විදේශ භාෂාවක් ලෙස හින්දී ඉගෙනීමේදී සිංහල භාෂකයන්ට ඇතිවන ස්වර උච්චාරණය සම්බන්ධ ගැටලු

dc.contributor.authorවාකිෂ්ඨ, ඩබ්. එම්. ඒ.
dc.date.accessioned2022-06-06T09:06:40Z
dc.date.available2022-06-06T09:06:40Z
dc.date.issued2021
dc.description.abstractශ්‍රී ලංකාවේ අසල්වැසි රට වන භාරතයේ රාජ්‍ය භාෂාව ‘හින්දී භාෂාව’ වේ. වත්මන වන විට ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද හින්දී භාෂාව ව්‍යාප්ත වෙමින් පවතී- මේ වන විට ශ්‍රී ලංකාව තුළ විදේශ භාෂාවක් ලෙස හින්දී ශික්ෂණය පාසල් විෂය නිර්දේශය (සා/පෙළ හා උ/පෙළ), විශ්වවිද්‍යාලයීය උපාධි පාඨමාලා, සංස්කෘතික කේන්ද්‍ර යනාදිය මඟින් සිදු කෙරේ- එවැනි කුමන ක්‍රමවේදයක් ඔස්සේ වුවද හින්දී භාෂාව අධ්‍යයනයේදී විද්‍යාර්ථීන් භාෂාව හා බැඳුණු විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනු දැකගත හැකිය. එවැනි ගැටලු අතර හින්දී ස්වර උච්චාරණය පිළිබඳ ගැටලු සුලබව දැකගත හැකිය. භාෂාව හදාරන්නෙකුට එම ගැටලු හඳුනා ගැනීම මඟින් ඒවා නිරාකරණය කරගැනීමට ඉඩප්‍රස්තාව සැලසේ. එම නිසා මෙම පර්යේෂණය සඳහා පාදකවූ පර්යේෂණ ගැටලුව වූයේ විදේශ භාෂාවක් ලෙස හින්දී ඉගෙනීමේදී සිංහල භාෂකයන්ට ඇතිවන ස්වර උච්චාරණය පිළිබඳ ගැටලු මොනවාද යන්න විමසා බැලීමයි. මෙහිදී භාවිත කරන ලද ක්‍රමවේද වූයේ ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයනයයි. ප්‍රාථමික මූලාශ්‍රය ලෙස ස්වයංඅධ්‍යයනයත්, ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයනය ලෙස භාෂා ශික්ෂණය පිළිබඳ ලියවුණු ග්‍රන්ථ පරිශීලනයත් දැක්විය හැකිය- පර්යේෂණ කර්තව්‍ය අවසානයේ මා හට හින්දී භාෂාව හදාරන විදේශිකයන් වශයෙන් අපගේ සිංහල භාෂකයන් විසින් සුලබවම මුහුණ දෙනු ලබන ගැටලු ලෙස හින්දීයේ [ə] (අ), [ɛ]% (ඈ’), [ɔ] (ඕ’) වැනි ස්වරවල උච්චාරණය හා බැඳුණු ගැටලු, අනුනාසික්‍ය ස්වර උච්චාරණය සම්බන්ධ ගැටලු වැනි ගැටලු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. එවැනි ගැටලු ඇති වීම සඳහා විද්‍යාර්ථීන් විසින් හින්දී භාෂාව අධ්‍යයනය සඳහා වැය කරනු ලබන කාලයේ අවම බව, පරිශීලනයට අවශ්‍ය හින්දී ග්‍රන්ථවල හිඟ බව, පුහුණු ගුරුවරුන්ගේ හිඟ බව යනාදිය හේතු වන බව නිගමනය කළ හැකිය.en_US
dc.identifier.citationවාකිෂ්ඨ ඩබ්. එම්. ඒ. (2021), විදේශ භාෂාවක් ලෙස හින්දී ඉගෙනීමේදී සිංහල භාෂකයන්ට ඇතිවන ස්වර උච්චාරණය සම්බන්ධ ගැටලුු, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 57p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24647
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඋච්චාරණ ගැටලු, විදේශ භාෂාවක් ලෙස හින්දී, හින්දී උච්චාරණය, හින්දී ස්වරen_US
dc.titleවිදේශ භාෂාවක් ලෙස හින්දී ඉගෙනීමේදී සිංහල භාෂකයන්ට ඇතිවන ස්වර උච්චාරණය සම්බන්ධ ගැටලුen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 57.pdf
Size:
99.55 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections