හැරී පෝටර් සිනමා නිර්මාණයේ වර්ණ භාවිතය

dc.contributor.authorපබසරා, එස්. ඒ. මනීෂා භවානි
dc.date.accessioned2022-06-07T06:10:42Z
dc.date.available2022-06-07T06:10:42Z
dc.date.issued2021
dc.description.abstractනිර්මාණයක සාර්ථකත්වයට වර්ණ භාවිතය වර්ණ සංයෝජනය ඉතා වැදගත් වේ. වර්ණ භාවිතයෙහි මනෝවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක පැතිකඩයන් ඇත. එමෙන්ම සිනමාවටම ආවේණික වූ නිර්මාණාත්මක ගති ලක්ෂණ මතු කිරීමටද නිර්මාණශීලී කියවීමකටද අපව රැගෙන යයි. පරිපූර්ණ වර්ණ සංයෝජනයක් සිදුකිරීමට නිර්මාණකරුවන් සහ කලාකරුවන් වර්ණ න්‍යාය භාවිත කරයි. වර්ණ න්‍යායන්ට අනුව යමින් හැරීපෝටර් චිත්‍රපට මාලාවේ මුල සිට අගට ගලා යන ප්‍රස්තුතයට ගැළපෙන ආකාරයට ප්‍රේක්ෂකයාගේ හැඟීම් උද්දීපනය කරමින් කර ඇති වර්ණ සංයෝජනය පිළිබඳ මෙහිදී කතිකාවට බඳුන් කෙරේ. මෙම කොටස් 7කින් යුත් හැරීපෝටර් චිත්‍රපට මාලාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම වර්ණ භාවිතයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. එම වර්ණ වෙනස ප්‍රේක්ෂකයාගේ රසවින්දනයට කෙතරම් බලපා තිබෙන්නේද යන කාරණය පිළිබඳ අවධානය යොමු කර ඇත. ප්‍රේක්ෂකයන් දැඩි ලෙස චිත්‍රපටයට ආකර්ෂණය වීමට හැරීපොටර් චිත්‍රපටයේ වර්ණ භාවිතය ප්‍රබලව බලපා ඇති බව ප්‍රේක්ෂකාගාරයට පෙන්වීම පර්යේෂණයෙහි අපේක්ෂාවයි. ප්‍රේක්ෂකයන් බොහෝදෙනෙකු සිනමා නිර්මාණ රසවින්දනය විෂය කොටගෙන ඒවා නැරඹුවද නිර්මාණකරුවා වර්ණ භාවිතයෙන් ප්‍රේක්ෂකයන් වෙනමම කියැවීමකට රැගෙන යන බව මෙම පර්යේෂණය කර නිගමනයන්ට එළඹීමට සූදානම්ය. අප අවට තිබෙන්නේද වර්ණය. නමුත් වර්ණ අපගේ ජීවිතවලට කොතරම් බලපාන්නේද යන්න වැටහීමකට ලක්කිරීමට මෙම පර්යේෂණයෙන් බලාපොරොත්තු වේ. වර්ණ භාවිතයේ ප්‍රබලත්වය, ඒවා චරිතවලට ආරෝපණය කිරීමේ වැදගත්කම යන ආකාර පිළිබඳ ප්‍රේක්ෂකයා දැනුවත් වීමෙන් ඔවුන්ගේ නිර්මාණාත්මක සිනමා කියවීම වැඩි වර්ධනය වේ. එයින් අපට අපගේ ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන ගමනේ රුකුලක් වීමට හැකිවනු නොඅනුමානයි. එමෙන්ම ඉහත සඳහන් පර්යේෂණය සඳහා තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද ලෙස නිර්මාණකරුවන්ගේ අදහස් අන්තර්ජාලය ඇසුරෙන් අධ්‍යයනය කිරීම හැරී පෝටර් ප්‍රේක්ෂකාගාරයට ප්‍රශ්නාවලියක් යොමු කිරීම සහ සාහිත්‍ය විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වේ.en_US
dc.identifier.citationපබසරා එස්. ඒ. මනීෂා භවානි (2021), හැරී පෝටර් සිනමා නිර්මාණයේ වර්ණ භාවිතය, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 73p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24663
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectහැරී පෝටර්, ප්‍රේක්ෂකයා, වර්ණ සංයෝජනය, පර්යේෂණය, චිත්‍රපටයen_US
dc.titleහැරී පෝටර් සිනමා නිර්මාණයේ වර්ණ භාවිතයen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 73.pdf
Size:
98.74 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections