බෞද්ධ වත් පිළිවෙත් හා සබැඳි මනෝරෝග චිකිත්සාමය සංකල්පය පිළිබඳ විග්‍රහයක්
| dc.contributor.author | විතාන, සජිනි වසුන්ද්‍රා | |
| dc.date.accessioned | 2021-08-29T06:59:13Z | |
| dc.date.available | 2021-08-29T06:59:13Z | |
| dc.date.issued | 2021 | |
| dc.description.abstract | කායික හා මානසික හේතු සාධක මත හටගන්නාවූ මානසික රෝග විෂයෙහි ප්‍රතිකාර නිර්දේශ කරන්නාවූ බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ශාඛාවක් වන්නේ මනෝරෝග චිකිත්සාවයි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශය හා න්‍යාය භාවිතයෙන් මානසික පදනමක් සහිතවූ මානසික රෝග සුවපත් කිරීමේ ක්‍රමවේදය මනෝරෝග චිකිත්සාව ලෙස සරලව නිර්වචනය කළ හැකිය. බෞද්ධ වත් පිළිවෙත් සහ මනස පිළිබඳ මනා අන්තර් සම්බන්ධයක් පවතී. එය ප්‍රායෝගික මනෝ චිකිත්සනයක් ලෙසද හඳුනාගත හැකිය. ප්‍රායෝගික මනෝචිකිත්සනයන් ලෙස බෝධි පූජාව, භාවනා කිරීම, ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දීම, ධර්මදේශනා කිරීම, වන්දනාගමන් යාම ආදි බෞද්ධ සංස්කෘතියේ එන බොහෝමයක් අංග හඳුනාගත හැකිය. එම බෞද්ධ වත් පිළිවෙත් මනෝරෝග චිකිත්සාවක් වශයෙන් යොදාගත හැක්කේ කෙසේද යන්න මෙහි පර්යේෂණ ගැටලුව වන අතර බෞද්ධ වත් පිළිවෙත්හි අන්තර්ගතවන්නාවූ මනෝරෝග චිකිත්සාමය වටිනාකම වර්තමාන සමාජයට පෙන්වාදීම පර්යේෂණයේ අරමුණ වෙයි. මෙහිදී පර්යේෂණ විධික්‍රමය ලෙස සාහිත්‍ය මූලාශ්‍රය සහ විද්‍යාත්මක පර්යේෂණද ආශ්‍රය කෙරිණ. නූතනයේ පවත්නා කාර්ය බහුලත්වය සහ විවිධ සමාජ සම විෂමතා නිසා මනුෂ්‍ය චින්තනය මුල් කරගෙන හටගන්නා විවිධ මනෝව්‍යාධීන් අතර ඉච්ඡාභංගත්වය, ආතතිය, විෂාදය, උන්මාදතා, භීතිකා ආදි බොහෝමයක් රෝගවලට බෞද්ධ වතාවත්වල යෙදීමෙන් සුවය ලබා ගත හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයන් මඟින්ද තහවුරු කර ඇත. මේ පර්යේෂණයේදී බුදුසමය මිනිසාගේ විවිධ මානසික ගැටලු සම්බන්ධයෙන් ඉතා ක්‍රමානුකූල හා විද්‍යාත්මක මනෝකායික චිකිත්සන ක්‍රම නිර්දේශ කොට ඇති බව නිගමනය කෙරේ. | en_US |
| dc.identifier.citation | තාන, සජිනි වසුන්ද්‍රා (2021)බෞද්ධ වත් පිළිවෙත් හා සබැඳි මනෝරෝග චිකිත්සාමය සංකල්පය පිළිබඳ විග්‍රහයක්, 5 වන මානවශාස්ත්‍ර පීඨ ජාත්‍යන්තර ප්‍රභාෂණය, මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව. පිටු අංකය,07 | en_US |
| dc.identifier.uri | http://repository.kln.ac.lk/handle/123456789/23184 | |
| dc.publisher | මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව | en_US |
| dc.subject | බෞද්ධ වත් පිළිවෙත්, බෞද්ධ සංස්කෘතිය, මනෝ චිකිත්සාව, මානසික සෞඛ්‍යය | en_US |
| dc.title | බෞද්ධ වත් පිළිවෙත් හා සබැඳි මනෝරෝග චිකිත්සාමය සංකල්පය පිළිබඳ විග්‍රහයක් | en_US |