Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "සමරසිංහ, සඳුනි මහේෂා"

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා කිතුනු ලූක් සුබාරංචි චින්තනයේ ආලෝකනය
    (මානවශාස්ත්‍ර පීඨය,කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව, 2021) සමරසිංහ, සඳුනි මහේෂා
    ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති අතර 1977 රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආයෝජන කලාප සඳහා ප්‍රමුඛස්ථානයක් හිමි විය. විවෘත ආර්ථිකයේ බලගැන්වීමෙන් ක්‍රියාත්මක මෙම ආයෝජන කලාපවලට පරිබාහිරව, පසුකාලීන ප්‍රාදේශීය ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘත විය. මෙම කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ආයතන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නිරීක්ෂණය කළ හැකි අතර කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද මෙවැනි ආයතන සුලබව දක්නට ඇත. කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන කාන්තා ශ්‍රමික පිරිස් මෙන්ම සෙසු ගම්බද පෙදෙස්වල සිට පැමිණෙන කාන්තා ශ්‍රමිකයෝ ද විශාල ප්‍රමාණයක් මෙම රැකියා ස්ථාන වෙත අඛණ්ඩව ආකර්ෂණය වෙමින් සිටිති. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා කිතුනු ලූක් සුබාරංචි චින්තනයේ ආලෝකනය යන පර්යේෂණ පත්‍රිකාවේ මුඛ්‍ය අරමුණ වන්නේ ලූක් සුබාරංචියට අනුව ජේසුස් වහන්සේ සමකාලීන ජුදා සමයේ කාන්තාවන්ට හිමි කර දුන් උදාරත්වය හා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුක්ත වර්තමාන කාන්තා ශ්‍රමිකයන්ගේ උදාරත්වය අතර පවතින සමාන-අසමානතා තුලනාත්මකව අධ්‍යයනය කිරීමයි. ඒ සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියාවේ නියුක්ත කාන්තා ශ්‍රමිකයන් හතළිහක් අහඹු නියැඳි ක්‍රමය යටතේ තෝරාගෙන එම නියැඳියෙන් ප්‍රශ්නාවලීි, සම්මුඛ සාකච්ඡා හා නිරීක්ෂණ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් ප්‍රාථමික දත්ත හා තොරතුරු ලබා ගැනුණි. එසේ ලබාගත් දත්ත හා තොරතුරු විස්තරාත්මක සංඛ්‍යානමය ක්‍රමවේදය මගින් විශ්ලේෂණය කෙරුණි. තවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වූයේ ජේසු තුමා සැබෑ මානවවාදියෙකු හා උදාරතර නායකයෙකු වශයෙන් සමකාලීන ජුදා සමාජයේ කාන්තාවන්ට හිමිව පැවති අඩු ගරුත්වය සහිත ආගමික දේශපාලන සමාජ හා සංස්කෘතික ව්‍යූහ ප්‍රතිසංස්කරණයට ලබා දුන් ආලෝකය වර්තමාන ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුක්ත කාන්තා ශ්‍රමිකයන්ගේ උදාරත්වය ප්‍රවර්ධනය සඳහා උසස් අන්දමින් උපයෝගී කරගත හැකි බවයි.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify