ක්ලමථය දුරු කරගැනීමෙහි ලා පෞරුෂ වර්ධනය උපයුක්ත වන ආකාරය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ආශ්‍රයෙන් සිදුකෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්

dc.contributor.authorතිලකරත්න, ඒ. එල්. පී. වාසනා
dc.date.accessioned2022-06-02T04:20:54Z
dc.date.available2022-06-02T04:20:54Z
dc.date.issued2021
dc.description.abstractක්ලමථය දුරු කරගැනීම සඳහා බුදුසමය ඇසුරෙන් මනෝවිද්‍යාත්මක උපදේශනයක් ඉදිරිපත් කිරීමේදී ඊට සුදුසු ප්‍රවේශ අතර පෞරුෂ වර්ධනය කෙරෙහි බෞද්ධ මනෝවිද්‍යාවේදී අවධානය යොමු කෙරේ. බටහිර මනෝවිද්‍යාව තුළද ක්ලමථය පාලනය කරගැනීමෙහිලා පෞරුෂ වර්ධනය උපයෝගී කොටගෙන ඇත. බටහිර මනෝවිද්‍යාව තුළ පෞරුෂය යනුවෙන් අධ්‍යයනය කරනුයේ මිනිසා සතු කායික, මානසික විෂමතාවන්ය. පෞරුෂය පිළිබඳ හමුවන නිර්වචන අනුසාරයෙන් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සුවිශේෂ වන, ගතික බවකින් යුක්ත වන, භෞතික මානසික අංශ ද්වයෙන්ම සමන්විත වන ගුණාංගයක් බව පැහැදිලි වේ. පෞරුෂය නියත කරවන කාරකයන් සමඟ පුද්ගලයා දෛනික ජීවිතයේදී ගැටෙන විට ආයාසයට පත්වේ නම් එය ක්ලමථයට පත්වන අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. සමාජ සබඳතා බිඳවැටීම්, ජීවිතයේ වෙනස්කම් ආදිය පිළිබඳ ඍණාත්මක ආකල්ප සමඟ මානසික ආතතියෙන් පෙළෙන විට එය පුද්ගල ජීවිතයට අනිසි බලපෑම් එල්ල කරයි. තමාට මුහුණ පෑමට සිදුවන කවර උත්තේජනයකට වුවද නොසැලී මුහුණ දීමට මනා පෞරුෂයක් අත්‍යවශ්‍ය වන අතර ක්ලමථය පාලනය කරගැනීමට පෞරුෂය ගොඩනඟා ගතහැකි අන්දම බුදුදහම පෙන්වා දෙයි. එසේම දුර්වල පෞරුෂ ලක්ෂණ ක්‍රමානුකූලව දුරු කර පූර්ණ පෞරුෂ සංවර්ධනයක් සඳහා මඟ පෙන්වයි. පුද්ගලයා ආචාරශීලීව හා සමාජානුශීලීව නිර්මාණය කිරීම උදෙසා දායක වන පෞරුෂ වර්ධන ගුණාංග අධ්‍යයනය කිරීමේදී උපයෝගී කොටගත හැකි වැදගත් සූත්‍රයක් ලෙෂ සුත්තනිපාතයේ මෙත්ත සූත්‍රය හඳුනාගත හැකිය. එහිදී සක්කො, උජු, සුජූ, මුදු, අනතිමානි, සන්තුස්සක, සුභර, අප්පකිච්චො, සල්ලහුකවුත්ති, සන්තින්ද්‍රිය, නිපක, අප්පගබ්බ, කුලෙසු අනනුගිද්ධො යන පෞරුෂ ගුණාංග ක්ලමථය සමනයට ඉවහල් වන ආකාරය පැහැදිලි වේ. මෙම ගුණධර්ම දෛනික ක්‍රියාකාරකම්වලදී ප්‍රදර්ශනය වන්නේ නම් එම පුද්ගලයාගේ මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතයද සුඛිත මුදිත වන්නේය. මංගල සූත්‍රය, ධම්මපදය තුළද මානසික ආතතිය දුරු කර ගැනීමට උපයුක්ත කොටගත හැකි උද්ගාමී පෞරුෂයකට උරුමකම් කියන ගුණාංග රාශියක් පෙන්වාදී ඇත. මෙත්ත සූත්‍රය, මංගල සූත්‍රය හා ධම්මපදය ප්‍රාථමික මූලාශ්‍රය වශයෙනුත්, ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ හා විවිධ පර්යේෂණ ලිපි ද්විතීයික මූලාශ්‍රය වශයෙනුත් උපයෝගී කර ගනිමින් මෙම පර්යේෂණය සිදු කෙරෙන අතර උදාර පෞරුෂයක් ගොඩනංවා ගැනීමෙන් ක්ලමථය පාලනය කරගත හැකි ආකාරය බෞද්ධ මනෝවිද්‍යාත්මකව අධ්‍යයනය කිරීම අපේක්ෂා කෙරේ.en_US
dc.identifier.citationතිලකරත්න ඒ. එල්. පී. වාසනා (2021), ක්ලමථය දුරු කරගැනීමෙහි ලා පෞරුෂ වර්ධනය උපයුක්ත වන ආකාරය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ආශ්‍රයෙන් සිදුකෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක් , Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 16p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24603
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectක්ලමථය, පෞරුෂය, බෞද්ධ මනෝවිද්‍යාව, මංගල සූත්‍රය, මෙත්ත සූත්‍රයen_US
dc.titleක්ලමථය දුරු කරගැනීමෙහි ලා පෞරුෂ වර්ධනය උපයුක්ත වන ආකාරය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ආශ්‍රයෙන් සිදුකෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
HUG Proceedings 2021 16.pdf
Size:
99.17 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections