ලාංකික සමාජයේ ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙෂ සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීම

dc.contributor.authorබණ්ඩාර, ආර්. එම්. එන්. යු.
dc.date.accessioned2022-06-06T07:56:48Z
dc.date.available2022-06-06T07:56:48Z
dc.date.issued2021
dc.description.abstractයුරෝපය පුරා පැතිරුණු ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රය වර්තමානයේදී ශ්‍රී ලාංකාවේද සමාජගතව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. නමුත් ලාංකික සමාජයේ ග්‍රැෆික් ශිල්පීන්ට වෘත්තිකයෙකු ලෙස ස්ථාවර වීමට අවස්ථාවන් සොයා ගැනීමේ අපහසු තත්වයක් දක්නට ලැබේ. වාණිජමය වශයෙන් හා මහා පරිමාණයෙන් ආයතනානුබද්ධව සංවිධානය වන පිරිසට වඩා ස්වාධීන වෘත්තිකයකු ලෙස සමාජගත වීම අසීරු තත්වයක් පෙන්වයි. ප්‍රධාන වශයෙන් මෙවැනි කටයුත්තක් සඳහා ප්‍රචාරණ මාධ්‍යක් අවශ්‍ය වේ. ඒ සඳහා වර්තමානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වන ෆේස්බුක් මාධ්‍ය යොදාගැනීම දක්නට ලැබේ. ඒ මඟින් පුළුල් පිරිසකට තම නිර්මාණ හැකියාවන් ඉදිරිපත් කිරීමට හා වාණිජ, ව්‍යාපාරික කටයුතු සඳහා සම්බන්ධ වීමට හැකියාව ලැබේ. නමුත් ශිල්පීන්ට ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් ග්‍රැෆික් ක්ෂේත්‍රයේ තම අනන්‍යතාව ගොඩනඟා ගැනීම හා වෘත්තිකයෙකු ලෙස ස්ථාවරවීමේදී ගැටලු, අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම අධ්‍යයනයේ අරමුණ නම් ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙස සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීමයි. පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යයනය සඳහා ෆේස්බුක් මාධ්‍යයෙහි දැනට ක්‍රියාත්මක වන ග්‍රැෆික් ක්ෂේත්‍රය අධ්‍යයනය කරන සමූහ තුනක් යොදා ගෙන එහි සාමාජිකයන් ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. එසේම නිර්මාණ රසවිඳින්නන් හා පාරිභෝගිකයන් තුන්සියය ඉක්ම වූ ග්‍රැෆික් සම්බන්ධ පිටු පවත්වාගෙන යන පුද්ගලයන් තිස් දෙනෙක් තෝරාගෙන එම පිටුවල අන්තර්ගතයන් අධ්‍යයනය කිරීම හා ඔවුන් සම්බන්ධ කරගෙන එම ශිල්පීන් මුහුණ දෙන ගැටලු, ව්‍යාපාර ප්‍රවර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග හා ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්නාවලි ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට නියමිතය. මේ සඳහා ලාංකේය පුද්ගලයන් සම්බන්ධ සමූහ හා පිටු යොදාගනු ලැබේ. මෙම අධ්‍යයනයෙන් ග්‍රැෆික් ක්ෂේත්‍රයට ලැදි, හැකියාව සහිත ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ වෘත්තිකයෙකු ලෙෂ ක්ෂේත්‍රයේ අවස්ථා උදාකරගැනීමට හා ස්ථාවර වීමට උත්සාහ කරන නව ග්‍රැෆික් ශිල්පියෙකුට ඇතිවන ගැටලු අවම කර ගැනීමට මෙන්ම ඒවාට යොදාගත හැකි පිළියම් මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීම පර්යේෂණයෙහි අරමුණයි.en_US
dc.identifier.citationබණ්ඩාර ආර්. එම්. එන්. යු. (2021), ලාංකික සමාජයේ ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙෂ සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 56p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24646
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectගැටලු, ග්‍රැෆික් ශිල්පියා, ව්‍යාපාරික කටයුතු, වෘත්තිකයා, ෆේස්බුක් මාධ්‍යen_US
dc.titleලාංකික සමාජයේ ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙෂ සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීමen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 56.pdf
Size:
108.32 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections