Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Madhusankha, Bhagya R.A."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    උඩරට වෙස් නර්තනයේ අද්‍යතන විශේෂතා පිළිබඳ විශ්ලේෂණයක්
    (Faculty of Graduate Studies - University of Kelaniya, Sri Lanka, 2021) Madhusankha, Bhagya R.A.
    උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම නර්තන ක්‍රමය වෙස් නර්තනයයි. “වෙස්” යන්නෙහි අර්ථය වේශය හෙවත් උපකල්පිත පෙනුම යන්නයි. මෙහිදී උඩරට නර්තන ශිල්පීන්ගේ මතය වෙස් ඇඳුම යනු මලය රජුගේ සිව් සැටක් ආභරණ කට්ටලයෙන් හරි අඩක් බවත් එය කොහොඹා දෙවියන්ගේ ඇඳුම් කට්ටලය බවත්ය. එනිසා වෙස් ඇඳුම හා වෙස් නර්තනය තුළ ඇදහිලි හා විශ්වාස සමග බැඳුනු පූජාර්ථයක් ගැබ්වී ඇත. අංග සම්පූර්ණ වෙස් ඇඳුමින් සැරසුණු ශිල්පියා “යක් දෙස්සා” ලෙස හඳුන්වයි. අතීතයේදී කොහොඹා කංකාරිය, වලියකුම, කඩවර කංකාරිය ආදී උඩරට ශාන්තිකර්ම වලට පමණක් වෙස් ඇඳුම හා වෙස් නැටුම භාවිතා කර ඇති අතර මෙය තාණ්ඩව ලක්ෂණ වලින් යුතු පුරුෂ පාර්ශවය පමණක් ඉදිරිපත් කරන නර්තනයකි. යටත් විජිත සමයේදී ඇති වූ සමාජ, ආර්ථික හා දේශපාලනික තත්වයන් නිසා වෙස් නර්තනය පෙර තත්වයෙන් මිදී විනෝදාස්වාදය මුල් වූ නර්තන ක්‍රමයක් ලෙස පරිවර්තනය වී ඇත. අද්‍යතනය වන විට මෙහි මූලික භාවිතයන් හා හර පද්ධතීන් ගිලිහී හුදෙක් පෙරහැර , ප්‍රභූන් පිළිගැනීමට හා ප්‍රාසාංගික වේදිකා නර්තනයක් හා සංචාරක ප්‍රවර්ධන අංගයක් වී ඇත. එමෙන්ම 20 වන සියවසේ මුල් භාගයේ කාන්තාවන් නර්තනයට පිවිසීම හා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය හා පසු කිහිප වතාවක්ම කාන්තාවන් වෙස් ආභරණ පැළඳ නර්තනය කිරීම සිදු විය. මෙම තත්වයන් මත සාම්ප්‍රදායික වෙස් නර්තනයේ ඇති අරමුණු පූජාර්ථය තාණ්ඩව ලක්ෂණ හා චලන තුළ අර්ථ නිෂ්පත්ති වැනි විශේෂතා අද්‍යතනය තුළ දක්නට ලැබේද යන්න විමර්ශණය මෙහි අධ්‍යයන ගැට`එව විය. එමගින් අද්‍යතන වෙස් නර්තනය තුළ දක්නට ලැබෙන විශේෂතා කවරේදැයි සොයා බැලීම මෙහි අරමුණ වේ. මානව වංශ පර්යේෂණයන්ට අයත් මෙම අධ්‍යයනයේදී ගුණාත්මක ක්‍රමවේදය හා දත්ත ලබා ගැනීමේ දී ප්‍රාථමික මූලාශ්‍ර, ද්විතියික මූලාශ්‍ර යොදා ගැණිනි. ක්ෂේත්‍ර අධ්‍යයන යටතේ කෑගල්ල, කුරුණෑගල, මහනුවර ප්‍රදේශවල පාරම්පරික යක් දෙහි ගුරුවරු අට දෙනෙක් සමඟ සාකච්ඡා කිරිම සිදුවිය. කොහොඹා කංකාරිය පෙරහැර, සංදර්ශණ හා පිළිගැනීම් හෝ නර්තන අවස්ථා නිරීක්ෂණය හා ශිල්පීන් සමග සාකච්ඡා කිරීම තුළින් ද දත්ත ලබා ගැනීම සිදු විය. පුස්තකාල අධ්‍යයනය තුළින් ද්විතියික මූලාශ්‍ර පරිශීලනය කර නිගමන වලට එළඹිණි. අද්‍යතනයේ පුද්ගලයා තම විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනිමට ශාන්තිකර්ම පැවැත්වීම ඉතා විරල වී ඇති අතර වෙස් නර්තනය හා බැඳුනු උඩරට ශාන්තිකර්ම දක්නට දුර්ලභය. උඩරට වෙස් නැටුම ශාන්තිකර්ම වලට වඩා විනෝදාස්වාදය, වාණිජ අරමුණු උදෙසා සමාජ ගත වී ඇති බව පැහැදිලි විය. විවාහ උත්සව හා ආරාධිත පිළිගැනීම් ආදියටත් වේදිකා නර්තනයටත් පෙරහැර නර්තනයටත් මෙම නර්තන ක්‍රමය සුලබව භාවිතා වේ. අද්‍යතනය තුල වෙස් ආභරණ නිර්මාණය, හිස වෙස් තැබීම ආදියද නිසි ප්‍රමිතීන් හා චාරිත්‍රානුකූලව සිදු වන බව ද ගැට`එ සහගතය. එමෙන්ම වෙස් නර්තනය හා බැඳි සාම්ප්‍රදායික හර පද්ධතීන් හා ශාන්තිකර්ම නර්තන ඉගෙනීම සඳහා නවක ශිල්පීන්ගේ ප්‍රවනතාවය අඩුය. වෙස් ඇඳුම් සැරසී අංග, ප්‍රත්‍යාංග, උපාංග විනෝදාස්වාදය පිණිස චලනය කිරිම විනා වෙස් නර්තනය හස්ත හා පාද චලනවල අර්ථ නිෂ්පත්තිය හා ආධ්‍යාත්මික ලක්ෂණ අද්‍යතනය තුළ ගිලිහී යමින් ඇති බවත් මෙම අධ්‍යයනය තුළින් අනාවරණය විය.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify