ජපන් සහ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් විසින් ීභීහි භාවිත කරනු ලබන “ප්‍රශංසා” ප්‍රකාශන පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorපියුමි, කේ. පී. එච්.
dc.date.accessioned2022-06-02T06:25:29Z
dc.date.available2022-06-02T06:25:29Z
dc.date.issued2021
dc.description.abstractසමාජ මාධ්‍ය ජාල (මෙතැන් සිට SNS ලෙස හැඳින්වේ) යනු විශ්වවිද්‍යාලයීය සිසුන් අතර ජනප්‍රිය මුහුණට මුහුණ නොවන සන්නිවේදන ක්‍රමයකි. ප්‍රශංසා ප්‍රකාශන යනු අනෙක් පුද්ගලයා හෝ අනෙක් පුද්ගලයාට අදාළ “හොඳ” ලෙස හඳුනාගත හැකි දෙයක් ගැන ධනාත්මක ඇගයීමක් ලබා දීමෙන් අනෙක් පුද්ගලයා කෙරෙහි හිතකර හැඟීමක් ප්‍රකාශ කරන වාචික හැසිරීමකි. ඒ අනුව, වර්තමානයේ සැබෑ මානව ජීවිත සබඳතා ශක්තිමත් කිරීම සඳහා SNS හරහා “ප්‍රශංසා” ප්‍රකාශන භාවිත කරයි. ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු ජපන් විශ්වවිද්‍යාලයීය සිසුවෙකු සමඟ මුහුණට මුහුණ සන්නිවේදන ක්‍රමයකින් හෝ මුහුණට මුහුණ නොවන සන්නිවේදන ක්‍රමයකින් මිතුරන් වූ පසු, සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යාම සඳහා SNS භාවිත කරයි. කෙසේ වෙතත්, දෙරටෙහි පවතින සංස්කෘතිකමය වෙනස්කම් හේතුවෙන් ජපන් විශ්වවිද්‍යාල සිසුන් ීභී හි භාවිත කරන “ප්‍රශංසා” ප්‍රකාශන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ට නොතේරෙන නිසා, බොහෝ විට ශ්‍රී ලංකාව සහ ජපානය අතර හරස් සංස්කෘතික සන්නිවේදනයේ වැරදි වැටහීම් ඇතිවේ. ශ්‍රී ලාංකික සහ ජපන් විශ්වවිද්‍යාලය සිසුන් අතර (මිතුරන් අතර) SNS මත භාවිත කරන “ප්‍රශංසා” ප්‍රකාශන පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමට බලාපොරොත්තු වේ. මෙහිදී, ජපානයේ විශ්වවිද්‍යාලය සිසුන් අතර ජනප්‍රිය Line සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය සිසුන් අතර ජනප්‍රිය WhatsApp හි භාවිත වන “ප්‍රශංසා” ප්‍රකාශන අධ්‍යයන කිරීමට බලාපොරොත්තු වේ. දෙරටෙහිම සිසුන් අතර ජනප්‍රිය Facebook සහ Instagramහs භාවිත වන “ප්‍රශංසා“ ප්‍රකාශනද අධ්‍යයනය කරනු ලබයි. ශ්‍රී ලාංකික සහ ජපාන හරස් සංස්කෘතික සන්නිවේදනයේ ඇති වරදවා වටහාගැනීම් පිළිබඳ ගැටලුව විසඳීම සඳහා, ජපන් විශ්වවිද්‍යාලය සිසුන් සහ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලය සිසුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව SNS හි භාවිත වන “ප්‍රශංසා“ ප්‍රකාශනවල සමානතා සහ අසමානතා හෙළිදරව් කරගැනීම අරමුණ වේ. අධ්‍යයනයට අදාළ සමීක්ෂණය සිදු කිරීමේදී, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් 40 දෙනෙකු (පිරිමි 20 සහ කාන්තා 20) සහ ජපානයේ විශ්වවිද්‍යාලය සිසුන් 40 දෙනෙකු (පිරිමි 20 සහ කාන්තා 20) යොදාගෙන සිදු කෙරේ. Google Form මගින් ප්‍රශ්නාවලියක් සහ සම්මුඛ පරීක්ෂණයක් පවත්වයි. Google Form ප්‍රශ්නාවලිය Facebook සහ Instagram සඳහා භාවිත කෙරේ. සම්මුඛ පරීක්ෂණය Line සහ WhatsApp සඳහා භාවිත කෙරේen_US
dc.identifier.citationපියුමි කේ. පී. එච්. (2021), ජපන් සහ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් විසින් ීභීහි භාවිත කරනු ලබන “ප්‍රශංසා” ප්‍රකාශන පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 24p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24611
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectප්‍රශංසා ප්‍රකාශන, මුහුණට මුහුණ නොවන සන්නිවේදන ක්‍රමය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ මාධ්‍ය ජාල (SNS&" හරස් සංස්කෘතික සන්නිවේදනයen_US
dc.titleජපන් සහ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් විසින් ීභීහි භාවිත කරනු ලබන “ප්‍රශංසා” ප්‍රකාශන පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 24.pdf
Size:
138.55 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections