සදාචාර කාංසාව සුවපත් කිරීමෙහිලා සාමඤ්ඤඵල සූත්‍රයෙහි අන්තර්ගත චිකිත්සා ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorජයරත්න එච්., කේ. ඩී. පී. ඩී.
dc.date.accessioned2022-06-07T04:45:00Z
dc.date.available2022-06-07T04:45:00Z
dc.date.issued2021
dc.description.abstractපෙළ දහමෙහි බුදුරජාණන් වහන්සේව “භිසක්කො” සහ “සල්ලඛත්තො” යන වචනද්වයෙන් හඳුන්වාදී තිබේ. “භිසක්ක” යන යෙදුම භාවිත කිරීමේ වැදගත්කම වූයේ සර්වාංග වෛද්‍යවරයෙක් රෝගියා, රෝග ස්වභාවය, ප්‍රතිකාරය නිශ්චිතව හඳුනා ගන්නේ කෙසේද එසේම බුදුන් වහන්සේද මානසික ගැටලුව නිශ්චිතව හඳුනාගෙන එය නිරාකරණය කිරීම සඳහා සුදුසු ප්‍රතිකාරමය ක්‍රමවලට යොමු වී තිබීම නිසාය. බුදුරජාණන් වහන්සේ මනෝ රෝග චිකිත්සකයකුට වඩා මනෝ උපදේශකවරයකු වශයෙන් විවිධ පුද්ගලයන්ගේ මානසික ගැටලු නිරාකරණය කර ඇත. අජාසත්ත රජු සමාජයේ පිළිගත් සදාචාර පද්ධතියක් බිඳ හෙළීම නිසා සදාචාර කාංසාවෙන් පෙළුන බව මූලාශ්‍රය අධ්‍යයනයෙන් හඳුනාගත හැකිය. අජාසත්ත, අංගුලිමාල, කිසාගෝතමී, පටාචාරා යන සේවාලාභීන්ගේ ගැටලු අතිශයින් සංකීර්ණ නිසා එම ගැටලු නිරාකරණයේදී උපදේශනය පමණක් ප්‍රමාණවත් නොවන බව හඳුනා ගත හැකි කාරණයකි. මානසික ගැටලුවකින් පෙළෙන පුද්ගලයකු උපදේශකයකු ළඟට පැමිණි විට උපදේශකයා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් පවතී. එහි සාගතවාදී, පුබ්බභාසී, උත්තානමුඛ, සඛිලො සම්මෝදකෝ, අම්භාකුටිකෝ එම පියවරයන්ය. බෞද්ධ උපදේශනය සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා යන ක්‍රියාවලියට අනුව සිදු කරයි. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව තදංග, වික්ඛම්බන, සමුච්ඡේද වශයෙන් ගැටලුවක් නිරාකරණය කරන ආකාර තුනකි. බුදුන් වහන්සේ අජාසත්ත රජුගේ සදාචාර කංසාව සඳහා ශීල, සමාධි, ප්‍රඥා යන චිකිත්සකමය ප්‍රතිකාරයන් භාවිත කර ඇත. ශීල, සමාධි, ප්‍රඥා යන මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයන් බටහිර මනෝවිද්‍යාවේ පෙන්වා දෙන ප්‍රධාන චිකිත්සා ක්‍රම තුනටද සමාන වන බව පෙන්වා දිය හැකිය. පර්යේෂණය සඳහා ප්‍රමුඛ ප්‍රාථමික මූලාශ්‍රය වශයෙන් දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයේ එන සාමඤ්ඤඵල සූත්‍රය සේම මේ හා සම්බන්ධව ලියූ පර්යේෂණාත්මක ලිපි මෙන්ම විවිධ විද්වත් මත ආදි ද්විතීයික මූලාශ්‍රයන්ද උපයෝගී කරගනිමින් අදාළ දත්ත රැස්කර ගැනීම සිදුකර ඇත. පර්යේෂණය සිදු කළ විමර්ශනාත්මක තොරතුරුවල සමස්ත අධ්‍යයනයට අනුව අජාසත්ත රජුගේ සදාචාර කාංසාව සුවපත් කිරීමේදී බුදුන් වහන්සේගේ මැදිහත් වීම ඒක කේන්ද්‍රීය එළඹුමකට පමණක් සීමා නොවුණ අතර බහු පාර්ශ්වීය එළඹුම් ඇසුරෙන් අදාළ ගැටලුව නිරාකරණය කර ඇති බව සාමඤ්ඤඵල සූත්‍රයට අනුව හඳුනාගත හැකි බව සහේතුකව නිගමනය වේ.en_US
dc.identifier.citationජයරත්න එච්. කේ. ඩී. පී. ඩී. (2021) සදාචාර කාංසාව සුවපත් කිරීමෙහිලා සාමඤ්ඤඵල සූත්‍රයෙහි අන්තර්ගත චිකිත්සා ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 65p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24655
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅජාසත්ත රජු, චිකිත්සක ක්‍රම, බෞද්ධ උපදේශනය, සදාචාර කාංසාව, සාමඤ්ඤඵල සූත්‍රයen_US
dc.titleසදාචාර කාංසාව සුවපත් කිරීමෙහිලා සාමඤ්ඤඵල සූත්‍රයෙහි අන්තර්ගත චිකිත්සා ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 65.pdf
Size:
100.16 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections