දෙමළ ක්‍රියා මූල වර්ගීකරණය හා අතීතකාල ක්‍රියා පද සාධනය පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorධම්මවිමල හිමි, උඩගලදෙණියේ
dc.date.accessioned2023-02-03T05:45:17Z
dc.date.available2023-02-03T05:45:17Z
dc.date.issued2022
dc.description.abstractසිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා පවුලටත්, දෙමළ භාෂාව ද්‍රවිඩ භාෂා පවුලටත් අයත් බව විද්වතුන් විසින් මේ වන විට තහවුරු කරනු ලැබ ඇත. එමෙන් ම ලෝකයෙහි බහුලව ව්‍යවහාර කෙරෙන භාෂා තිහ අතරට දෙමළ භාෂාව ඇතුළත්ව තිබීමෙන්ද එහි වැදගත් බව මෙන් ම භාවිතය පිළිබඳ ව අවබෝධයක් ලබාගත හැකිය. ශ්‍රී ලාංකේය සමාජ ජන කණ්ඩායම් පදනම් කොටගෙන සකසා ඇති රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා ලෙස සිංහල මෙන් ම දෙමළ යන භාෂා ද්විත්වයම නම් කර තිබේ. සිංහල කථාකරන ජනයා බහුතරයක් වෙසෙන ලංකාවේ, දෙමළ මාතෘ භාෂාව කොටගත් පිරිසක්ද ජීවත් වෙති. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව තුළ උද්ගතව තිබූ ජනවාර්ගික අර්බුදය කෙරෙහිද ‘භාෂාව නොදැනීම’ යන කාරණය ප්‍රධාන සාධකය බවට පත්ව තිබූ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඒ කෙසේවුවද වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සිංහල මාතෘ භාෂකයා දෙමළ බසත්, දෙමළ මාතෘ භාෂකයා සිංහල බසත් ඉගෙනීමට පෙළඹී ඇත. තත් භාෂාධ්‍යයනය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා ඇතිවී තිබෙන ප්‍රබෝධය හා ඒ හා සම්බන්ධව දක්වන ආකල්පය අන්කවරදාටත් වඩා සමාජය තුළ කථාබහට ලක්ව තිබේ. එබැවින් මෙම අධ්‍යයනයේ දී සිංහල මව්භාෂකයා දෙවන බසක් ලෙස දෙමළ ඉගෙනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරේ. දෙමළ භාෂාවේ ව්‍යාකරණ අංශ සමූහයකට ප්‍රධාන වන පිණිසාර්ථ ක්‍රියා රූපය ඉතාමත් වැදගත් ක්‍රියාරූපයක් වන අතර එය දෙමළ භාෂාවේ බොහෝ ක්‍රියාරූප සාධනයට බෙහෙවින්ම උපකාරී වේ. එකී ක්‍රියාරූප සාධනයට හැකියාව ඇති කරගැනීම, භාෂා භාවිතයට බෙහෙවින් අවශ්‍ය වේ. එබැවින් මෙම අධ්‍යයනයේදී අරමුණ වන්නේ එම ක්‍රියා රූප සාධනය සිදුවන ආකාරය පැහැදිලි කිරීමයි. එමනිසා මෙහිදී ක්‍රියා මූලයේ රූපීය ලක්‍ෂණය පදනම් කරගෙන දෙවන භාෂාවක් ලෙස දෙමළ භාෂාව ඉගැන්වීමේදී ක්‍රියා පද භාවිතය, ඉගැන්වීමේ ක්‍රමවේද සකස් කළ යුතු ආකාරය පිළිබඳ ව මෙතෙක් අධ්‍යයනයක් සිදුව ඇති බවක් හඳුනා ගත නොහැකි අතර එය පර්යේෂණ ගැටලුව ද වේ. නැන්නූල් ආදි සාම්ප්‍රදායික දෙමළ ව්‍යාකරණය තුළ දෙමළ ක්‍රියාපද වර්ගීකරණයක් දැකගත නොහැකිය. එහෙත් නූතන බටහිර දෙමළ ව්‍යාකරණඥයන් වන බේස්කි (Beschi), රෙන්‍යුස් (Rhenius), ග්‍රෝල් (Graul), පෝප් (Pope) හා ආර්ඩන් (Arden) යන අය විසින් දෙමළ ක්‍රියා මූල වර්ගීකරණය ආකාර කිහිපයකින් සිදු කර ඇති අතර දෙවන බසක් ලෙස දෙමළ ඉගැන්වීමේදී දෙමළ භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතුන් වන මහාචාර්ය සුසීන්දිරරාජා (Nguhrphpah; RrPe;jpuuhrh), මහාචාර්ය සන්මුහදාස් (Nguhrphpah; rz;Kfjh];), මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් (Nguhrphpah; vk;. V. E/khd;), වැනි දෙමළ ව්‍යාකරණඥයන් වෙනම ක්‍රමවේදයක් අනුගමනය කරන ආකාරය දක්නට ලැබේ. එමෙන්ම දෙමළ පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන සිංහල මාතෘ භාෂක වජිර ප්‍රභාත් විජයසිංහ මහත්මා දෙමළ ක්‍රියා මූලය ප්‍රධාන වර්ගීකරණ දෙකක් ඔස්සේ සාකච්ඡා කර තිබෙනු දැකගත හැකිය. මෙවැනි ක්‍රියා වර්ගීකරණයන් අතර ප්‍රබල ක්‍රියා (Strong verbs)" දුබල ක්‍රියා (Weak verbs) යන ක්‍රියා වර්ගීකරණයට ප්‍රධාන තැනක් හිමිව ඇත. මේ අධ්‍යයනයේ දී අහඹු ලෙස තෝරාගත් දෙමළ ක්‍රියා මූල 100ක රූපීය ලක්‍ෂණ පදනම් කොටගෙන අධ්‍යයනය කාර්යයෙහිලා පහසු වන අන්දමට එකී ක්‍රියා මූල වර්ගීකරණය කොට අතීතකාල ක්‍රියා රූප සාධනය කවරාකාරව සිදුකළ යුතුද යන්න මෙහිදී විමර්ශනයට ලක්විය.en_US
dc.identifier.citationඋඩගලදෙණියේ ධම්මවිමල හිමි (2022), දෙමළ ක්‍රියා මූල වර්ගීකරණය හා අතීතකාල ක්‍රියා පද සාධනය පිළිබඳ අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 59.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25890
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectඅතීත කාලයල ක්‍රිියාමූලය, දෙමළ භාෂාව, දෙවන බස, පිණිසාර්ථ ක්‍රියා රූපය, සිංහල මාධ්‍යය ශිෂ්‍යයන්en_US
dc.titleදෙමළ ක්‍රියා මූල වර්ගීකරණය හා අතීතකාල ක්‍රියා පද සාධනය පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 59.pdf
Size:
253.89 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections