Digital Repository

පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම

Show simple item record

dc.contributor.author ධර්මරත්න, කේ. ඒ. ශෂි සඳලංකා
dc.date.accessioned 2022-06-03T08:41:09Z
dc.date.available 2022-06-03T08:41:09Z
dc.date.issued 2021
dc.identifier.citation ධර්මරත්න කේ. ඒ. ශෂි සඳලංකා (2021), පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම, Undergraduate Research Symposium, Faculty of Humanities Undergraduate Research Symposium, Faculty of Humanities, University of Kelaniya, Sri Lanka. 44p. en_US
dc.identifier.uri http://repository.kln.ac.lk/handle/123456789/24634
dc.description.abstract පිරිත යනු උවදුරු දුරු කරවා ගැනීම සඳහා බෞද්ධ සංස්කෘතිය තුළ දක්නට ඇති ප්‍රධාන සංස්කෘතිකාංගයකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදීම ආරක්‍ෂාව පතා විවිධ උවදුරු දුරුකර ගැනීම පතා පිරිත් දේශනා කොට ඇති බව බෞද්ධ සාහිත්‍යයේ එන සිදුවීම්වලින් අනාවරණය වේ. දීඝායු කුමාරයා සඳහා පිරිත් දේශනා කිරීමද, විශාලා නුවර තුන් බිය දුරු කර ගැනීම සඳහා පිරිත් දේශනා කිරීමද, මෙත්ත සූත්‍රය දේශනාවේ පසුබිමද, බොජ්ඣංග දේශනාද, ඒ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය. පසු කලකදී පිරිත ආරක්‍ෂක මන්ත්‍ර විධියක් ලෙස බුදුසමය පැතිර ගිය සෑම බෞද්ධ රටකම භාවිත වන අයුරු දැක ගත හැකිය. ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජ පසුබිම අධ්‍යයනය තුළින්ද මෙය සනාථ වේ. දුරාතීතයේ සිට ශ්‍රී ලාංකේය බෞද්ධයන් පිරිත ආරක්‍ෂක මන්ත්‍ර විධියක් ලෙස භාවිත කොට ඇති බව තහවුරු වේ. ඔවුන්ගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී පිරිත් දේශනා පවත්වා ගන්නා අයුරු දැක ගත හැකිය. සිංහලයා පිරිතෙන් ඉපදී පිරිතෙන් මිය යන ජාතියක්ය යන ව්‍යවහාරය ගොඩ නැගී ඇත්තේද මේ හේතුවෙනි. සිංහල බෞද්ධයාගේ ජීවිතයට පිරිත එතරම්ම සමීප වේ. ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ නව පිරිත් සූත්‍රද පිරිත් දේශනා පැවැත්වීමේ විවිධ ක්‍රමද ඒ ඒ පිරිත් දේශනා සඳහා සිදු කරනු ලබන අභිචාරාත්මක පිළිවෙත්ද දැක ගත හැකි වේ. පිරිත් දේශනාව සමඟ කලාව ද ඒකාබද්ධව පවතින අයුරු පිරිත් මණ්ඩපය හා සංගීත භාණ්ඩ භාවිතයෙන් දැකගත හැකිය. පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම ඉස්මතු කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. එය ආගමික හා සංස්කෘතික කාර්යභාරයකි. පිරිත පිළිබඳ උනන්දු වන්නන්ටද පිරිත පිළිබඳ ශාස්ත්‍රීයව හදාරන්නවුන්ටද මෙම අධ්‍යයනය දායකත්වයක් සපයනු ඇත. සාහිත්‍යය මූලාශ්‍රය අධ්‍යයනය මෙහි ප්‍රධාන පර්යේෂණ ක්‍රමවේදය වන අතර සම්මුඛ සාකච්ඡා මගින් හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් ද තොරතුරු ඒකරාශී කිරීමට අපේක්‍ෂා කෙරේ. en_US
dc.publisher Faculty of Humanities, University of Kelaniya en_US
dc.subject පිරිත, සිංහල සමාජය, ආගම, සංස්කෘතිය en_US
dc.title පිරිත් දේශනයේ ආගමික හා සංස්කෘතික වටිනාකම en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search Digital Repository


Browse

My Account