පත්තිනි දේව සංකල්පය හා බැඳි කලස් වෙන් කිරීම

dc.contributor.authorලක්ෂාන්, ඒ. ඩබ්ලිව්. ඒ. චමීර
dc.date.accessioned2022-06-03T05:44:32Z
dc.date.available2022-06-03T05:44:32Z
dc.date.issued2021
dc.description.abstractදරුවන් නොමැති කාන්තාවන් හා යහපත් දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් වෙනුවෙන් සිදු කරන ශාන්තිකර්ම අතීතයේ සිටම පැවත එයි. ඉහත අරමුණු හේතුකොටගෙන පවත්වනු ලබන ප්‍රදේශීය යාතුකර්මයක් ලෙස පත්තිනි ශාන්තිය හඳුන්වයි. එහි එන එක් අංගයක් වන කලස් වෙන් කිරීම නම් යාතුකර්මයෙහි පත්තිනි දේව සංකල්පය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මුඛ්‍ය අරමුණ වේ. මෙම පර්යේෂණය විමර්ශනය කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා උපයෝගී කරගනු ලැබේ. පත්තිනි ශාන්තියේ එන, වසරේ එක් කාලයකදී සිදුකරන කලස් වෙන් කිරීම නම් යාතුකර්මය දරුවන් නොමැති කාන්තාවන් සඳහා සිදුකරනු ලබන අතර ප්‍රදේශීය වශයෙන් මේ හා සමාන ශාන්තිකර්ම රාශියක් විවිධ ප්‍රදේශයන්හි දක්නට ලැබේ. මෙම පර්යේෂණය සිදුකරනු ලබන්නේ මීගමුව, හලාවත ප්‍රදේශයේ දක්නට ලැබෙන කලස් වෙන් කිරීම නම් යාතුකර්මය පිළිබඳවය. පත්තිනි ශාන්තිය නම් යාතුකර්මය පිළිබඳව විමසීමේදී මෙය ඉන්දියාවෙන් පැවත එන්නක් බවට විවිධ මත පවතී. දරුවන් නොමැති කාන්තාවන් සඳහා සිදුකරනු ලබන යාතුකර්ම භාරතයේ බොහෝ ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර, මලයාලම් පරම්පරාවෙන් පැවත එන්නවුන් මෙම කලස් වෙන් කිරීමේ යාතුකර්මය පැවැත්වූ බව ඇදුරන් හා ජනප්‍රවාදයේ කියැවේ. කාලයක් පුරාවට ඔවුන් ලංකාවේ වාසය කිරීමෙන් මේ සඳහා දේශීය යාතුකර්මීය ලක්ෂණද මුසු කරගෙන ඇත. ඒ අනුව පහතරට නර්තන සම්ප්‍රදායේ යක් බෙරය භාවිත කරමින්, පත්තිනි කෝල්මුර කවි ගායනා කරමින් මෙම යාගය සිදු කරයි. මෙහිදී මූලික වශයෙන් පුද ලබන්නේ පත්තිනි දේවියයි- කලස් වෙන් කිරීම නම් යාගයේදී පත්තිනි දේව සංකල්පය මෙහි මූලික අරමුණ සාක්ෂාත් කරගැනීම කෙරෙහි කොතෙක් දුරට ඉවහල් වේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුවයි.en_US
dc.identifier.citationලක්ෂාන් ඒ. ඩබ්ලිව්. ඒ. චමීර (2021), පත්තිනි දේව සංකල්පය හා බැඳි කලස් වෙන් කිරීම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 39p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24626
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකලස් වෙන් කිරීම, පත්තිනි දේව සංකල්පය, යාතුකර්මen_US
dc.titleපත්තිනි දේව සංකල්පය හා බැඳි කලස් වෙන් කිරීමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 39.pdf
Size:
112.84 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections