සයපෙති කුසුම සහ මලට නොඑන බඹරු චිත්‍රපට ඇසුරින් ලංකාවේ කුයර් සිනමාව පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorපමෝදා, කේ. වී. ඩී.
dc.date.accessioned2022-06-07T04:51:12Z
dc.date.available2022-06-07T04:51:12Z
dc.date.issued2021
dc.description.abstractකුයර් සිනමා (Queer cinema) ශෛලිය ලෝක සිනමාවේ ගොඩනැඟෙන්නේ 19වන සියවසේ අගභාගයේදීය. කුයර් සිනමාව මඟින් සමාජයේ වෙසෙන ස්ත්‍රී හෝ පුරුෂ ලෙස ලිංගික අනන්‍යතාව අහිමි වූ හා නිශ්චිත ලිංගික දිශානතියක් රහිත පුද්ගලයන් නියෝජනය කරන ලදි. විශේෂයෙන්ම කුයර් සිනමාව මඟින් සමාජයේ පිළිගත් ලිංගික සම්මුතීන්ගෙන් අපගමනය වූ පුද්ගලයන් කෙරෙහි ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැඟීමට උත්සාහ කළේය. දේශීය සිනමාව තුළ එය කෙතරම් දුරට සාක්ෂාත් කරගැනීමට හැකි වී ඇත්දැයි විමසුමට ලක්කිරීමට අපේක්ෂා කෙරේ. යම් සිනමා කෘතියක කතා වස්තුවට තේමා වී ඇති ප්‍රධාන චරිතවල ලිංගික දිශානතිය හෝ ලිංගික අනන්‍යතාව අනුව එය කුයර් සිනමාවට අයත්දැයි තීරණය කළ හැකිය. කුයර් සිනමාව යටතට අයත්වන අනු කොටස් කිහිපයක් ඇත. මූලිකවම සමලිංගික පුද්ගලයන්, ද්විලිංගික පුද්ගයන් සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් (LGBT – Lesbian, Gay, Bisexual, Transgender) පොදුවේ කුයර් ලිංගික පුද්ගල ගණයට අයත් වේ. මෙම කුයර් ලිංගික පුද්ගල චරිත හෝ කතා තේමා ප්‍රධාන කතා වස්තුවට තේමා කොටගත් චිත්‍රපට කුයර් සිනමාවට අයත් වේ. ලාංකික සිනමාවේ කුයර් සිනමා ප්‍රවේශය පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මේ සඳහා දේශීය චිත්‍රපට ද්විත්වයක් තෝරාගත් අතර ලංකාවේ ප්‍රථම කුයර් සිනමාපටය වන මලට නොඑන බඹරු සිනමාපටය සහ සයපෙති කුසුම සිනමාපටය මූලික කොටගෙන ගුණාත්මක දත්ත සහිත අධ්‍යයනයක් සිදුකිරීමට අපේක්ෂා කරයි. දේශීයව කුයර් සිනමා ශෛලියට අයත්වන සිනමාපට ඉතා අල්ප වන අතර දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය යන රාමුව තුළ කුයර් සිනමාව අභියෝගයට ලක් වී ඇත. මේ නිසා කුයර් සිනමා ප්‍රවේශයක් චිත්‍රපටයකට ලබාගැනීම සහ එය නිෂ්පාදනය මෙන්ම තිරගත කිරීමද අභියෝගාත්මක කරුණක් වේ. එබැවින් කුයර් සිනමාව මඟින් සමාජගත කිරීමට ප්‍රයත්න දරන ධනාත්මක ආකල්පය දේශීය වශයෙන් කෙතරම් සාර්ථකද යන්න කුයර් සිනමාපට සඳහා දායක වූ දේශීය ශිල්පීන්ගේ ගුණාත්මක දත්ත සහ ප්‍රේක්ෂකයන්ගේ ගුණාත්මක දත්තද ඇසුරින් විශ්ලේෂණය කිරීමට අපේක්ෂා කරයි.en_US
dc.identifier.citationපමෝදා කේ. වී. ඩී. (2021), සයපෙති කුසුම සහ මලට නොඑන බඹරු චිත්‍රපට ඇසුරින් ලංකාවේ කුයර් සිනමාව පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 66p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24656
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකුයර් සිනමාව, මලට නොඑන බඹරු, සයපෙති කුසුමen_US
dc.titleසයපෙති කුසුම සහ මලට නොඑන බඹරු චිත්‍රපට ඇසුරින් ලංකාවේ කුයර් සිනමාව පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 66.pdf
Size:
98.54 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections