Digital Repository

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලාංකේය කිතුනු-ඉස්ලාම් අන්තර් ආගමික සංවාදය (මීගමු පුරවැසි එකමුතුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්)

Show simple item record

dc.contributor.author පෙරේරා, ඒ.
dc.date.accessioned 2023-02-03T06:01:56Z
dc.date.available 2023-02-03T06:01:56Z
dc.date.issued 2022
dc.identifier.citation පෙරේරා ඒ. (2022), පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලාංකේය කිතුනු-ඉස්ලාම් අන්තර් ආගමික සංවාදය (මීගමු පුරවැසි එකමුතුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්), 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 78. en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/25909
dc.description.abstract ජුදා දහමින් පෝෂණය ලැබු කිතුනු-ඉස්ලාම් ආගම් අතර සමානතා මෙන්ම අසමානතා පවති- මෙම ආගම් දෙකෙහි ඉතිහාසය දෙස බලන විට ආගමික අන්තවාදි ප්‍රවනතා දක්නට ලැබේ- කිතුනු-ඉස්ලාම් ගැටුම් හුදෙක් ආගමික සංකල්පයන් මත පමණක් පදනම් නොවුවකි- මෙම ගැටුම් ප්‍රථමයෙන් ආරම්භ වූයේ සුළු ආසියාතික ප්‍රදේශයන්යන්හි ඉස්ලාම් බැතිමතුන් ක්‍රිස්තියානි ප්‍රදේශ ආක්‍රමණය කිරීමත් සමගය- එයින් සියවස් හතරකට දීර්ඝ කාලයක් පැවති කුරුස යුධ මාලාව ඇති විය- මෙම ආගමික අන්තවාදි ගැටුම් ක්‍රමයෙන් දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර කරා ද ව්‍යප්ත විය- ලංකාව තුළ කිතුනු-ඉස්ලාම් විරසකය ප්‍රථමයෙන් ආර්ථිකය මත පදනම් වුවද, පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමග එය ආගමික අන්තවාදි ස්වරූපයක් ගත්තේය- ඉස්ලාම් අන්තවාදි පිරිසක් විසින් 2019 අප්‍රියෙල් 21 වන පාස්කු ඉරු දින කොළඹ, මීගමුව හා මඩකලපුව යන ප්‍රදේශ ඉලක්ක කර සිදු කළ ප්‍රහාරය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද කිතුනු-ඉස්ලාම් සංහිදියාව බිඳ වැටීමට හේතුවන්නක් විය- විශේෂයෙන්ම පුංචි රෝමය ලෙස නම් කරන කිතුනුවන් බහුතරයක් ජීවත් වන, ඒ හා සමානවම ඉස්ලාම් බැතිමතුන් වෙසෙන මීගමුව ප්‍රදේශය මෙම ප්‍රහාරයෙන් ලක්වූ දැඩි පීඩිතභාවය මත එම ප්‍රදේශයෙන් ආරම්භ වන සාමය කඩවීමක් සමස්ත ලංකාවටම බලපාන්නට හැකියාවක් තිබිණි- ඒ අනුව කිතුනු-ඉස්ලාම්වරු බහුතරයක් වෙසෙන මීගමු ප්‍රදේශයේ පාස්කු ඉරුදින අන්තවාදි සිදුවීමෙන් පසු කිතුනු-ඉස්ලාම් සංහිදියාව පවත්වා ගත්තේ කෙසේද යන්න මෙම පර්යේෂණයේ ගැටලුව වෙයි- පර්යේෂණ ගැටලුව විසඳීමේදී මීගමු පුරවැසි එකමුතුව කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් කලාව, අධ්‍යාපනය, උපදේශනය හා දයා සේවාවන් මගින් බිම් මට්ටමේ පිරිස් චින්තනමය මඟ පෙන්වීමක් ඔස්සේ ලාංකේය කිතුනු-ඉස්ලාම් සංහිදියාවට දායක කර ගැනීමට කටයුතු කර ඇති බව පැහැදිලි වෙයි- මෙම ආගමික කණ්ඩායම් දෙක අතර සංහිදියාව පවත්වාගෙන යාමට නිල කිතුනු සභාව දශක කීපයකට පෙර සිටම විශේෂ අවධානයක් යොමු කර ඇත- සභා සම්මේලන පවත්වමින් හා සභා ලේඛන නිකුත් කරමින් සභාවේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති අවස්ථාවක බිම් මට්ටමේදි එය යථාර්ථයක් කිරීමට මීගමු පුරවැසි එකමුතුව ප්‍රයත්න දරා ඇති බව පෙනි යයි- මෙම පර්යේෂණයට අදාළ දත්ත රැස් කිරීමේදී ලේඛන විමර්ශනය, ක්ෂේත්‍ර ගවේෂණය හා දත්ත විශ්ලේෂණය දැක්විය හැකිය- en_US
dc.publisher Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka en_US
dc.subject කිතුනු-ඉස්ලාම්, පුරවැසි එකමුතුව, අන්තවාදි, පාස්කු ඉරුදින ප්‍රහාරය en_US
dc.title පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ලාංකේය කිතුනු-ඉස්ලාම් අන්තර් ආගමික සංවාදය (මීගමු පුරවැසි එකමුතුව පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ඇසුරින්) en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Browse

My Account