නූතන ලාංකේය සිනමාවේ පුරුෂත්වය හා පුරුෂභාවය නිරූපණය (2015 - 2021 කාලයේ නිෂ්පාදිත හා ප්‍රදර්ශිත චිත්‍රපට ආශ්‍රයෙන්)

dc.contributor.authorගුණසිංහ, හර්ෂණ එරංග
dc.date.accessioned2022-06-03T05:24:41Z
dc.date.available2022-06-03T05:24:41Z
dc.date.issued2021
dc.description.abstract1947 වර්ෂයෙන් ආරම්භ වූ ලාංකේය සිනමාවේ විවිධ තේමාවන්ට අනුකූලව නිෂ්පාදනය කරන ලද චිත්‍රපට දක්නට ලැබේ. එහිදී මුල්කාලීන සිනමා කෘතීන් පුරුෂත්වය හා පුරුෂභාවය නිරූපණය ඉස්මතුව පෙනෙන අයුරින් සිදු කර ඇති බව විද්‍යමාන වේ. පුරුෂත්වය හා පුරුෂභාවය යන්නෙහි නිර්වචනමය අර්ථය වනාහි උපතින් ජීව විද්‍යාත්මකව හිමිවන ලිංගිකත්වය සහ ඒ සඳහා සමාජයෙන් හා සංස්කෘතියෙන් හිමිවන ගුණාංග, හැසිරීම් හා භූමිකා සමූහයයි. ලාංකේය සමාජය හා සංස්කෘතික පසුබිම තුළ පුරුෂත්වය හා පුරුෂභාවය යන සංකල්පය නිර්මාණය වී ඇත්තේ පුරුෂයා යන භූමිකාව දැඩි, ශක්තිමත් හා රෞද්‍ර හැඟීම් දැනීම් ඇති නායකත්වය සහිත ගුණාංග සහ හැසිරීම් දරන්නෙකු ලෙසය. එහෙත් පුරුෂත්වය හා පුරුෂභාවය යනු එබඳු පටු කෝධෑ අර්ථයක් නොවේ. ඒ තුළ පුරුෂයා සතු මානුෂීය ප්‍රතිරූපයද ගැබ්ව තිබේ. මේ තත්වය නූතන ලාංකේය සිනමාව තුළ යම් පරිසාධනීය මට්ටමකින් නිරූපණය කිරීමට උත්සාහ ගෙන තිබේ. නූතන ලාංකේය සිනමාවේ මෙම නිරූපණය හේතුකොට ගෙන සමාජයේ පෙර පැවති පුරුෂත්වය හා පුරුෂභාවය පිළිබඳ අර්ථ නිරූපණය යම් තරමකින් වෙනත් මඟකට යොමු කිරීමට සමත්ව ඇති බව පෙනී යයි. ඉදින් මෙකී කරුණ නූතන ලාංකේය සිනමාවේ නිරූපණය කර ඇති අයුරු 2015-2021 කාලයේ ලංකාව තුළ ප්‍රදර්ශනය කළ තෝරාගත් චිත්‍රපට කිහිපයක් වන ඇඩ්‍රස් නෑ, සංසාරයේ දඩයක්කාරයා, ඇවිලෙන සුලුයි හා සහෝ ආශ්‍රයෙන් තුලනාත්මක අධ්‍යයනයක් සිදු කිරීම හා මෙම නිරූපණය ලාංකේය ප්‍රේක්ෂකයාට හා සමාජය කෙරෙහි සිදු කරන බලපෑම කවරාකාරද? යන්න විමර්ශනය කිරීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණයි. මෙහි ප්‍රාථමික දත්ත වශයෙන් ඉහත දක්වන ලද චිත්‍රපට විශ්ලේෂණය හා සිනමා ක්ෂේත්‍රයේ අදාළ විද්වතුන් සමඟ සාකච්ඡාවන් යොදාගත් අතර, ද්විතීයික දත්ත වශයෙන් පොත්පත් හා අන්තර්ජාලය යොදාගන්නා ලදී. ඒ අනුව මෙම අධ්‍යයනයේදී නූතන ලාංකේය සිනමාවේ පුරුෂත්වය හා පුරුෂභාවය යම් පරිසාධනීය මට්ටමකින් නිරූපණය වී ඇති බවත්, එය ලාංකේය ප්‍රේක්ෂකයාගේ හා සමාජයේ මෙම සංකල්පය පිළිබඳ සාධනීය තත්වයක් ඇති කිරීමට කටයුතු කර ඇති බවත් විශද විය.en_US
dc.identifier.citationගුණසිංහ හර්ෂණ එරංග (2021), නූතන ලාංකේය සිනමාවේ පුරුෂත්වය හා පුරුෂභාවය නිරූපණය (2015 - 2021 කාලයේ නිෂ්පාදිත හා ප්‍රදර්ශිත චිත්‍රපට ආශ්‍රයෙන්), Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 36p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24623
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectචිත්‍රපට, නූතන ලාංකේය සිනමාව, නිරූපණය, පුරුෂත්වය හා පුරුෂභාවය, සමාජ බලපෑමen_US
dc.titleනූතන ලාංකේය සිනමාවේ පුරුෂත්වය හා පුරුෂභාවය නිරූපණය (2015 - 2021 කාලයේ නිෂ්පාදිත හා ප්‍රදර්ශිත චිත්‍රපට ආශ්‍රයෙන්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 36.pdf
Size:
107.72 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections