පශ්චාත් යුද්ධ සමයේ දේශීය කුටුම්බය කෙරෙහි ඇති වූ ආර්ථිකමය පීඩනය සමකාලීන ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය මගින් නිරූපණය වීම පිළිබඳ අධ්‍යයනයක්. (තෝරාගත් ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ඇසුරින්)

dc.contributor.authorබණ්ඩාර, පී. ජී. සී. එම්. ටී.
dc.date.accessioned2023-02-03T05:42:36Z
dc.date.available2023-02-03T05:42:36Z
dc.date.issued2022
dc.description.abstractදශක තුනක් තිස්සේ පැවති යුද්ධයේ නිමාවත් සමඟ ඇති වූ පශ්චාත් යුද්ධ සමය මෙරට සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වශයෙන් සුවිශේෂී විචල්‍යතා රැසක් ඇති වූ කාල පරාසයක් වශයෙන් පිළිගැනෙයි. මේ අතුරින් සමාජයේ කුඩා ම ඒකකය වන කුටුම්බය කෙරෙහි බලපෑ ආර්ථිකමය පීඩනය සුවිශේෂී ය. යුද්ධයේ නිමාවත් සමඟ වේගවත් සංවර්ධනයක් සිදු වුවත් දිගින් දිගට ම මුදල් සංසරණය වූයේ විෂමාකාරී ආකාරයටයි. අවිධිමත් ආර්ථික පාලනය අද්‍යතනයේ දේශය දැඩි ආර්ථික පීඩාවකට ලක් කර ඇති අතර එහි සෘජු බලපෑම කුටුම්බයට බලපෑ බවක් හඳුනාගත හැකියි. ආකෘතිය මෙන් ම අන්තර්ගතයෙන් ද න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ද අත්‍යන්තයෙන් ම මිනිසා සහ මිනිස් ජීවිතය සමඟ හැදී වැඩී වර්ධනය වූ සජීවී කලා මාධ්‍යයක් ලෙස නාට්‍ය කලාව හැඳින්විය හැකිය. මෙරට වේදිකා නාට්‍ය ඔස්සේ අතීතයේ සිට ම සමකාලීන සමාජය, මෙන් ම කුටුම්බය කෙරෙහි බලපෑ නොයෙක් සංරචක සාකච්ඡාවලට ලක්කර ඇත. පශ්චාත් යුද්ධ සමයේ ඇති වූ ආර්ථික අර්බුදය පිළිබඳ සවිඥානික වූ සමකාලීන නාට්‍යකරුවන් ඒ ඔස්සේ ලද අනුභූතීන් ස්වකීය නිර්මාණ සඳහා විෂය කරගත් බව පෙනේ. පශ්චාත් යුද්ධ සමයේ දේශීය කුටුම්බය කෙරෙහි බලපෑ ආර්ථික අර්බුදය සමකාලීන නාට්‍ය කරුවන් ස්වකීය නිර්මාණ ඔස්සේ පිළිබිඹු කළ ආකාරය කෙරෙහි මෙතෙක් අධ්‍යයනයක් සිදු නොවීම මේ පර්යේෂණයේ ගැටලුව වේ. ඒ අනුව පශ්චාත් යුද්ධ සමයේ ඇති වූ ආර්ථික අර්බුදය කුටුම්භවලට ඇතිකළ බලපෑම හඳුනා ගැනීම හා තත් සමයේ නාට්‍ය කරුවන්ගේ නාට්‍ය තේමා අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ අරමුණු වේ. මෙහි දී ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිතයට ගැනිණ. එහි දී පුස්තකාල විමර්ශනය හා ක්ෂේත්‍ර අධ්‍යයනය මගින් දත්ත රැස්කිරීම සිදු කළ අතර සමකාලීන ව වේදිකා ගත වූ අඛිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ (2017) රාජීත දිසානායකගේ ‘නැතුවම බැරි මිනිහෙක්’ (2017) කපිල කුමාර කාලිංගගේ ‘බැංකු වීරයා’ (2018) යන නාට්‍ය කෘති ත්‍රිත්ත්වය සමීප කියැවීමකට ලක් කළේය. ඒ ඔස්සේ දත්ත විශ්ලේෂණය සිදුවිය. පශ්චාත් යුද්ධ සමයේ ඇති වූ අවධිමත් ආර්ථික කළමනාකරණය හා ඇතිවෙමින් පැවති ආර්ථික අර්බුදය පොදුජන ජීවිතයේ අපේක්‍ෂා සමඟ සිදුකළ ගනුදෙනුව විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ කියැවීමට ලක්කිරීමට සමකාලීන නාට්‍ය කරුවන් සමත්ව ඇති ආකාරයත්, සමකාලීන නාට්‍යවේදියා කෙතරම් දුරට තමා ජීවත් වන සමාජයේ තත්‍ය ස්වරූපය තේරුම් ගෙන තිබෙන ආකාරයත් මෙහි දී අනාවරණය කරගත හැකිවිය. මෙම නව සමාජ අර්බුද තේරුම් ගැනීමට සමකාලීන නාට්‍යකරුවන් භාවිත කළ නාට්‍යමය සංදර්භ අධ්‍යයනය කිරීම, මෙන් ම නාට්‍යවේදියා සමාජ යාන්ත්‍රණය විවේචනය කරමින් මාර්ග දර්ශනය දැක්වීමේ විභව ගුණය ඇත්තෙකු ලෙස දැක් වූ බුහුටි බව හඳුනා ගැනීම මෙම අධ්‍යයනයේ සුවිශේෂීතාවයි.en_US
dc.identifier.citationබණ්ඩාර පී. ජී. සී. එම්. ටී. (2022), පශ්චාත් යුද්ධ සමයේ දේශීය කුටුම්බය කෙරෙහි ඇති වූ ආර්ථිකමය පීඩනය සමකාලීන ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය මගින් නිරූපණය වීම පිළිබඳ අධ්‍යයනයක්. (තෝරාගත් ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ඇසුරින්), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 56.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25887
dc.publisherFaculty of Commerce and Management Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectපශ්චාත් යුද්ධ සමය, ආර්ථික පීඩනය, සජීවී කලා මාධ්‍ය, නාට්‍යයේ සංදර්භය, කුටුම්බයen_US
dc.titleපශ්චාත් යුද්ධ සමයේ දේශීය කුටුම්බය කෙරෙහි ඇති වූ ආර්ථිකමය පීඩනය සමකාලීන ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය මගින් නිරූපණය වීම පිළිබඳ අධ්‍යයනයක්. (තෝරාගත් ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත් ඇසුරින්)en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 56.pdf
Size:
206.34 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections