පුද්ගල සන්තානගත ශෝක කළමනාකරණ විෂයෙහි බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව: සොකසල්ලහරණ හා විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින්

dc.contributor.authorලේඬියංගල, සුමිත්තානන්ද හිමි
dc.date.accessioned2022-06-03T08:47:39Z
dc.date.available2022-06-03T08:47:39Z
dc.date.issued2021
dc.description.abstractශෝකය දැඩි චිත්ත පීඩා ගෙන දෙන්නකි. පුද්ගලයා දවන, දුකට පත් කරන, එදිනෙදා ජීවිතයට බාධා ගෙන දෙන, පුද්ගල සන්තානගත ශෝකය නිසි අයුරින් කළමනාකරණය කරගත නොහැකිව අද්‍යතන සමාජය මුහුණ පා ඇති ගැටලු විසඳා ගැනීම පිණිස බෞද්ධ මනෝවිද්‍යාත්මක ශෝක කළමනාකරණ ක්‍රම පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ මුණ්ඩරාජ වග්ගයේ සෝකසල්ලහරණ හා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ විතක්කසණ්ඨාන යන සූත්‍ර ද්වයට අදාළව පුද්ගල සන්තානගත ශෝකය කළමනාකරණය සඳහා බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව කෙබඳුද යන්න මෙහි පර්යේෂණ ගැටලුවයි. ඒ අනුව එම සූත්‍රද්වයෙහි පැනෙන බෞද්ධ මනෝවිද්‍යාත්මක ශෝක කළමනාකරණ ක්‍රම විශ්ලේෂණාත්මකව මෙහිදී අධ්‍යයනය කර ඇත. සෝකසල්ලහරණ සූත්‍රයට අනුව මුණ්ඩරාජ රජතුමා සිය භද්‍රා දේවියගේ මරණය නිසා ඇතිවෙන ශෝකය නිසාවෙන් සිය කෑම-බීම-නෑම යනාදී දෛනික පුරුදුද අමතක කරමින් රාජ්‍ය පරිපාලන කටයුතුද අක්‍රමවත්ව පවත්වා ඇත. එම සිදුවීම විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ මුණ්ඩරාජ රජු ව්‍යාධි වියෝ දුකින් පෙළුණු බවයි. අවසන නාරද මහරහතුන් වහන්සේ විසින් රජු තුළ ප්‍රජානනාත්මක සංස්කරණයක් සිදු කොට ඇති බව අනාවරණය වේ. එසේම විතක්කසණ්ඨාන සූත්‍රාධ්‍යයනය තුළින් පෙනී යන්නේ මෙබඳු මනෝ ව්‍යාධීන්වලින් පෙළෙන්නවුන් සුවපත් කිරීම සඳහා භාවිත කළ හැකි මනෝ චිකිත්සක ප්‍රතිකර්ම ප්‍රවේශ පහකි. වෙනත් කුසල සහගත අරමුණකට සිත යෙදවීම, එම සිතිවිල්ලෙහි ආදීනව මෙනෙහි කිරීම, එම සිතිවිල්ලට අවධානය යොමු නොකර සිටීම, එම සිතිවිල්ල ඇති වූයේ ඇයිදැයි ආපස්සට සිතීම, කායික ශක්තිය ගෙන එම සිතිවිල්ල දතින් දත ඝටා දිවින් තල්ල පෙළා දැඩි වීර්යයෙන් පහ කිරීම යනු ඒ පඤ්ච ප්‍රවේශයෝය. විරහ වේදනාවෙන් මිදීමට ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිතය, අසාමාන්‍ය චර්යා, සිය දිවි නසා ගැනීම ආදියට පෙලඹෙන බවක් දැක ගත හැකිය. වියෝ දුකින් මිදීමට නිසි ක්‍රමවේද නොදත් තරුණ, මහලු ජීවිත අසාමාන්‍ය චර්යා නිසා තම වටිනා ජීවිත පවා අහිමිකරගත් බවට සමාජයෙහි සාක්ෂ්‍ය සුලභය. මානසික පීඩනය, විසාදය, වියෝ දුක වැනි මනෝරෝග සඳහා ඉහත දැක්වූ බෞද්ධ මනෝප්‍රතිකර්ම භාවිත කරමින් මානසික සහනය හා සුවතාවය ළඟාකර ගත හැකි බව මෙම අධ්‍යයනයෙන් පෙනී යයි.en_US
dc.identifier.citationලේඬියංගල සුමිත්තානන්ද හිමි (2021), පුද්ගල සන්තානගත ශෝක කළමනාකරණ විෂයෙහි බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව: සොකසල්ලහරණ හා විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් , Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 45p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24635
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectසන්තානගත ශෝකය, ශෝක කළමනාකරණය, බෞද්ධ මනෝවිද්‍යාව, මනෝ ව්‍යාධිen_US
dc.titleපුද්ගල සන්තානගත ශෝක කළමනාකරණ විෂයෙහි බෞද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව: සොකසල්ලහරණ හා විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
HUG Proceedings 2021 45.pdf
Size:
99.98 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections