කුංචුට්ටු කෝරළයේ පිහිටි වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ ජනශ්‍රැති අධ්‍යයනයක්

dc.contributor.authorඅමරසිංහ, ආර්. ඩී. ඒ. ඉෂාරා තරංගනී
dc.date.accessioned2022-06-01T07:47:43Z
dc.date.available2022-06-01T07:47:43Z
dc.date.issued2021
dc.description.abstractජනශ්‍රැතිය පිළිබඳ ඇති තෘප්තියත් කුංචුට්ටු කෝරළය මා අයත් ජාතග්‍රාමය පිහිටි කෝරළය වීමත් මෙහිදී වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ මෙතෙක් ජනශ්‍රැති අධ්‍යයනයක් සිදුව නොපැවතීමත් මෙම පර්යේෂණයේ යෙදීමට හේතු විය. කුංචුට්ටු කෝරළයේ ජනතාව අතරින් බොහෝ දුරට ඉවත්ව ගිය ප්‍රදේශීය දෙවිවරුන් අතර අතීතයේ වැදගත් ස්ථානයක් හිමිකරගත්, වර්තමානයේ කඩින් කඩ දක්නට ලැබෙන දේව විශ්වාසයක් වශයෙන්ද මෙම දේව සංකල්පය හැඳින්විය හැකිය. වන්නි බංඩාර දෙවියන්ගේ උපත පිළිබඳ සඳහන් කරන්නේ නම් මෙම දෙවි වියලුවේ ගබඩා ගමේ උපන්නෙකි. ඔහු උපන් ස්ථානය හුනුකැටේ ගෙදර නම් විය. එමෙන්ම කුංචුට්ටු කෝරළේ ජනතාව අතර මුඛපරම්පරාගතව කිසිදු තොරතුරක් වාර්තා නොවේ. දඩයම් පිණිස කැළෑ වදින දඩයක්කාරයන්ගේ ආරක්ෂාව සපයන දේවතාවා වශයෙන් වන්නියේ බණ්ඩාර හෙවත් කඩවර දෙවියන් උදෙසා කැලේට ප්‍රවේශ වන විට ලේ ගොටුවක් තබා බෝල්පනා කොළ අත්තක් කඩා එල්ලා ආරක්ෂාව පැතීම සිරිතක් බව ගැමියන්ගෙන් අසා දැනගන්නට ලැබුණි. හේන් ගොවියෝ විශේෂයෙන් අලින් ඇතුළු වල් සතුන්ගෙන් පැමිණෙන උවදුරු වළකාලීමටද දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරති. මෙම සංකල්පය වටා චාරිත්‍ර-වාරිත්‍ර කිහිපයකි. මෙම දෙවියන්ට දේවාලයක් නොමැති අතර විමන් වාසස්ථාන වේ. ලැබීම් ලබා ගැනීමට වඩා යාතිකාවට පිහිට වන දෙවි කෙනෙකි. බුලත් 7, පුවක් 7, පොල්ගෙඩිය, හාල් සේරුව රැගෙන යන අතර එයින් “තනි හැළියේ කිරිබත්” උයනු ලබයි. වෙනම හැන්දක්, භාජනයක්, මුට්ටියක් මේ සඳහා යොදා ගනී. අවසානයේ කිරිබත් සමකොට මැදින් ඉරක් යොදනු ලබන අතර බෝල්පනා කොළමත කිරිබත් හැළිය තබයි. නිවසින් පිටවෙන විට නිවසේ සාමාජිකයන් ස්නානය නොකරයි, පොල් නොබිඳියි, ශබ්ද නඟා කහ තැලීම නොකරයි. එමෙන්ම කැලේට ගිය පසු අපේ වචන කිසිවක් භාවිත නොකරයි. එපමණක් නොව මුඩිප්පු බැඳිම, පොල් උඩ තැබීම, හාල් උඩ තැබීම, ඉහකඩ පූජාව යනාදි අභිචාර විධි ද දැකිය හැකිය. සංස්කෘතික අගය විදහා දැක්වීමේදී දේව සංකල්පය වටා ගොඩනැඟී ඇති උත්සව, දේව මංගල්‍යය, කිරි ඉතිරුම් මංගල්‍යය, වැදගත් තැනක් ගනී. මුඛපරම්පරාගත විස්තරාත්මක කතා පුවත් මඟින් ගරුත්වයක් නොමැති විට දෙවියන් සතු තේජෝ බල පරාක්‍රමය මඟින් අපරාධකරුවන්ට එවිගසම විපත් පැමිණ වූ ආකාරය පැවසිණි. දේව සංකල්පය වටා ජනකතා, ජනකවි, කෝල්මුර ගොඩනැඟී තිබේ. බෞද්ධයන් විශාල ප්‍රමාණයක් ජීවත්වන ජනතාව අතර මුල් බැසගත් පුද ලබන දේව සංකල්පයක් ලෙස ජනශ්‍රැති තොරතුරු මත විවරණය වේ. ක්ෂේත්‍ර පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණ මත සිදුකළ ජනශ්‍රැති අධ්‍යයනයකි.en_US
dc.identifier.citationඅමරසිංහ ආර්. ඩී. ඒ. ඉෂාරා තරංගනී (2021කුංචුට්ටු කෝරළයේ පිහිටි වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ ජනශ්‍රැති අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 11p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24598
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅයියනායක දෙවි, කඩවර කෝල්මුර, කඩවර දෙවියෝ, වන්නි කෝල්මුර,වන්නි බණ්ඩාර දෙවියන්en_US
dc.titleකුංචුට්ටු කෝරළයේ පිහිටි වන්නි බංඩාර දේව සංකල්පය පිළිබඳ ජනශ්‍රැති අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 11.pdf
Size:
100.72 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections