මහායානයේ ප්‍රභවයට බලපෑ හේතු සාධක පිළිබඳ විමර්ශනයක්

dc.contributor.authorමධුෂාණි, එස්. ඩී. ඉරේෂිකා
dc.date.accessioned2022-06-06T06:53:28Z
dc.date.available2022-06-06T06:53:28Z
dc.date.issued2021
dc.description.abstractමහායානය ලොව පහළ වූ මුල් අවධියේදී “යාන” යන පදය යොදා තිබුණේ “ආගම” යන්න හැඳින්වීම සඳහා යොදාගත් “මග්ග” යන පදයට පර්යාය පදයක් ලෙසටය. බුද්ධත්වයම සසරින් එතෙර වීමට ඇති ධර්ම මාර්ගය බැවින්ද “මහායානය” නම් වේ. මහායානය නමින් නව සම්ප්‍රදායක් බිහිවීමෙහිලා බලපෑ හේතු සාදක මොනවාද? යන්න විමර්ශනය කිරීමේදී අභ්‍යන්තර හේතු සාධක සහ බාහිර හේතු සාධක වශයෙන් බෙදා දැක්විය හැකිය. මහායානයේ ආරම්භය සඳහා බලපෑ හේතු සාධක අතර අභ්‍යන්නර හේතු සාධකවලට ප්‍රධාන තැනක් හිමි වෙයි. මහායානය නම් වූ නව ආගමික සම්ප්‍රදාය ක්‍රි.ව. 01වන සියවසේදී පමණ ආරම්භ වූවා යැයි විශ්වාස කළද ඒ සඳහා බල පෑ හේතු සාධක බුදුන් වහන්සේගේ ජීවමාන කාලය දක්වා වූ ඈත අතීතයකට දිවයයි. මහායාන බුදුසමයේ මූල බීජ බුද්ධ කාලයේදීම ශාසනය තුළ වැඩෙමින් පැවති බව ධර්මය හා විනය තුළ සඳහන් වන කරුණු තුළින් සනාථ වෙයි. දේවදත්ත තෙරුන්ගේ ක්‍රියා කලාපය,, ඝෝෂිතාරාමයේ ධර්මධර විනයධර භික්ෂූන්ගේ ක්‍රියා කලාපය, සුනක්ඛත්ත, බහුභාණ්ඩික තිස්ස, ඡබ්බග්ගිය වැනි භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාප මඟින් බුද්ධ කාලයේ සිටම විනය පිළිබඳව දැක්වූ නව ආකල්ප වටහා ගත හැකිය. එමෙන්ම බුද්ධ චරිතය හා ධර්මය සම්බන්ධ ඇතැම් කරුණුද මහායානයේ ප්‍රභවයට හේතුවී ඇත. මහායාන බුදුසමයේ ප්‍රභවය උදෙසා බලපෑ බාහිර හේතු සාධක අතරට ජාත්‍යන්තර වශයෙන් සිදු වූ දේශපාලන බලපෑම්ද ඇතුළත් කළ හැකිය. විශේෂයෙන්ම ක්‍රි. ව. පළමුවන සියවසෙන් පසුව බුදුසමය දේශ දේශාන්තරයන්හි ව්‍යාප්ත වීමද මහායාන බුදුදහමේ උදාවට බලපෑ බාහිර බලපෑමක් ලෙස පෙන්වා දිය හැකිය. ඊට අමතරව මහායානයේ ප්‍රභවයට ප්‍රධාන සාධක තුනක් මුල් වී ඇති බව ඇතැමෙක් පවසති. නිකායාන්තර බුදුදහමේ බලපෑම, බුද්ධචරිතාපදාන සම්පාදනය වීම හා ඒවා ප්‍රචලිත වීම, ස්තූප වන්දනාව ජනප්‍රිය වීම යනාදියයි. මේ ආදි වශයෙන් වූ හේතු සාධක සමුදායක් මහායානයේ ප්‍රභවය සඳහා බලපා ඇති බව පෙනේ. මෙම හේතු සාධක පිළිබඳ විමර්ශනාත්මකව අධ්‍යයනයක් මෙම පර්යේෂණය මඟින් සිදු කෙරේ. මහායානයේ ප්‍රභවය සිදු වූ ආකාරය අනාවරණය කර ගැනීම මෙහි අරමුණයි. එය කාලීන ශාස්ත්‍රීය කාර්යභාරයකි. මෙම පර්යේෂණය මහායාන බුදුසමය පිළිබඳ උනන්දු වන්නන්ට තමන්ගේ දැනුම දියුණු කරගන්නට දායකත්වය සපයයි. එමෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයේ නියැලෙන විද්‍යාර්ථීන්ටද මෙය මඟ පෙන්වයි. සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය මෙහි පර්යේෂණ ක්‍රමවේදය වෙයි.en_US
dc.identifier.citationමධුෂාණි එස්. ඩී. ඉරේෂිකා (2021) මහායානයේ ප්‍රභවයට බලපෑ හේතු සාධක පිළිබඳ විමර්ශනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 49p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24639
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectමහායානය, මුල් බුදුසමය, නිකායාන්තර බුදුසමය, බුද්ධ චරිතාපදන, ස්තූප වන්දනාවen_US
dc.titleමහායානයේ ප්‍රභවයට බලපෑ හේතු සාධක පිළිබඳ විමර්ශනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 49.pdf
Size:
98.96 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections