මානව ලිංගිකත්වයේ සෞන්දර්ය සන්නිවේදනය (අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට කෝට්ටේ යුගය අවසානය තෙක් සිංහල පද්‍ය සාහිත්‍ය ඇසුරින් කෙරෙන විමර්ශනයකි)

dc.contributor.authorගුණසිංහ, එම්.ඩබ්.එන්.යූ
dc.date.accessioned2022-06-20T10:19:28Z
dc.date.available2022-06-20T10:19:28Z
dc.date.issued2021
dc.description.abstract“මානව ලිංගිකත්වයේ සෞන්දර්ය සන්නිවේදනය” යන පර්යේෂණ මාතෘකාව ඔස්සේ මෙම විමර්ශනය සිදුකෙරිණ. ඒ සඳහා ලංකාවේ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට කෝට්ටේ යුගයේ අවසානය තෙක් රචිත සිංහල පද්‍ය සාහිත්‍ය කෘති කේන්ද්‍රීය පර්යේෂණ ක්‍ෂේත්‍රය ලෙස යොදාගෙන ඇත. මානව වර්ගයා ප්‍රජනනය හා ආස්වාදය ප්‍රමුඛ පරමාර්ථ කොටගෙන භාවිත කරන ලිංගික ක්‍රියාවලියේ සෞන්දර්යාත්මක සන්නිවේදන ලක්‍ෂණ හඳුනාගැනීමට මෙයින් උත්සුකවේ. ලිංගිකත්වය හා සෞන්දර්ය පිළිබඳ ශුද්ධ විද්‍යා, සමාජීය විද්‍යා, මානව විද්‍යා, ආගමික, දාර්ශනික හා කලාත්මක චින්තාවන් ප්‍රවේශාත්මක වශයෙන් විමසුමට ලක්වේ. පෙර - අපර දෙදිග සෞන්දර්ය දර්ශනවලින් සහ මානව ලිංගිකත්වය පිළිබඳ හරයාත්මක චින්තනයන්ගෙන් ශික්‍ෂණය ලබමින් ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතා සන්නිවේදන ආකෘතියක් පර්යේෂණයේ පූර්ව භාගයේ දී හඳුනාගැනේ. ඒ ඔස්සේ ප්‍රස්තුත කාලය නියෝජනය කරන පද්‍ය කාව්‍ය කෘතිවල අන්තර්ගතය විශ්ලේෂණය කරමින් ඒවායෙහි ලිංගික නිරූපණවල සෞන්දර්ය සන්නිවේදන සාධක හඳුනාගැනීමට උත්සුක විය. ප්‍රස්තුත ගෝචර තේමාවට අදාළ ලංකාවේ සිංහල සම්භාව්‍ය පද්‍යාවලියේ ආකෘතිකමය පාර්ශවයට අදාළ භාෂා ප්‍රයෝග හා ප්‍රකාශන උපක්‍රම පෙරදිග ප්‍රචලිත සෞන්දර්ය චින්තනයන්ගෙන් ආභාසය ලබයි. එහෙත් එහි අන්තර්ගතමය සාධක බෞද්ධ කතා සහ සාරගර්භ, සදාචාරාත්මක සමාජ දර්ශනයකින් පෝෂණය ලබන බව ගම්‍යමානවේ. බෙහෙවින්ම ස්වභාවික, ලෞකික සහජාශයක් හා චර්යාවක් වන මානව ලිංගිකත්වය ගැඹුරු යථාර්ථ දර්ශනයකින් සහ සෞන්දර්ය ශික්‍ෂණයකින් ලාංකේය සම්භාව්‍ය පද්‍ය නිර්මාණවලින් ප්‍රතීයමාන වන බව මෙහි ප්‍රමුඛ නිගමනයයි. ඒ අනුව මානව ලිංගිකත්වයට අදාළ කායික, මානසික මෙන්ම සමාජ සන්නිවේදනාත්මක ප්‍රවණතා රැසක් මතුකර ගත හැකිය. එසේම මානව ලිංගිකත්වයට සම්බන්ධ සෞන්දර්යාත්මක සන්නිවේදන ශික්‍ෂණවේදයක් වර්තමාන සමාජයට මෙන්ම විශේෂයෙන් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය සඳහා යෝජනා කළ හැකි විය. පූර්වෝක්ත පර්යේෂණයෙන් සමස්තයක් ලෙස ලිංගික සංස්කෘතිය, ලිංගික සදාචාරය, ලිංගික කළමනාකරණය සහ ලිංගික සාක්‍ෂරතාව වැනි ප්‍රකට විෂයක්‍ෂේත්‍ර පිළිබඳ පුරෝකථන කීහිපයක් ඉදිරිපත් කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.en_US
dc.identifier.citationගුණසිංහ, එම්.ඩබ්.එන්.යූ(2021), මානව ලිංගිකත්වයේ සෞන්දර්ය සන්නිවේදනය (අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට කෝට්ටේ යුගය අවසානය තෙක් සිංහල පද්‍ය සාහිත්‍ය ඇසුරින් කෙරෙන විමර්ශනයකි), PhD Theses. University of Kelaniya.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24869
dc.subjectලිංගිකත්වය, සෞන්දර්ය, ප්‍රජනනය, ආස්වාදය, සාහිත්‍යen_US
dc.titleමානව ලිංගිකත්වයේ සෞන්දර්ය සන්නිවේදනය (අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට කෝට්ටේ යුගය අවසානය තෙක් සිංහල පද්‍ය සාහිත්‍ය ඇසුරින් කෙරෙන විමර්ශනයකි)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
FGS-03-PhD-06-2015-01-AB.pdf
Size:
130.2 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: