සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණ ආචාර ධර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් සතු අවබෝධය සහ දැනුවත්බව පිළිබඳ අධ්‍යයනයක්

dc.contributor.authorසෙනරත්, එච්. එම්. අමා උදානි
dc.date.accessioned2022-06-07T05:29:50Z
dc.date.available2022-06-07T05:29:50Z
dc.date.issued2021
dc.description.abstractසොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය සුවිශේෂ විෂය ක්ෂේත්‍රයක් වන අතරම වර්තමානයේ පිළිගත් වෘත්තියක් සහ සමස්ත ලෝකය පුරා ප්‍රචලිත විනෝදාංශයක් බවට පිළිගැනේ. සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය වූ කලී ස්වාභාවික පරිසරය, එහි වන සතුන්, ඡායාරූප ශිල්පය, කලාව, තාක්ෂණය වැනි කරුණු ගණනාවක එකතුවකි. එහිදී ඡායාරූප ශිල්පියා මනා සංයමයකින්, දැඩි කැපවීමකින් විවිධ වූ පරිසර තත්වයන් යටතේ ඡායාරූපකරණයේ නියැලිය යුතු අතර, අනෙක් ඡායාරූප ක්ෂේත්‍රවලට වඩා සැලකිලිමත් විය යුතුය. සදාචාර විරෝධී උපක්‍රම, සතුන්ට බාධාකිරීම්, ඔවුන්ව කැළඹීමට පත්කර ඡායාරූප ගැනීම ආදියෙන් වැළැකීමටත්, සොබාදහම් සහ වනජීවීන් සංරක්ෂණයටත් ආචාර ධර්ම අනුගමනය කළ යුතුය. ක්ෂේත්‍රයේදී වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන් සදාචාරාත්මක නොවන ලෙස ඡායාරූපකරණයේ නියැලෙනු හඳුනාගත හැකිය. මෙම තත්වය වනජීවී ඡායාරූපකරණයේ චිරස්ථිතියට දැඩි බලපෑමක් එල්ල කරයි. මේ නිසා ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන ඡායාරූප ශිල්පීන් මෙරට පවතින වනජීවී ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ දැනුවත්ද යන ගැටලුව පැනනැගෙන මෙම පරීක්ෂණය එම ගැටලුව අරබයා කෙරෙන විමර්ශනාත්මක අධ්‍යයනයකි. මෙම පරීක්ෂණයේදී ප්‍රාථමික දත්ත ලෙස ප්‍රශ්නාවලියක් එනම්, තෝරාගත් ශ්‍රී ලාංකේය වනජීවී ඡායාරූප ශිල්පීන් කීපදෙනෙක් ආශ්‍රයෙන් සහ ද්විතීයික දත්ත ලෙස පොත්, සඟරා ආශ්‍රයෙන් ලබා ගත් තොරතුරු භාවිත කරන ලදී. මෙම විමර්ශනාත්මක අධ්‍යයනයෙන් ලබාගත් තොරතුරු අනුව ප්‍රත්‍යක්ෂ වූයේ ශ්‍රී ලංකාවේ සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය සඳහා ආචාර ධර්ම පද්ධතියක් අත්‍යවශ්‍ය බවත්, 2016 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන්නන් සඳහා ආචාර ධර්ම පද්ධතින් ප්‍රකාශනය වී ඇති බවත් පෙනීයයි. එනමුත් මේ වන තෙක් ශ්‍රී ලාංකික වනජීවී ඡායාරූප ශිල්පීන් අතර ඒ පිළිබඳ ඇති අවබෝධය ඉතා අල්ප බව පරීක්ෂණයෙන් හෙළිදරව් කරගැනිණ. මේ අනුව ශ්‍රී ලංකාවේ වනජීවී ඡායාරූපකරණයේ ආචාර ධර්ම පිළිබඳ වනජීවී ඡායාරූප ශිල්පීන්ව තවදුරටත් දැනුවත් කිරීම සිදු කළ යුතු බව මෙම අධ්‍යයනයෙන් යෝජනා කරනු ලැබේ.en_US
dc.identifier.citationසෙනරත් එච්. එම්. අමා උදානි (2021), සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණ ආචාර ධර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් සතු අවබෝධය සහ දැනුවත්බව පිළිබඳ අධ්‍යයනයක්, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 71p.en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/24661
dc.publisherFaculty of Humanities, University of Kelaniyaen_US
dc.subjectඅවබෝධය. ආචාර ධර්ම පද්ධති. ඡායාරූප ශිල්පීන්. සොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණය. සොබාදහම් සහ වනජීවී සංරක්ෂණයen_US
dc.titleසොබාදහම් සහ වනජීවී ඡායාරූපකරණ ආචාර ධර්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් සතු අවබෝධය සහ දැනුවත්බව පිළිබඳ අධ්‍යයනයක්en_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Thumbnail Image
Name:
HUG Proceedings 2021 71.pdf
Size:
98.98 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
No Thumbnail Available
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections