සිංහල භාෂාවේ නිපාත පදවල පරිණාමය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (ක්‍රි.ව. සත්වන සියවස සිට ක්‍රි.ව. දසවන සියවස තෙක් ලියැවී ඇති ග්‍රන්ථාගත ලේඛන ඇසුරෙන්)

dc.contributor.authorවීරවර්ධන, වී.ඒ.
dc.date.accessioned2022-06-20T10:32:29Z
dc.date.available2022-06-20T10:32:29Z
dc.date.issued2020
dc.description.abstractමෙම පර්යේෂණයේ දී මාතෘකා කරගන්නා ලද්දේ ක්‍රි.ව. 7 වන සියවස සිට ක්‍රි.ව. 10 සියවස තෙක් ලියැවී ඇති සිංහල ග්‍රන්ථාගත ලේඛනවල භාවිත නිපාත ආශ්‍රයෙන් සිංහල නිපාත පදයේ පරිණාමය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමයි. ඒ සඳහා උක්ත යුගයේ ලියැවී ඇති ග්‍රන්ථාගත ලේඛන වාර්තා වන සියබස්ලකර (ක්‍රි.ව. 807 - 823) ධම්පියා අටුවා ගැටපදය (ක්‍රි.ව. 908-918), සිඛවළඳ හා සිඛවළඳ විනිස (ක්‍රි.ව. 957 - 970) හා හෙරණසිඛ හා හෙරණසිඛ විනිස (ක්‍රි.ව. 957 - 970) යන ග්‍රන්ථවලින් ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් දත්ත සපයා ගන්නා ලදී. මෙම පර්යේෂණයේ අරමුණ වන්නේ සිංහල නිපාත පදයේ පරිණාමතා ලක්‍ෂණ හා සංස්ථිතික ලක්‍ෂණ වාග්විද්‍යාත්මකව විග්‍රහ කිරීමයි. භාෂාත්මක වශයෙන් ක්‍රි.ව. 7 සිට ක්‍රි.ව. 10 සියවස තෙක් කාල පරිච්ඡේදය වැදගත් වන්නේ, නූතන ඉන්දු ආර්ය භාෂාවක් වශයෙන් සිංහල බස ක්‍රමයෙන් ස්ථාවරත්වයට පත්වෙමින් සිටි යුගයක් ලෙස මෙම යුගය හඳුනාගත හැකි බැවිනි. මෙහිදත්ත විශ්ලේෂණය මූලික කොටස් සතරකින් යුක්තය. ශබ්දිම පරිණාමතා, පදිම පරිණාමතා, වාක්‍ය පරිණාමතා සහ අර්ථ පරිණාමතා වශයෙනි. ශබ්දිම පරිණාමතා යටතේ, නිපාතපදවල ශබ්දිම පද්ධතිය, ඒවායේ විස්තෘතිය හා මෙම යුගයේ සිදුව ඇති විශේෂ ශබ්දිම පරිණාමතා පිළිබඳව සාකච්ඡා කරන ලදී. පදිම පරිණාමතා යටතේ නිපාතපද පිළිබඳ පැරණි ඉන්දු ආර්ය හා මධ්‍ය ඉන්දු ආර්ය නිරුක්ති දැක්වීම. නිපාත පදිම සංස්ථිතිය හෙවත් නිපාත පද හා සම්බන්ධිත පූර්ව සර්ග හා අපර සර්ග වෙන් කොට හඳුනා ගැනීම, නිපාත පදිම විස්තෘතිය හඳුනාගැනීම පදිම පද්ධතිය ආශ්‍රිත විශේෂ පරිණාමතා ලක්‍ෂණ හඳුනා ගැනීම මෙන්ම නූතන සිංහල භාෂාව හා උක්ත නිපාත පදිම තුලනය කිරීමේදී නූතන සිංහලයේ අභාවිත නිපාත හඳුනාගැනීම දැක්විය හැකි වේ. නිපාත පදවල වාක්‍ය පරිණාමතා ලක්‍ෂණ වශයෙන් එම නිපාතවල විස්තෘතිය දැක්වීම හා මෙම යුගයට විශේෂ වූ පරිණාමතා ලක්‍ෂණ විශ්ලේෂණය කිරීම ද සිදුකරන ලදී. නිපාතපද සම්බන්ධ අර්ථ පරිණාමතා ලක්‍ෂණ අංශ පහක් යටතේ සාකච්ඡා කරන ලදී. එනම් අර්ථය සංරක්‍ෂණය වීම, අර්ථය සීමා වීම, අර්ථය ව්‍යාප්ත වීම, අන්‍යාර්ථයක් ගැනීම හා අර්ථය පූර්ණ පරිණාමයට පත්වීම යන කරුණු හඳුනාගත හැකි වේ. පර්යේෂණයෙන් එළඹී නිගමන නිපාතවල භාවිත ශබ්දිම පද්ධතිය හඳුනා ගැනීමත්, පදාන්ත හල් ව්‍යඤ්ජන සහිත නිපාතවල යෙදීම, සංයුක්ත ව්‍යඤ්ජන භාවිතය (ඇ) කාරයේ භාවිතය පිළිබඳ විශේෂ අවස්ථා, ච ඝ ජ බවට පත්වීම, ව/ය ශබ්ද ආදේශයෙන් සාධිත විශේෂ නිපාත, නිපාත ආශ්‍රිත සීමිත වරනැගීම් රටා, නිපාත සංස්ථිතිය ආශ්‍රයෙන් නූතනයේ අභාවිත ඇතැම් නිපාත පද රටා හඳුනාගැනීම. සමෝද්දේශාර්ථ වාක්‍ය රටා, ප්‍රශ්නාර්ථ නිපාත භාවිතයේ විශේෂතා, වාක්‍ය පද්ධතිය ආශ්‍රිතව අනාවරණය විය. අර්ථ පරිණාමතා අතර සමානාර්ථවත් නිපාත අනුයාතව යෙදීම, මූල භාෂාවලින් පරිණාමය වූ සිංහල නිපාත පදයේ අර්ථ සංරක්‍ෂණය වීම, ව්‍යාප්ත වීම, අර්ථය සීමා වීම මෙන්ම පූර්ණ අර්ථ පරිණාමයට ලක්වීම යන අවස්ථා අනාවරණය විය.en_US
dc.identifier.citationවීරවර්ධන, වී.ඒ.(2020), සිංහල භාෂාවේ නිපාත පදවල පරිණාමය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (ක්‍රි.ව. සත්වන සියවස සිට ක්‍රි.ව. දසවන සියවස තෙක් ලියැවී ඇති ග්‍රන්ථාගත ලේඛන ඇසුරෙන්), PhD Theses. University of Kelaniyaen_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24873
dc.subjectසිංහල නිපාත, මධ්‍ය සිංහල, ග්‍රන්ථාගත ලේඛන, වාග්විද්‍යාත්මක, භාෂා පරිණාමයen_US
dc.titleසිංහල භාෂාවේ නිපාත පදවල පරිණාමය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (ක්‍රි.ව. සත්වන සියවස සිට ක්‍රි.ව. දසවන සියවස තෙක් ලියැවී ඇති ග්‍රන්ථාගත ලේඛන ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
FGS-04-PhD-04-2013-03-AB.pdf
Size:
231.11 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: