විධික්‍රමවලින් බැහැරව කටයුතු කරන බව තවදුරටත් මෙයින් නිගමනය විය.මෙම පර්යේෂණය මගින් ශාන්තිකර්ම ශිල්පියා ආතුරයා ප්‍රලය කිරීම සඳහා භාවිත කළ විධික්‍රම හඳුනා ගනිමින් ඒ පිළිබඳ තත් විෂය ක්ෂේත්‍රයෙහි ශිල්පීන්ට අවබෝදයක් ලබාදීම හා ශාන්තිකර්මයන් හි ගුණාත්මකභාවය පවත්වා ගැනීම වර්තමාන අවශ්‍යතාවයක් බව නිගමනය විය.මෙකී කරුණු කෙරේ ශාන්තිකර්ම ශිල්පීන්ගේ මෙන්ම තත් විෂය ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගේ අවධානය යොමු කරවීමේ අවශ්‍යතාවයක් ඇති බවත්,එය ශාන්තිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හේතු වන බවද වඩාත් ප්‍රත්‍යක්ෂ විය.en_US
dc.identifier.citationSampath Chanaka N.G. (2021), පහතරට ශාන්තිකර්මයන් හි ආතුරයා ප්‍රලය කිරීම සඳහා ශාන්තිකර්ම ශිල්පියා භාවිත කළ මෝහන විධික්‍රම, 21st Conference on Postgraduate Research International Postgraduate Research Conference 2021 (IPRC 2021), Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka. 28p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24915
dc.publisherFaculty of Graduate Studies - University of Kelaniya, Sri Lankaen_US
dc.subjectපහතරට ශාන්තිකර්ම, ආතුරයා ,ප්‍රලය කිරීම, ශාන්තිකර්ම ශිල්පියා,මෝහන විධික්‍රමen_US
dc.titleපහතරට ශාන්තිකර්මයන් හි ආතුරයා ප්‍රලය කිරීම සඳහා ශාන්තිකර්ම ශිල්පියා භාවිත කළ මෝහන විධික්‍රමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2021 28.pdf
Size:
358.79 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections