Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "Attanayaka, A.M.S.K."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    2019 ජනාධිපතිවරණය සහ මාධ්‍ය හැසිරීම (ලංකාදීප පුවත්පතට විශේෂිතව සිදු කරන ලද අධ්‍යයනයක්)
    (Department of Social Statisctics, University of Kelaniya, Sri Lanka, 2020) Wanigasingha, C.B.; Attanayaka, A.M.S.K.
    ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැය නවයක කාලයකට සීමා වුව ද කුමන පක්ෂයක කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කළ යුතු ද යන මතය නිර්මාණය කිරීමට බොහෝ කාලයක් ගත වනු ඇත. එකී මතය නිර්මාණය කිරීමේ මෙහෙවර ජනමාධ්‍ය මෙන්ම අද්‍යයතනයේ දී නව මාධ්‍යයන් ද විසින් සිදු කරනු ඇත. මෙම අධ්‍යයනයේ දී 2019 ජනාධිපතිවරණය කාල සීමාව තුළ දී පුවත්පත් මාධ්‍ය තුළ වාර්තාරකණය සිදු කළ ආකාරය දිනපතා ලංකාදීප පුවත්පතට විශේෂිතව අධ්‍යයනය කෙරේ. 2019 ජනාධිපතිවරණයේ දී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම කෙබඳු ද? යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ මූලික ගැටලුව විය. 2019 ජනාධිපතිවරණයේදී ලංකාදීප පුවත්පතෙහි මාධ්‍ය හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා අන්තර්ගත විශ්ලේෂණ ක්‍රමය යොදා ගන්නා ලදී. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් වූ 2019 ඔක්තෝම්බර් මස 07 වන දිනයේ සිට ජනාධිපතිවරණය පැවැත් වූ 2019 නොවැම්බර් මස 16 දින දක්වා මුද්‍රිත, දිනපතා ලංකාදීප පුවත්පත්වල පළ වූ පුවත්, විශේෂ පිටු සහ අතිරේක, විශේෂාංග ලිපි, කතුවැකි හා කාටුන් පිළිබඳ අන්තර්ගත විශ්ලේෂණය සිදු කරන ලදී. පුවත්පතේ මුල් පිටුව තුළ පළ වූ පුවත් හා සිරස්තල තුළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වැඩි අවස්ථාවක් ලබා දී ඇති බව නිගමනය විය. ප්‍රධාන ශීර්ෂපාඨය මගින් කිසිදු අපේක්‍ෂකයෙකුට සෘජුවම සහය පළ කරන ආකාරයේ වාර්තාකරණයක් සිදු කොට නොතිබුණ ආකාරයත් යම් අවස්ථාවන්වලදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වක්‍රාකාරයෙන් සහය පළවන ආකාරයේ පුවත් වාර්තා කරණයක් සිදු කොට ඇත. පුවත්පතේ හැඩය යම් යම් අවස්ථාවන් තුළ වෙනස් වී ඇති අතර මුල් පිටුවට පෙර විශේෂ පිටුවක් එකතු කොට ඇති බව නිගමනය විය. මැතිවරණ කාලසීමාවක් තුළ දී රටේ ජනමාධ්‍ය හැසිරීම කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මගින් 2019 අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2019 සැප්තැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය උපමානයන් අනුව සෑම මුද්‍රිත මාධ්‍යයක්ම යම් මැතිවරණයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී මධ්‍යස්ථ සහ අපක්‍ෂපාතී විය යුතු බව මූලික යෝජනාව වේ.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify