බ්‍රිතාන්‍ය පාලන අවධියේ ස්වදේශික ජනතාවගේ සෞඛ්‍ය සේවා සහ රෝග නිවාරණය (ක්‍රි.ව.1796 සිට 1815 දක්වා)

dc.contributor.authorදිල්හානි, ඒ.
dc.date.accessioned2023-02-03T06:01:17Z
dc.date.available2023-02-03T06:01:17Z
dc.date.issued2022
dc.description.abstractක්‍රි.ව. 1796 දී මෙරට මුහුදුබඩ පළාත්වල පාලන බලය අල්ලාගත් බි්‍රතාන්‍යයන්ට මුහුණ දීමට සිදු වූ ප්‍රධාන අභියෝගයක් වූයේ දිවයින තුළ ව්‍යාප්තව පැවැති ලෙඩ රෝග හා වසංගතයි. බි්‍රතාන්‍යයන්ට මෙරට තුළදී ආගන්තුක වු රෝග බොහොමයක් ස්වදේශීක ජනතාව අතර ව්‍යාප්තව තිබුණි. එම රෝග අතර උණ, පාචනය, අතීසාරය, ලාදුරු, ආමාශය සම්බන්ධ වැනි රෝග ප්‍රධාන තැනක් ගත් අතර බි්‍රතාන්‍යයන් මුහුදුබඩ පළාත්වල බලය ලබාගත් මුල් අවධියේ සිටම වසූරිය, වසංගතයක් ලෙස ව්‍යාප්තව තිබුණි. මෙම වසූරිය වසංගතය බි්‍රතාන්‍යයන්ට ප්‍රධාන අභියෝගයක් වුවත් ස්වදේශික ජනතාව අතර කලක සිට ව්‍යාප්තව පැවැති රෝගයකි. කෙසේනමුදු ස්වදේශිකයන් දේශීය වෛද්‍ය ක්‍රමයකට හුරු පුරුදුව සිටි පිරිසක් වූ නිසා තමන්ට වැළදුණ රෝගවලට ප්‍රතිකාර අවට පරිසරය තුළින් මෙන් ම බලි තොවිල් වැනි විශ්වාස හා මිථ්‍යා මත අනුගමනය කරමින් සුව කර ගැනීමට පෙළඹුණහ. වසූරිය රෝගය දේශීය ජනතාව මගින් තම යුධ හමුදාවට විශාල බලපෑමක් එල්ල වනු දුටු බි්‍රතාන්‍යයන් වසූරිය බෝවීම වැළැක්වීම සඳහා එන්නත් කිරීම ආරම්භ කළේය. ඒ අනුව වසූරිය වැළදුණ ජනතාව එන්නත් කිරීමේ ක්‍රියාවලිය 1802 දී මුහුදුබඩ පළාත්වලට හඳුන්වා දෙන ලද අතර උඩරට ජනතාව සඳහා වසූරිය රෝගය වැළැක්වීම සදහා එන්නත් කිරීම ආරම්භ වූයේ 1816දී ය. එමෙන්ම බි්‍රතාන්‍යයන් පවිත්‍රතාවයට මුල් තැන දෙමින් කොළඹ නගරය විධිමත් සැලැස්මකින් යුතුව පවත්වාගෙව යාමට කටයුතු කරන ලදී. එහිදී ස්වදේශික ජනතාව අතර රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් කොළඹ කොටුව සහ කොළඹ නගරය තුළ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාවක් පැනවූ අතර එම ව්‍යවස්ථාවට අනුව ප්‍රසිද්ධ වීදීවල කුණු කැලි කසළ දමන ඕණැම පුද්ගලයෙකුට රික්ස් ඩොලර් දෙකක් දඩ ගැසිය යුතු බවත් නැතහොත් දින 14 සිර දඬුවමකට යටත් කිරීමට නියෝග කරන ලදී. මේ අනුව බි්‍රතාන්‍යයන් තම පාලන කාලයේ මුල් අවධිය තුළ මෙරට ස්වදේශික ජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂණය සම්බන්ධ රෝග නිවාරණ කටයුතුවලදී අනුගමනය කළ විධික්‍රම පිළිබදව විමශර්ණය කිරීම මෙම අධ්‍යයනයේ අරමුණ වේ. මෙහිදී බි්‍රතාන්‍යයන් විධිමත් නාගරික සැලැස්මක් හා සනීපාරක්‍ෂක රෙගුලාසි පැනවීම ආදිය අනුගමනය කරන්නට ඇත්තේ තම යුරෝපීය ජාතිකයන්ගේ සහ යුධ හමුදාවේ සෞඛ්‍යය යහපත් මට්ටමින් පවත්වාගෙන යාම සඳහා බවත් එමෙන් ම ස්වදේශීක ජනතාව අතර සුලභ වශයෙන් පැවතුණ ලෙඩ රෝග හා වසංගත සඳහා නිසි සෞඛ්‍යාරක්‍ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ බි්‍රතාන්‍යයන් විසින් බවත් පැහැදිලිය. මෙහිදී ප්‍රාථමික මූලාශ්‍රයය වශයෙන් විවිධ බි්‍රතාන්‍ය නිලධාරීන් හා ඉංග්‍රීසි ජාතිකයන් ලංකාව පිළිබඳව ස්වකීය අත්දැකීම් අළලා රචනා කරන ලද ග්‍රන්ථ, බි්‍රතාන්‍ය නිල වාර්තා, පරිපාලන වාර්තා, සැසි වාර්තා සහ ද්විතියික මූලාශ්‍රයය මගින් කරුණු එක්රැස් කිරීම තුළින් මෙම අධ්‍යයනය සිදු කරනු ලැබේ.en_US
dc.identifier.citationදිල්හානි ඒ. (2022), බ්‍රිතාන්‍ය පාලන අවධියේ ස්වදේශික ජනතාවගේ සෞඛ්‍ය සේවා සහ රෝග නිවාරණය (ක්‍රි.ව.1796 සිට 1815 දක්වා), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 77.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25908
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectබ්‍රිතාන්‍යයන්, ස්වදේශික, වසංගත, ලෙඩ රෝග, වසූරියen_US
dc.titleබ්‍රිතාන්‍ය පාලන අවධියේ ස්වදේශික ජනතාවගේ සෞඛ්‍ය සේවා සහ රෝග නිවාරණය (ක්‍රි.ව.1796 සිට 1815 දක්වා)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 77.pdf
Size:
205.12 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections