Browsing by Author "Rathnayaka, R.M. Kalindu"
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item Impact of Food Insecurity on Sustainable Development: The Case of Sri Lanka(Center for Sustainability Solutions, University of Kelaniya, Sri Lanka, 2021) Rathnayaka, R.M. Kalindu; Rathnayaka, R.M AuchithyaFood insecurity can be identified as a factor hindering development not only within the least developed coun¬tries but also in developing countries. Food can be identified as a basic hu¬man need, which is essential for the ex¬istence of any living being in the world. However, when considering the food and nourishment status, it is estimated that nearly one billion people are to be undernourished in today’s world (Food and Agriculture Organization of the UN). Thus, the international institu¬tions around the world have put a great commitment and effort to achieve the goal of reducing the number of peo¬ple who are suffering from hunger and food insecurity within the year 2015 even though it still represents one of the biggest challenges for a big part of the world population which must be treat¬ed with the utmost urgency. It is gener¬ally recognized that food insecurity is a multidimensional phenomenon. Thus, this article examines the impact of food insecurity on sustainable development in Sri Lanka.Item වේවැල් නිෂ්පාදන වෙළඳාම ආශ්‍රිත වර්තමාන ප්‍රවණතා : රදාවඩුන්න ග්‍රාමසේවා වසම ඇසුරින්(Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2019) Rathnayaka, R.M. Kalinduලෝකයේ එක් එක් ප්‍රදේශයන්ට ආවේනික වූ ප්‍රාදේශීය ආර්ථික කටයුතු දැකගත හැකි අතර ඒවා ගෝලීය, කලාපීය හා ප්‍රාදේශීය මට්ටමින් හඳුනා ගත හැකි වේ. කිසියම් ප්‍රදේශයක පවතින දේශගුණය, භූ විෂමතාව ආදී භූගෝලීය සාධක මෙන්ම වෙළෙඳපොලල මානව අවශ්‍යතා ආදී මානුෂ සාධකවල ප්‍රථිඵලයන් මත ප්‍රාදේශීය ආර්ථික කටයුතු බොහෝ විට ස්ථානගත වනු ලබයි. මෙම පර්යේෂණ ලිපිය මඟින් අධ්‍යයනයන කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ප්‍රාථමික ආර්ථික කටයුත්තක් ලෙස වේවැල් ආශ්‍රිත නිෂ්පාදන වෙළඳාමෙහි මෑත කාලීන ප්‍රවණතාවයයි. ඒ අනුව මෙම පර්යේෂණයෙහි මුලික අරමුණ වන්නේ වේවැල් නිෂ්පාදන වෙළඳාම ආශ්‍රිත වර්තමානයේ දැක ගත හැකි ප්‍රවණතා හඳුනා ගැනීමයි. එමෙන්ම පර්යේෂණයේ සෙසු අරමුණු ලෙස මෙම ආර්ථික කටයුත්ත ස්ථාන ගත වීමට බලපාන හේතු හඳුනා ගැනීමත්, මෙම ආර්ථික කටයුත්ත ආශ්‍රිතව වර්තමානයේ පවතින ගැටළු හඳුනා ගැනීමත් මූලික විය. සංස්කෘතික පරිසර විද්‍යාත්මක ප්‍රවේශයකින් සිදු කරන මෙම අධ්‍යයනයෙහි මුලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත භාවිතා කරනු ලැබිණි. එම දත්ත ක්ෂේත්‍ර නිරීක්ෂණ, ව්‍යුහගත හා ව්‍යුහගත නොවන සම්මුඛ සාකච්ඡා, පොත්පත්, සඟරා හා අන්තර්ජාලයෙහි ප්‍රකාශිත ලිපි ලේඛන මඟින් රැස් කර ගන්නා ලදී. මෙම අධ්‍යයනය සිදු කිරීමේ දී නියැදිය ලෙස තෝරා ගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රදාවඩුන්න ග්‍රාමසේවා වසමයි. මෙම අධ්‍යයනය සඳහා මෙම ප්‍රදේශය තෝරා ගැනීමට හේතු වුයේ ශ්‍රී ලංකාවේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන වෙළඳාම පැහැදිලිවම හඳුනා ගත හැකි ප්‍රධානම කලාපයක් වීම නිසාවෙනි. අධ්‍යයනයේ දත්ත විශ්ලේෂණය කිරීමේ දී කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් හා විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රම භාවිතා කළ අතර විශ්ලේෂණය කරන ලද දත්ත ප්‍රස්තාර, වගු හා සිතියම් ආදී මාධ්‍යයන්ගෙන් ඉදිරිපත්කොට ඇත. මෙම පර්යේෂණය අවසානයේ දී වේවැල් නිෂ්පාදන වෙළඳාම ආශ්‍රිත මෑත කාලීන ප්‍රවණතා රැසක් හඳුනා ගැනීමට හැකිවිය. ඒ අනුව මෙම කර්මාන්තයට නුතන දායකත්වය ඉතා මද බව, වර්තමානය වන විට වේවැල් නිෂ්පාදන කර්මාන්තයේ නිෂ්පාදනයේ පසුබෑමේ ස්වභාවයක් දැකගත හැකි වීම, නිෂ්පාදන විවිධාංගීකරණය වීම හා ආදේශක අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම යනාදිය ද වේවැල් නිෂ්පාදන කර්මාන්තය ස්ථාන ගත වීමට බලපෑ හේතු ලෙස පාරම්පරික නිෂ්පාදන හිමිකමක් පැවතීම හා භුමිය ලාභදායී වීම ද මෙම කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු ලෙස අමුද්‍රව්‍ය හිඟය හා පුහුණු ශ්‍රමය හිඟ වීම යනාදියත් පර්යේෂණය සිදු කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමට හැකි විය. අවසානයේදී අධ්‍යයනයේදී හඳුනා ගනු ලැබූ ඇතැම් ගැටළු සඳහා තිරසර විසදුම් හා යෝජනා ද ඉදිරිපත් කොට ඇත.