අපරාධ මර්දනයෙහිලා රජයේ වගකීම පිළිබඳ බෞද්ධ විග්‍රහය (කූටදන්ත සූත්‍රය ඇසුරෙන්)

dc.contributor.authorරාජපක්‍ෂ, ඩබ්ලිව්.ඒ. නදීෂා මධුෂානි
dc.date.accessioned2022-06-01T05:03:36Z
dc.date.available2022-06-01T05:03:36Z
dc.date.issued2021
dc.description.abstractසමාජමය වශයෙන් පවත්නා අගයන් ධර්මතාවන් බිඳදමමින් සමාජ සම්මතයට පටහැනි චර්යාවන්හි නියුක්ත වීම අපරාධ (Crimes) ලෙස හැඳින්වේ. අපරාධ ඇති වන්නේ මනෝවිද්‍යාත්මක හා සමාජ සංස්ථාගත හේතු සාධක කරණ කොටගෙනය. දීඝ නිකායේ කූටදන්ත සූත්‍රයට අනුව අපරාධ ඇති වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ දරිද්‍රතාවයි. දරිද්‍රතාව නිසා සොරකම් කිරීම, අවි ආයුධ පරිහරණය, ප්‍රාණඝාතය, කාමමිථ්‍යාචාරය, බොරු කීම, කලකෝලාහල වැනි බොහෝ විෂමාචාර ක්‍රියාවන් සමාජයේ ඇති වේ. සමාජයේ ඇති වන එවැනි ක්‍රියා මර්දනයට විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත් වීම අවශ්‍ය වන අතර එහිදී රජයේ මැදිහත් වීම කේන්ද්‍රගත සාධකයක් බවට පත් වේ. වැරදිකරුවන්ට දඬුවම් ලබාදී විෂමාචාර ක්‍රියාවන් සමාජයෙන් මුලිනුපුටා දැමිය නොහැකි වන අතර ඒවායේ මූල සාධක වටහා ගෙන බුද්ධිමත්ව පියවර ගැනීමට රජයක් වගබලා ගත යුතුය. සමාජයේ ඇති වන අපරාධ වළක්වාලීමට නම් පළමුව එරට ආර්ථික සමෘද්ධිය රජය විසින් ඇති කළ යුතුය. ජනතාවගෙන් සාධාරණව බදු අය කරමින් ඒවා ජනතා සුබ සිද්ධිය පිණිසම යොදවමින් රාජ්‍යයේ කෘෂිකාර්මික, කාර්මික, වාණිජ, රාජ්‍ය සේවය යනාදි අංශ කෙරෙහි මෙන්ම ස්වකීය ශක්තියෙන් නැඟී සිටීමට නොහැකි පිරිස් කෙරෙහි ද අවධානය යොමු කරමින් වැඩ කළ හැකි පිරිස ද නිෂ්පාදන ක්‍රියාවලියට යොදවමින් රටේ ආර්ථිකය ස්වයංපෝෂිත කිරීමට රජයක් පියවර ගැනීමෙන් සමාජයේ අපරාධවලින් තොරව සාමකාමීව ජීවත් වීමට ඉඩහසර ලැබේ. රටක සදාචාර සම්පන්න වටපිටාවක් ගොඩනැඟීමේ මූලික වගකීම රජයක් වෙත පැවරෙන හෙයින් ඒ සඳහා රටේ පොදු ආර්ථික ප්‍රශ්න සැලසුමක් මඟින් විසඳමින් නිශ්චිත ගලායන ආර්ථික සංවිධානයක් සහිතව ජනතාවගේ ගැටලුවලට ද විසඳුම් ලබා දෙමින් පාලකයා ලෙස තමා ද ජනතාවට ආදර්ශවත් වන ලෙස ධාර්මික පාලනයක් ගෙන යා යුතුය. රජයක් විසින් ධාර්මිකව පාලන කටයුතු මෙහෙයවමින් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට වගබලා ගැනීමෙන් මුළු මහත් සමාජය තුළම අපරාධවලින් තොර වූ සාමකාමී සුඛිත මුදිත වටපිටාවක් ගොඩනැඟෙනු ඇත. ඒ අනුව මෙම පර්යේෂණය මඟින් සමාජය තුළ අපරාධවලින් තොර වූ සදාචාර සම්පන්න වටපිටාවක් ගොඩනැඟීම සඳහා රටක රජයක් සතු වගකීම බුදුදහමට අනුව පෙන්වා දීම අපේක්‍ෂා කෙරේ.en_US
dc.identifier.citationරාජපක්‍ෂ ඩබ්ලිව්.ඒ. නදීෂා මධුෂානි (2021), අපරාධ මර්දනයෙහිලා රජයේ වගකීම පිළිබඳ බෞද්ධ විග්‍රහය (කූටදන්ත සූත්‍රය ඇසුරෙන්), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 4.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24591
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅපරාධ, ආර්ථිකය, කූටදන්ත සූත්‍රය, දරිද්‍රතාව, බෞද්ධ විග්‍රහයen_US
dc.titleඅපරාධ මර්දනයෙහිලා රජයේ වගකීම පිළිබඳ බෞද්ධ විග්‍රහය (කූටදන්ත සූත්‍රය ඇසුරෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 4.pdf
Size:
113.43 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections