සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලාගේ’ කාව්‍ය නිර්මාණයන්හි නිරූපිත සමාජ යථාර්ථය පිළිබඳ විමසුමක්

dc.contributor.authorනවගමුව, ගයානි තක්ෂිලා
dc.date.accessioned2022-06-07T05:18:10Z
dc.date.available2022-06-07T05:18:10Z
dc.date.issued2021
dc.description.abstractහින්දී සාහිත්‍යයෙහි ස්වර්ණමය යුගය ලෙසින් හඳුන්වනු ලබන ඡායාවාදී යුගයෙහි බහුජන ප්‍රසාදයට පාත්‍ර ප්‍රබුද්ධ කවියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකු වශයෙන් සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලා’ හැඳින්විය හැකිය. නිරාලා යනු එතුමාගේ අන්වර්ථ නාමය වේ. එතුමාගේ කාව්‍ය නිර්මාණ අධ්‍යයනය කිරීමේදී ‘යථාර්ථවාදය’ ප්‍රමුඛ ලක්ෂණයක් ලෙස දැකගත හැකි විය. නිරාලා විසින් රචිත කාව්‍ය නිර්මාණ මානව සහ සමාජ ජීවන යථාර්ථය පිළිබඳ ගැඹුරුවූත් අර්ථවත්වූත් දෘෂ්ටියක් සහිත කලාත්මක නිර්මාණ වේ. නිරාලාගේ කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය නිරූපණය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණයි. මෙම පර්යේෂණ සඳහා එතුමාගේ ‘ජාගෝ ෆිර් ඒක් බාර්, ‘රානී ඕර් කානී’ සහ ‘භික්ෂුක්’ යන කාව්‍ය නිර්මාණ ත්‍රිත්වය පාදක කර ගැනුණි. එවකට ඉංග්‍රීසි ජාතිකයන්ගේ අයුක්ති සහගත පාලනය නිසා පීඩිත භාරතීය සමාජයෙහි ස්වභාවය, මනුෂ්‍යයාගේ බාහිර රූපයෙහි සුන්දර-අසුන්දර භේදය සහ දුප්පත්-පොහොසත් භේදය පාදක කොටගෙන නිරාලා තම කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය පිළිබිඹු කර ඇති ආකාරය දැකගත හැකි විය. මෙම පර්යේෂණයෙහි වැදගත්කම වනුයේ හින්දී විෂය හදාරන ඕනෑම විද්‍යාර්ථියෙකුහට නිරාලාගේ කාව්‍ය නිර්මාණ හරහා භාරතීය සමාජයෙහි එවකට පැවති යථාර්ථවාදී ස්වාභාවය අධ්‍යයනය කිරීමට හැකි වීමයි. නිරාලාගේ කාව්‍ය නිර්මාණයන්හි සමාජ යථාර්ථය කුමන ආකාරයට නිරූපණය කර තිබේද යන්න පර්යේෂණ ගැටලුව විය. මෙම පර්යේෂණයේ ප්‍රාථමික මූලාශ්‍රය ලෙස තත් කාව්‍ය ත්‍රිත්වයත්, ද්විතීයික මූලාශ්‍රය ලෙස සමාජ යථාර්ථය පිළිබඳව ලියැවුණු ලිපි, ග්‍රන්ථාදියත් භාවිත කෙරිණි. මෙම පර්යේෂණයෙහි ප්‍රතිඵලය ලෙස නිරාලාගේ කාව්‍ය සමාජයෙහි පවතින කටුක යථාර්ථය බිඳකුදු උත්ප්‍රේක්ෂාලංකාරයක් නොමැතිව මානව හදවතට ආමන්ත්‍රණය කරමින් රචනා කොට ඇති අයුරු දැකගත හැකි විය. එයින් සමාජශෝධනය කෙරෙහිද අනුබලයක් ලැබෙන බව අවබෝධ කර ගත හැකි විය. පීඩිත පන්තියෙහි යථා ස්වභාවය, විරූපී බව ඉදිරියේ සමාජයෙහි ගැහැණු දරුවෙකුගේ සැබෑ තත්වය සහ ඉංග්‍රීසීන්ගේ නොමනා ක්‍රියාකලාපයන් හේතුවෙන් අගාධයට පත් භාරතීය සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අයුරින් නිරාලාගේ කාව්‍ය නිර්මාණ සමාජ යථාර්ථය පිළිබිඹු කරන බව නිගමනය කළ හැකි විය.en_US
dc.identifier.citationනවගමුව ගයානි තක්ෂිලා (2021), සූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලාගේ’ කාව්‍ය නිර්මාණයන්හි නිරූපිත සමාජ යථාර්ථය පිළිබඳ විමසුමක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 69p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24659
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඡායාවාදී යුගය, නිරාලා, යථාර්ථවාදය, සමාජ යථාර්ථයen_US
dc.titleසූර්යකාන්ත් ත්‍රිපාඨි ‘නිරාලාගේ’ කාව්‍ය නිර්මාණයන්හි නිරූපිත සමාජ යථාර්ථය පිළිබඳ විමසුමක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
HUG Proceedings 2021 69.pdf
Size:
99.83 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections