90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාව පිළිබඳ විමසුමක්
dc.contributor.author | සඳරුවන්, එල්. ජී. එස්. යූ. | |
dc.date.accessioned | 2022-06-01T04:23:44Z | |
dc.date.available | 2022-06-01T04:23:44Z | |
dc.date.issued | 2021 | |
dc.description.abstract | සාහිත්‍යය, සංගීතය, නර්තනය, චිත්‍ර යනාදි සියලුම කලා මාධ්‍යන්ට වඩා සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස කලා විචාරකයෝ හඳුන්වති. එය කර්මාන්තයක් වන අතරම සමාජයේ විවිධ ක්ෂේත්‍ර විදහාපාන කැඩපතකි. ලෝකයේ සිනමාව නම් කලා මාධ්‍යයට ඇත්තේ වසර 100ක තරම් කෙටි ඉතිහාසයකි. ලෝකයේ අනෙකුත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව විමසීමේදී එය සතුව ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයක් බව පැහැදිලිය. එම සිනමා ව්‍යාපාරය තුළ මතු වූ ප්‍රබලතම සහ පුරෝගාමී මැදිහත් වීමක් සේ ඩොග්මේ සිනමාව හඳුන්වාදිය හැකිවන්නේ එම සිනමාව තුළ වූ මතවාදී හා ප්‍රායෝගිකත්වය හැඩය සුවිශේෂ වන බැවිනි. පෙරටුගාමී සිනමා ව්‍යාපාරයක් ලෙස සැලකෙන මෙම සිනමා ශෛලිය ඉංග්‍රීසි භාෂාවේදී Dogm f,i;a" ලෙසත්, ඩෙන්මාර්ක් භාෂාවෙන් Dogme ලෙසත් සම අරුත් ගන්වයි. මෙම ඩොග්මේ සිනමාව එවකට සමස්ත සිනමාවම මුහුණ දෙන නිශ්චිත ප්‍රවණතාවන් හා අභියෝගයන් හඳුනාගනිමින් ඒ කෙරෙහි මුහුණ දිය යුතු ස්වභාවය හඳුනාගනිමින් හා එය විග්‍රහකරමින් ප්‍රායෝගිකව භාවිත වන්නට විය. මෙම 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාවේ සංවර්ධනය, අරමුණු, නීති, නිර්මාණකරුවන් මෙන්ම එම සිනමා ශෛලියේ අවසානයද කලා කෘති කිහිපයක් ඇසුරෙන් මෙම පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීම මෙහි අරමුණයි. ඩොග්මේ සිනමාවේ ඉහත දැක්වූ කරුණු සාකච්ඡා කිරීමට The Celebration, The Idiots, Lovers, Julien Donkey Boy චිත්‍රපට උපයෝගී කරගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික මූලාශ්‍රය ලෙෂ ඩොග්මේ 95 ප්‍රකාශනය සහ කන්‍යාභාවයේ දිවුරුම (Vow of Chastity) නම් සුප්‍රකට ලියවිලි යොදා ගන්නා අතර ද්විතීක මූලාශ්‍රය ලෙස විෂය ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ, තෘතීය මූලාශ්‍රය වශයෙන් පුවත්පත් හා අන්තර්ජාලය භාවිත කෙරේ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේදයන් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී විශේෂවේදී උපාධියේ පළමු වසර මෙන්ම දෙවන වසර සිසුන් 100 නියැදියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මගින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. කලාව යනු විශ්වීය භාෂාවක් වේ. ඩොග්මේ සිනමාව මගින් මිනිසාගේ හුදු රසාස්වාදයට වූ බලපෑම තුලනාත්මකව තක්සේරු කරලීම මෙහි ප්‍රධාන අරමුණයි. | en_US |
dc.identifier.citation | සඳරුවන් එල්. ජී. එස්. යූ. (2021), 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාව පිළිබඳ විමසුමක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 1. | en_US |
dc.identifier.uri | http://repository.kln.ac.lk/handle/123456789/24588 | |
dc.publisher | Faculty of Humanities, University of Kelaniya | en_US |
dc.subject | අනූව දශකය, ඩොග්මේ සිනමාව, පෙරටුගාමී සිනමාව, සිනමා ශෛලීන් | en_US |
dc.title | 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාව පිළිබඳ විමසුමක් | en_US |
Files
Original bundle
1 - 1 of 1
No Thumbnail Available
- Name:
- HUG Proceedings 2021 1.pdf
- Size:
- 108.77 KB
- Format:
- Adobe Portable Document Format
- Description:
License bundle
1 - 1 of 1
No Thumbnail Available
- Name:
- license.txt
- Size:
- 1.71 KB
- Format:
- Item-specific license agreed upon to submission
- Description: