අතීතයේ භාවිත ගබ්සා ක්‍රම පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය නයින් විමර්ශනයක්

dc.contributor.authorතිලකරත්න, ඒ. එල්. පී. වාසනා
dc.date.accessioned2022-06-01T04:50:16Z
dc.date.available2022-06-01T04:50:16Z
dc.date.issued2021
dc.description.abstractඉංග්‍රීසි භාෂාවෙන් “Abortion” වශයෙන් හඳුන්වන ගබ්සාව සිංහල භාෂාවෙන් “ගබ්සාව” යනුවෙන් ද, සංස්කෘත භාෂාවෙන් “ගර්භක්ෂ” යනුවෙන් ද, පාලි භාෂාවෙන් “ගර්භපාතන” යනුවෙන් ද හඳුන්වයි. වර්තමානය වන විට මෙය දිනෙන් දින සමාජය තුළ නොවිසඳෙන ගැටලුවක් දක්වා වර්ධනය වී ඇත. ගබ්සාව යන්නෙහි සාමාන්‍ය අර්ථකථනය වන්නේ කලලය නොමේරූ අවධියේදීම ගර්භාෂයෙන් ඉවත් වීම හෝ ඉවත් කිරීමයි. නූතන වෛද්‍ය විද්‍යාවට අනුව ‘ස්වාභාවික ගබ්සාව’ හා ‘සාපරාධී ගබ්සාව’ ලෙස ගබ්සාවෙහි කොටස් දෙකක් දැක්වේ. ප්‍රජනනයෙන් පසු කලලයක් ගර්භාෂය තුළ නොපිහිටන අවස්ථාව ස්වාභාවික ගබ්සාව ලෙසත්, හිතාමතා බාහිර උපක්‍රම මඟින් දරුගැබ විනාශ කිරීම සාපරාධී ගබ්සාව ලෙසත් හැඳින්වේ. ලොව සමහර රටවල් ගබ්සාව නීත්‍යනුකූල කොට ඇති අතර ඇතැම් රටවල ගබ්සාව සම්බන්ධයෙන් ආගමික, සමාජයීය හා නෛතික වශයෙන් ගැටලු පැන නැඟී ඇත. බුදුදහමට අනුව දරුගැබක් හටගැනීම සඳහා කරුණු ත්‍රිත්වයක් පූරණය විය යුතු බව මජ්ඣිම නිකායේ මහා තණ්හාසංඛ්‍ය සූත්‍රය දක්වයි. සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයෙහි මව්කුස තුළ දරුවෙකු පියවර පහක් ඔස්සේ කලල අවධියේ දී වර්ධනය වන ආකාරය දක්වා ඇත. මව්කුසට බැසගන්නා ලද ප්‍රතිසන්ධි විඥානය පහළ වීමත් සමඟම සත්ත්වයෙක් ලෙස පිළිගන්නා බවත් එබඳු සත්ත්වයන් විනාශ කිරීම ප්‍රාණඝාත අකුසල කර්මයක් බවත් බුදුදහම පෙන්වා දෙයි. ධම්මපදට්ඨකතාවේ එන කාලි යක්ෂණියගේ කතාව තුළින් පැරණි ගබ්සා ක්‍රමයන් පිළිබඳ ප්‍රකට වන අතර බුද්ධ කාලයට පෙරද අද මෙන්ම නොයෙක් ගබ්සා ක්‍රම සමාජය තුළ පැවති බවට එය සාධකයකි. පාරාජිකා පාළියෙහි ගබ්සාව සම්බන්ධ සිද්ධි අටක් පමණ දැකගත හැකිය. ථුස නම් ජාතකයේ වර්තමාන කතා පුවත තුළින්ද ගබ්සාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ‘ගබ්බපාතකං’ (ගැබ් හෙළීම) සඳහා ලබාදෙන ඖෂධ ආදිය පිළිබඳ තොරතුරු විනය පිටකයෙන් දැකගත හැකිය. එමෙන්ම ඇතැම් කාන්තාවන් මරණයට පත්වූ අවස්ථාවන්ද සඳහන් වේ. බෞද්ධ ආගමික මූලග්‍රන්ථ ප්‍රාථමික මූලාශ්‍රය වශයෙනුත්, ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා පර්යේෂණ ලිපි ආදිය ද්විතීයික මූලාශ්‍රය වශයෙනුත් උපයෝගී කර ගනිමින් පර්යේෂණය සිදු කෙරෙන අතර ඇතැමුන් ගබ්සාව සාධාරණීකරණය කළද එයen_US
dc.identifier.citationතිලකරත්න ඒ. එල්. පී. වාසනා (2021), අතීතයේ භාවිත ගබ්සා ක්‍රම පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය නයින් විමර්ශනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 3.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24590
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectකලලය, ගබ්සාව, පාරාජිකා පාළි, ප්‍රාණඝාතය, සාපරාධීen_US
dc.titleඅතීතයේ භාවිත ගබ්සා ක්‍රම පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය නයින් විමර්ශනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 3.pdf
Size:
155.54 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections