ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ වැඩිහිටියන් මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලු හා අභියෝග

dc.contributor.authorහෙට්ටිආරච්චි, පි. සී.
dc.contributor.authorඅමරතුංග, කේ. එම්. ජී.
dc.date.accessioned2023-02-03T06:05:04Z
dc.date.available2023-02-03T06:05:04Z
dc.date.issued2022
dc.description.abstractවයස්ගතවීම සාධක රැසක බලපෑමට නතු වු බහුමානීය සමාජ සංසිද්ධියක් වශයෙන් හඳුනාගත හැකිය. සංවර්ධිත රටවල වයස අවු; 65 සහ ඊට වැඩි අයත්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල වයස අවු;60 සහ ඊට වැඩි පිරිසත් වයස්ගත ජනගහනය වශයෙන් සැළකේග ආසියානු කලාපයේ වේගවත් වියපත්වීමක් සහිත ජන සංඛ්‍යාවක් ඇති සමාජයක් වශයෙන් ශ්‍රී ලංකාවේ, වයස අවුරුදු 60ට වැඩි මුළු ජනගහනය 2030 වන විට 22 ක් වන බවට ප්‍රක්ෂේපනය කර ඇත. ලාංකේය සමාජයේ වයස්ගත ජනගහනයේ වර්ධනයට සාපෙක්‍ෂව, සමාජ-ආර්ථික වර්ධනයක් සිදු නොවීම, වැඩිහිටියන් බහුතරයකගේ ජීවීකාව තුළ විවිධ ගැටලු නිර්මාණයට හේතුවක් වී තිබේ. වත්මන් ආර්ථික අර්බුදය (Current Economic Crisis), මේ තත්ත්වය වඩාත් තීව්‍රර වීමට හේතුවක් වී තිබෙන අතර, වැඩිහිටියන් බහුතරයක් සමාජ-ආර්ථික (Socio-Economics) වශයෙන් විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිය ජීවීකාව ගතකරනු ලබන තත්ත්වයකි. මෙහි පර්යේෂණ ගැටලුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වැඩිහිටියන්ට මුහුණ දීමට සිදු වී ඇති සමාජ-ආර්ථික ගැටලු හා අභියෝග ගවේෂණය කර ගැනීමයිග පර්යේෂණ අරමුණ වනුයේ වැඩිහිටි ජිවීකාව කෙරෙහි බලපෑමක් වී ඇති සමාජ-ආර්ථික ගැටලු හා අභියෝග ගවේෂණය කර ගනිමින්, තිරසර වැඩිහිටි දිවියක් නිර්මාණය කරගැනීමට අවැසි නව ප්‍රවේශයන් හා ක්‍රමොපායන් හඳූනාගැනීමයි. මෙහි පර්යේෂණ ක්‍රමවේදය මිශ්‍ර ක්‍රම පර්යේෂණ ක්‍රමවේදය වු අතර, සමීක්‍ෂණ ක්‍රමය භාවිතා වියග නියදිය වශයෙන් වැඩිහිටියන් 25කු සසම්භාවී (ස්තර නියදි තේරීම) යටතේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළින් තෝරා ගන්නා ලදී. දත්ත රැස්කිරීමේ දී ප්‍රමාණාත්මක දත්ත රැස්කිරීම සඳහා ප්‍රශ්ණාවලිය (Questionnaire), සම්මුඛ සාකච්ඡාව (Interview), යොදාගනු ලැබු අතර, ගුණාත්මක දත්ත රැස්කිරීමේ ශිල්ප ක්‍රම වශයෙන් නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡාව (Focus Group Discussion), හා ප්‍රත්‍යෙයික අධ්‍යයන (Case study), නිරීක්‍ෂණය (Observation) උපයෝගී කරගන්නා ලදී. පර්යේෂණ ගැටලුව සම්බන්ධයෙන් ලිය වී ඇති ද්වීතික මුලාශ්‍ර (Secondary Sources) ආශ්‍රයෙන් ද්විතීක දත්ත රැස්කරණු ලැබීයග දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මකව විශ්ලේශණය සිදුකරන ලදී. පර්යේෂණ අනාවරණයන්ට අනුව පැහැදිලි වන්නේ වත්මන් ආර්ථික අර්බුදයල වැඩිහිටියන් බහුතරයකගේ ජීවිකාව තුළ සුවිශේෂී සමාජ-ආර්ථික ගැටලු නිර්මාණය වීමට හේතුවක් වී ඇති බවයි. වත්මන් ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර ඇති මානව ජන ජීවිතයේ සංකිර්ණත්වය, වැඩිහිටියන්ගේ රැකවරණය විෂයෙහි සෘජු බලපෑමක් වී තිබෙන අතර, පවුල තුළ වැඩිහිටියන් තවදුරටත් හුදෙකලා කිරීමට හේතු වී තිබේ. පවුල් සංස්ථාවේ සමාජිකයින්ගේ ජීවිත සංකීර්ණවීම තුළ, රැකවරණය අවැසි වැඩිහිටියන් කෙරෙහි දරුවන්ගේ සංවේදීතාවය අඩුවීමටත්, විශේෂයෙන් වයස අවු;80ට වැඩි මහලුතම වැඩිහිටියන්ගේ ජිවන සුරක්‍ෂිතතාවය හා රැකවරණය, පෝෂණය විෂයෙහි අභියෝග මතුකිරීමටත් හේතුවක් වී තිබෙනු හඳූනාගත හැකි විණ. ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් පවුල් සංස්ථාව තුළ දරුවන් හා දෙමාපියන් අතර ඇති වී ඇති ගැටලු හේතුවෙන් පවුලේ සහයක පද්ධතිය විෂයෙහි ද (Family support System) බලපෑමක් වී තිබුණි. නියදිය තුළ වැඩිහිටියන් අතුරින් (68%) අවධිමත් ක්‍ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයවලුන් වශයෙන් පවත්නා තත්ත්වය තුළ සිය ජීවන මාර්ගයන් වෙත ප්‍රවේශවීමට නොහැකිවීම, දැඩි ආර්ථික දුෂ්කරතාවයන් ඇතිවීමට හේතුවක් වී තිබු අතර, එහි සෘජු හා වක්‍ර ප්‍රතිඵලය වී තිබුණේ කුටුම්භයේ පෝෂණය තත්ත්වය, කෘත්‍යයන් හා සමාජ අවස්ථා පවත්වාගෙන යෑමටත් වැඩිහිටියන්ට බලපෑමක් වී තිබීමයිග නියදිය තුළ වැඩිහිටියන් අතුරින් (76%) නිදන්ගත අබාධයන් සඳහා ප්‍රතිකාර ගන්නා අය වශයෙන්ල ආර්ථික අර්බුදය තුළ සෞඛ්‍යමය වශයෙන් ද අභියෝගයන්ට මුහුණ දී ඇතග පර්යේෂණ අනාවරණයන්ට අනුව තවදුරටත් පෙනීගියේ ගෘහ කුටුම්භය තුළ ජීවත්වන වැඩිහිටි පුරුෂයන්ට සාපේක්‍ෂව වැන්දඹු වැඩිහිටි ස්ත්‍රීන් වැඩි වශයෙන් පවත්නා තත්ත්වය හමුවේ සමාජ-ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවයි. නිවාස තුළ පවත්නා මුලික අවශ්‍යතාවයන්, භෞතික හා සනීපාරක්‍ෂක පහසුකම් හිඟතාවය, වැඩිහිටි ස්ත්‍රීන්ගේ ජීවන ගැටලු තවත් තීව්‍රර කිරීමටත් හා ඔවුන්ගේ යැපුම් මානසිකත්වය වර්ධනය වීමටත් හේතුවක් වී තිබෙනු හඳුනාගත හැකිවිණ.en_US
dc.identifier.citationහෙට්ටිආරච්චි පි. සී.; අමරතුංග කේ. එම්. ජී. (2022), ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ වැඩිහිටියන් මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලු හා අභියෝග, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 81.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/25912
dc.publisherFaculty of Graduate Studies, University of Kelaniya Sri Lankaen_US
dc.subjectවැඩිහිටියා, ආර්ථික අර්බුදය, පවුල, ජීවීකාව, රැකවරණයen_US
dc.titleශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය තුළ වැඩිහිටියන් මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලු හා අභියෝගen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
IPRC 2022 81.pdf
Size:
207.99 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections