Digital Repository

වර්තමාන ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව විදේශ භාෂා ඉගෙනීමට පවතින අභියෝග, ගැටලු හා ඒ සඳහා ගතහැකි විසඳුම් පිළිබඳ ව වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ජයසිංහ, එස්. ජේ. පී. පී.
dc.contributor.author නිලන්ත, ඒ. එල්.
dc.date.accessioned 2023-02-03T05:46:26Z
dc.date.available 2023-02-03T05:46:26Z
dc.date.issued 2022
dc.identifier.citation ජයසිංහ එස්. ජේ. පී. පී.; නිලන්ත ඒ. එල්. (2022), වර්තමාන ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව විදේශ භාෂා ඉගෙනීමට පවතින අභියෝග, ගැටලු හා ඒ සඳහා ගතහැකි විසඳුම් පිළිබඳ ව වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්, 22nd International Postgraduate Research Conference, Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka. 60. en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/25891
dc.description.abstract වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය හා දේශපාලනික අස්ථාවරත්වයත් සමග ඇති වූු අර්බුදකාරී තත්ත්වය හමුවේ තරුණ, වැඩිහිටි බොහෝ පිරිස් තමාගේ හා තම ප්‍රියයන්ගේ අභිවෘද්ධිය මෙන් ම අනාගත සුරක්ෂිත බව උදෙසා විදේශ ගතවීම වර්තමානයේ දැකිය හැකි නව ප්‍රවණතාවකි. එහි දී ඔවුන්ට ප්‍රධාන අභියෝගයක් වනුයේ විදේශ භාෂා ප්‍රවීණත්වයයි. ඔවුන් විදේශ ගතවීමේ අරමුණ අධ්‍යාපනය හෝ වෘත්තීය හෝ වෙනත් අවශ්‍යතාවක් වූවත් එහි දී මූලිකව අදාළ රටේ භාෂාව නිවැරදිව හා ප්‍රායෝගිකව හැසිරවීමේ හැකියාව අත්‍යවශ්‍ය ය. විදේශීය භාෂාවක් ඉගෙන ගැනීම සඳහා පාරිසරික හා භෞතික සාධක සපයා ගැනීම දුෂ්කර වීම පොදු කරුණකි. මෙවන් පසුබිමක විදේශීය භාෂාවක් ඉගෙනීමේ දී විවිධ භාෂාමය ගැටලු ඇති වීම දක්නට ලැබේ. වර්තමාන ගෝලීය රැකියා වෙළෙඳ පොළෙහි වෘත්තීය අවස්ථා සුලභ ය. එහි නිරත වීමට නම් අදාළ විදේශ භාෂා භාවිතයෙහි හැකියාව මෙන් ම දැනුවත් බව අත්‍යවශ්‍ය කරුණක් වන අතර මෙරට පුද්ගලයින්ට එම අනගි අවස්ථා සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත් විදේශ භාෂා ප්‍රවීණත්වයක් නොමැති කම ප්‍රධාන අභියෝගයකි. විදේශ ගත වීමේ දී භාෂා ප්‍රවීණතාව සඳහා විදේශ භාෂා ප්‍රවීණතා පරීක්ෂණ පවත්වනු ලබයි. ඒ පරීක්ෂණවලින් සමත් වීම හෝ අසමත් වීම මත බොහෝ පුද්ගලයින්ට විදේශ ගත වීමේ අවස්ථාව ලැබීම හෝ නොලැබීම සිදුවෙයි. වර්තමාන ගෝලීය ආර්ථික ප්‍රවණතා හා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතා හමුවේ මෙරට පාසල් මට්ටමේ සිට විදේශ භාෂා ඉගැන්වීම සඳහා විෂය මාලාවට විදේශ භාෂා ඇතුළත් කිරීමත් ගුරු ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන් අනියුක්ත කිරීමත් සිදු වේ. විශ්වවිද්‍යාලයන්හි විදේශ භාෂා ඉගෙනීම සඳහා නූතන භාෂා ඒකක ස්ථාපිත කිරීම තුළින් පුළුල් ඉඩ ප්‍රස්ථා ද සලසා දී තිබේ. තව ද රාජ්‍ය ආයතන මෙන්ම අර්ධ රාජ්‍ය, පෞද්ගලික ආයතන රැසක් විදේශ භාෂා ඉගෙන ගැනීම සඳහා සේවා සපයයි. නමුත් ගැටලුව වනුයේ ඒවායේ ප්‍රමිතිය, ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය, මෙරට පුද්ගලයින්ට ඒවායින් අදාළ සේවාව සැපයෙනවා ද සහ ඒවා කොතරම් දුරට සාර්ථකත්වයකින් යුක්ත ද යන්නයි. බොහෝ විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ විවේචන එල්ල වනුයේ ද එය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න සාකච්ඡා කිරීමත් සමග යි. එබැවින් වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව විදේශ භාෂා ඉගෙනීම සඳහා පවත්නා අභියෝග මොනවා ද ගැටලු හා ඒවාට විසඳුම් මොනවා ද යන්න අරමුණු කර ගෙන වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම කාලීන වශයෙන් ද වැදගත් අවශ්‍යතාවකි. මෙම පර්යේෂණය විදේශ භාෂා ඉගෙනීමේ දී අනුගත ව්‍යවහාරික වාග්විද්‍යාත්මක භාෂා ඉගෙනුම් හා ඉගැන්වීම් න්‍යායයන් ඔස්සේ, වයස අ.වු. 18-35ත් අතර විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් විදේශ භාෂා ඉගෙන ගනු ලබන හා දැනටමත් විදේශ ගතව සිටින සීමිත ලාංකිකයින් කණ්ඩායම් දෙකක් යොදා ගනිමින්, විදේශ සේවා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි නියෝජිත ආයතන හා ඊට අනුබද්ධ විදේශ භාෂා මධ්‍යස්ථානවලින් තොරතුරු ලබා ගනිමින්, ප්‍රමාණාත්මක හා ගුණාත්මක මිශ්‍ර ක්‍රමවේදයක් ඔස්සේ සිදු කර ඇත. මෙම පර්යේෂණයෙන් වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට පුද්ගලයින්ට විදේශගත වීමේ දී ප්‍රායෝගිකව විදේශ භාෂා ප්‍රවීණත්වය ලබා ගැනීමේ අභියෝග හා ගැටලු පවතින බවත්, මේ සඳහා දිවයින පුරා විසිරී පවතින විදේශ භාෂා උගන්වන සම්පත්දායකයින්ගේ සංචිතයක් ගොඩනඟා සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ පැහැදිලි තොරතුරු නිරීක්ෂණය කර, විදේශ සේවා අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හෝ රජයේ ආයතනයක් මගින් ඒවා ලියාපදිංචි කිරීම මෙන් ම නියාමනය කිරීමත් සිදුවිය යුතු බවත්, මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, අවශ්‍ය තාක්ෂණික සම්පත් ද ලබා දෙමින් ජාත්‍යන්තර සහායන් ලබාගත යුතු බවත්, විදේශ භාෂා ඉගැන්වීම සඳහා ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද මෙන් ම වාග්විද්‍යාත්මක ක්‍රමවේද යොදාගත යුතු බවත් නිගමන සහ යෝජනා වශයෙන් ඉදිරිපත් කළ හැකිය. එය මෙරට අර්බුදකාරී තත්ත්වය මැඩලීමට මෙන් ම අනාගත සුබසිද්ධිය උදෙසා භාෂාත්මක වශයෙන් පමණක් නොව ජාතික මට්ටමෙන් සිදුවන වන වැදගත් ක්‍රියාවලියකි. en_US
dc.publisher Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka en_US
dc.subject ශ්‍රී ලංකාව, අර්බුදකාරී තත්ත්වය, විදේශ භාෂා ඉගෙනීම, ප්‍රායෝගික, අභියෝග, ප්‍රශ්න හා ගැටලු, විසඳුම් en_US
dc.title වර්තමාන ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව විදේශ භාෂා ඉගෙනීමට පවතින අභියෝග, ගැටලු හා ඒ සඳහා ගතහැකි විසඳුම් පිළිබඳ ව වාග්විද්‍යාත්මක අධ්‍යයනයක් en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Browse

My Account