Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Thennakoon, R.N.M."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    මෑත කාලීන ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රජා ගුවන්විදුලියේ භාවිතය
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Thennakoon, R.N.M.
    කිසියම් රටක් සංවර්ධනය සඳහා යන ගමනේ දී ප්‍රජා මාධ්‍ය භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය ආරම්භ කරනු ලබන්නේ මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රජාව නැවත පදිංචි කිරීමේදී ඔවුන්ව සවිබල ගැන්වීම අරමුණු කොටගෙනය. නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලිය දායක කරගැනීම සම්බන්ධව මෑතකාලීනව පර්යේෂණ අධ්‍යයනයන් සිදු වී නොමැත. එම නිසා මෙරට සංවර්ධනයට ප්‍රජා ගුවන්විදුලිය දායක කරගත හැකිද? යන්න සොයා බැලීම කාලීන අවශ්‍යතාවයකි. පර්යේෂණයේ මූලික අරමුණු ද්විත්වය වන්නේ, නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය දායක කරගත හැකි ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සහ නූතන සංවර්ධන සංදේශ ග්‍රාහකයා වෙත ගෙනයාමේදී ප්‍රජා ගුවන්විදුලිය අනුගමනය කරන ක්‍රමවේදය අධ්‍යනය කිරීමයි. පර්යේෂණ උපන්‍යාසය වූයේ නූතන ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රජා ගුවන්විදුලිය දායක කරගැනීමට හැකියාව ඇති බවයි. මිශ්‍ර ක්‍රමවේදය යටතේ සිදුකරන ලද මෙම පර්යේෂණයේදී දත්ත රාශිකරණ ක්‍රමවේදයන් ලෙස සාහිත්‍ය මූලාශ්‍ර විමර්ශනය, ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලිය, සහ ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් සංරක්‍ෂිත හඬපට භාවිත කරන ලදී. ප්‍රශ්නාවලිය මගින් දත්ත ලබා ගැනීමේ දී ක්‍ෂේත්‍ර අධ්‍යයනය සඳහා ඌව සහ දඹාන ප්‍රජා ග ුවන්විදුලි නාලිකා ශ්‍රාවකයන් අතුරින් සියදෙනෙකුගෙන් යුත් නියැදියක් භාවිත කරන ලදි. පර්යේෂකයාගේ බුද්ධිය මත පදනම්ව සහ ීඡී මෘදුකාංගය භාවිතයෙන් දත්ත විෂ්ලේෂණය කරන ලදී. පර්යේෂණයේ එක් ප්‍රතිඵලයක් ලෙස ප්‍රජා ගුවන්විදුලි ශ්‍රවණ කලාපීය ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහා රූපවාහිනීමාධ්‍ය භාවිතා කරන පිරිස 70% ට වඩා වැඩි බව අනාවරණය විය. ඒ අනුව ගුවන්විදුලි මාධ්‍ය ග්‍රාහකයාගෙන් ඈත්ව තිබෙන ආකාරයක් හඳුනාගත හැකිය. ගුවන්විදුලි මාධ්‍යයට සවන්දෙන සුළුපිරිස අතරිනුත් ඌව සහ දඹාන ප්‍රජා ග ුවන්විදුලියට සවන්දෙන පිරිස 68%කි. සමස්ත ගුවන්කාලය සැළකූවිට නූතන සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අරමුණු කරගනිමින් ප්‍රජා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය වන්නේ ගුවන් කාලයෙන් 2% වැනි අවම කාලයකි. මෙවැනි අභියෝගයන් හමුවේ වුවද ප්‍රජා ගුවන්විදුලිය සතු නවීන තාක්ෂණික පහසුකම් සහ ප්‍රමාණවත් මානව සම්පත හේතුවෙන් ප්‍රජා ගුවන්විදුලිය සංවර්ධන අභිමතාර්ථයන් ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමේ හැකියාව පවතී. බහතරයක් ග්‍රාමීය ජනතාව වෙසෙන මෙරට සංවර්ධන ඉලක්කයන් සපුරාගැනීමට යාමේ දී, ප්‍රජා ගුවන්විදුලි මාධ්‍ය වැඩසටහන් අන්තර්ගතය සහ ආකෘතිය නූතන සංවර්ධන අවශ්‍යතා අනුව සකස් කළ යුතුය. ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් අවබෝධ කරගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමටත්, ඔවුන් ඒ සඳහා සක්‍රීයව දායක කගැනීමටත් මෙහි දී යෝජනා කෙරේ.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify