සිංහල බෞද්ධයා සැමරිය යුත්තේ සූර්ය මංගල්‍යයද? වෙසක් මංගල්‍යයද?

dc.contributor.authorටෂිකා, කේ. ඒ. එන්. එන්.
dc.date.accessioned2022-06-07T04:58:33Z
dc.date.available2022-06-07T04:58:33Z
dc.date.issued2021
dc.description.abstractගැසීමෙහිලා ප්‍රමුඛ බලපෑමක් සිදු කර ඇත. බුදුසමයේ සම්ප්‍රාප්තියත් සමඟ සිංහලයාගේ බොහෝ සංස්කෘතාංග පරිවර්තනයකට ලක් විය. ඒ අනුව ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන්ද පරිවර්තනයකට ලක් විය. මෙම වෙනස දෙයාකාරයකින් සිදුවී තිබේ. ඇතැම් ඇදහිලි විශ්වාස සම්පූර්ණයෙන්ම ඔවුන් වෙතින් ඈත්ව ගොස් ඇති අතර ඇතැම් ඒවා බෞද්ධ මුහුණුවරක් ගෙන තවදුරටත් පවත්වා ගෙන ගොස් තිබේ. පර්වත වන්දනාව ස්තූප වන්දනාව බවට පත්වීම, වෘක්‍ෂ වන්දනාව බෝධි වන්දනාව බවට පත්වීම, මළවුන්ඇදහීම වෙනුවට මළවුන්ට පිංදීම යනාදිය නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ලක්වැසි බෞද්ධයන් වර්තමානයේද මහත් උත්සවශ්‍රීයෙන් සංස්කෘතික මංගල්‍යය පවත්වනු ලැබේ. ඒවා අතරින් සූර්ය මංගල්‍යයට ප්‍රමුඛ තැනක් හිමි වේ. එය කිසි ලෙසකින්වත් බෞද්ධ උත්සවයක් නොවේ. එය හින්දු ආගමික ආභාසයෙන් වර්ණවත් වූ දේශීය උත්සවයකි. ප්‍රාග් බෞද්ධ යුගයේ ලක්දිව පැවති සූර්ය වන්දනය මත පදනම්ව මෙම මංගල්‍යය පැවත ගෙන එන බව කිව හැකිය. ලක්වැසි බෞද්ධයන් සූර්ය මංගල්‍ය සහ වෙසක් මංගල්‍යය යන උත්සව දෙකම අඛණ්ඩව පවත්වා ගෙන යන අයුරු පෙනේ. මෙම මංගල්‍යයන් දෙකම සිංහල බෞද්ධයාගේ සංස්කෘතික ජීවිතය හැඩ ගස්වා ඇති ආකාරය මෙම මංගල්‍යය දෙකම අදටද ඔවුන් අතර පැවතීමෙන් පෙනේ. සූර්ය මංගල්‍යය සමරනු ලබන්නේ නක්‍ෂත්‍රයට ප්‍රමුඛත්වය ලබා දෙමිනි. බෞද්ධාගමට වැඩි නැඹුරුවක් දක්වමින් සූර්ය මංගල්‍යය සැමරිය හැකි නම් වඩා අගනේ යැයි සිතේ. බෞද්ධ සංස්කෘතියට අනුව සිය ජීවිතය හැඩ ගස්වා ගත් සිංහල බෞද්ධයා සූර්ය මංගල්‍යයට වඩා වැඩි අවධානයක් වෙසක් මංගල්‍යයට ලබා දෙන්නේ නම් එය මැනවි. මෙම පර්යේෂණයේ පර්යේෂණ ගැටලුව වන්නේ සූර්ය මංගල්‍යයට කාලීන වෙනස්කම් කළ හැකිද? වෙසක් මංගල්‍යය සිංහල බෞද්ධයාගේ ප්‍රධාන මංගල්‍යය බවට පත් කළ හැකිද? යන්නයි. මෙම පර්යේෂණයේ අරමුණ සිංහල බෞද්ධයා ආධ්‍යාත්මික ශික්‍ෂණයට වැඩි වශයෙන් නැඹුරු විය යුතු බව පෙන්වා දීමය. සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනය, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ජනශ්‍රැති අධ්‍යයනය මෙහි පර්යේෂණ ක්‍රමවේදය වේ.en_US
dc.identifier.citationටෂිකා කේ. ඒ. එන්. එන්. (2021), සිංහල බෞද්ධයා සැමරිය යුත්තේ සූර්ය මංගල්‍යයද? වෙසක් මංගල්‍යයද?, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 67p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24657
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectසිංහලයා, බෞද්ධාගම, හින්දු ආගම, සූර්ය මංගල්‍යය, වෙසක් මංගල්‍යයen_US
dc.titleසිංහල බෞද්ධයා සැමරිය යුත්තේ සූර්ය මංගල්‍යයද? වෙසක් මංගල්‍යයද?en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
HUG Proceedings 2021 67.pdf
Size:
98.9 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections