Browsing by Author "සඳරුවන්, එල්. ජී. එස්. යූ."
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාව පිළිබඳ විමසුමක්(Faculty of Humanities, University of Kelaniya, 2021) සඳරුවන්, එල්. ජී. එස්. යූ.සාහිත්‍යය, සංගීතය, නර්තනය, චිත්‍ර යනාදි සියලුම කලා මාධ්‍යන්ට වඩා සිනමාව ප්‍රබල කලා මාධ්‍යයක් ලෙස කලා විචාරකයෝ හඳුන්වති. එය කර්මාන්තයක් වන අතරම සමාජයේ විවිධ ක්ෂේත්‍ර විදහාපාන කැඩපතකි. ලෝකයේ සිනමාව නම් කලා මාධ්‍යයට ඇත්තේ වසර 100ක තරම් කෙටි ඉතිහාසයකි. ලෝකයේ අනෙකුත් කලා මාධ්‍යයන්ට සාපේක්ෂව විමසීමේදී එය සතුව ඇත්තේ ඉතා කෙටි ඉතිහාසයක් බව පැහැදිලිය. එම සිනමා ව්‍යාපාරය තුළ මතු වූ ප්‍රබලතම සහ පුරෝගාමී මැදිහත් වීමක් සේ ඩොග්මේ සිනමාව හඳුන්වාදිය හැකිවන්නේ එම සිනමාව තුළ වූ මතවාදී හා ප්‍රායෝගිකත්වය හැඩය සුවිශේෂ වන බැවිනි. පෙරටුගාමී සිනමා ව්‍යාපාරයක් ලෙස සැලකෙන මෙම සිනමා ශෛලිය ඉංග්‍රීසි භාෂාවේදී Dogm f,i;a" ලෙසත්, ඩෙන්මාර්ක් භාෂාවෙන් Dogme ලෙසත් සම අරුත් ගන්වයි. මෙම ඩොග්මේ සිනමාව එවකට සමස්ත සිනමාවම මුහුණ දෙන නිශ්චිත ප්‍රවණතාවන් හා අභියෝගයන් හඳුනාගනිමින් ඒ කෙරෙහි මුහුණ දිය යුතු ස්වභාවය හඳුනාගනිමින් හා එය විග්‍රහකරමින් ප්‍රායෝගිකව භාවිත වන්නට විය. මෙම 90 දශකයේ බිහිවූ ඩොග්මේ සිනමාවේ සංවර්ධනය, අරමුණු, නීති, නිර්මාණකරුවන් මෙන්ම එම සිනමා ශෛලියේ අවසානයද කලා කෘති කිහිපයක් ඇසුරෙන් මෙම පර්යේෂණ පත්‍රිකාව සකස් කිරීම මෙහි අරමුණයි. ඩොග්මේ සිනමාවේ ඉහත දැක්වූ කරුණු සාකච්ඡා කිරීමට The Celebration, The Idiots, Lovers, Julien Donkey Boy චිත්‍රපට උපයෝගී කරගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික මූලාශ්‍රය ලෙෂ ඩොග්මේ 95 ප්‍රකාශනය සහ කන්‍යාභාවයේ දිවුරුම (Vow of Chastity) නම් සුප්‍රකට ලියවිලි යොදා ගන්නා අතර ද්විතීක මූලාශ්‍රය ලෙස විෂය ක්ෂේත්‍රයට අදාළ ග්‍රන්ථ, තෘතීය මූලාශ්‍රය වශයෙන් පුවත්පත් හා අන්තර්ජාලය භාවිත කෙරේ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේදයන් වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී විශේෂවේදී උපාධියේ පළමු වසර මෙන්ම දෙවන වසර සිසුන් 100 නියැදියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මගින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. කලාව යනු විශ්වීය භාෂාවක් වේ. ඩොග්මේ සිනමාව මගින් මිනිසාගේ හුදු රසාස්වාදයට වූ බලපෑම තුලනාත්මකව තක්සේරු කරලීම මෙහි ප්‍රධාන අරමුණයි.Item කුරසෝවා අකිරා හා යසුජිරෝ ඕෂු යන ජපන් සිනමා අධ්‍යක්ෂවරුන්ගේ තාක්ෂණික සිනමා භාවිතය හා සිනමා රීතීන් පිළිබඳ විමසුමක් - චිත්‍රපට කිහිපයක් ඇසුරෙන්(Faculty of Humanities, University of Kelaniya, 2021) සඳරුවන්, එල්. ජී. එස්. යූ.; පමෝදා, කේ. වී. ධනේශි; දිසානායක, ඩී. එම්. දනුෂි නවෝදාශිෂ්ටාචාරයේ සමාරම්භයේ සිටම මිනිසා විසින් නිර්මාණය කරන ලද සියලුම කලාවන්ගෙන් උකහාගත් ලක්ෂණයන් කැටි කරගත් ලෝකයේ පවත්නා ප්‍රබලම කලා මාධ්‍යය බවට පත්ව ඇති සිනමාපට ලොවට දායාද වී මේ වන විට සියවසකට වඩා කාලසීමාවක් ගතවී ඇත. සිනමාපට එයටම සුවිශේෂ වූ අනන්‍යතා ඇති කර ගනිමින් 1890 දශකයේ සිට ලෝකය පුරා ව්‍යාප්ත වීම සිදු විය. සෙන් බුදු දහමින් හා ෂින්තෝ ආගම මඟින් හික්ම වූ ආසියාවේ ප්‍රබලම රාජ්‍යයක් සේ සැලකෙන ජපානයට චිත්‍රපට කලාව අත්විඳීමේ භාග්‍ය හිමිවන්නේද සිනමාවේ මුල් අවධියේදීමය. කබුකි නාට්‍යයන්වල ඇතැම් කොටස් රූගත කිරීමෙන් ජපානයේ පළමු චිත්‍රපටය බිහි වූ අතර එය ජපන් සිනමාවේ ඓතිහාසික සන්ධිස්ථානයකි. ඒ අයුරින් බිහි වූ ජපන් සිනමාවේ මහා සිනමාවේදීන් වන කුරසෝවා අකිරා, යසුජිරෝ ඕෂු නිර්මාණකරුවන්ගේ සුවිශේෂ දායකත්වය මෙන්ම ඔවුන්ගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණ පත්‍රිකාවේ අරමුණයි. මෙහිදී කුරසෝවා අකිරා ඔහුගේ නිර්මාණ මුවහත් කර ගැනීම සඳහා බටහිර සිනමාව යොදාගත් අතර යසුජිරෝ ඕෂු බටහිර සිනමා සිත්තම් මඟින් ගත් ආභාසය දේශීය ජපන් සිනමාවේ පිළිබිඹු කිරීමට උත්සාහ කරන ලදී. මෙම අධ්‍යයනය සඳහා ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත මෙන්ම තෘතීය දත්තද භාවිත කරයි. ප්‍රාථමික දත්ත සපයාගැනීමේදී අදාළ සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා කෘති පරිශීලනයෙන් හා සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් තොරතුරු සපයාගත් අතර, ද්විතීයික දත්ත ලබාගැනීමේදී දේශීය මෙන්ම විදේශීය ග්‍රන්ථ, වාර සඟරා පරිශීලනය කරන ලදී. තෘතීයික දත්ත සපයා ගැනීමේදී මූලික වශයෙන්ම අන්තර්ජාලය හා පුවත්පත් ඒ සඳහා භාවිත කෙරිණ. මේ සඳහා යෝජිත පර්යේෂණ ක්‍රමවේද වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ශාස්ත්‍රවේදී විශේෂ උපාධියේ තෙවන වසර සහ සිව්වන වසර සිසුන් 100ක නියැඳියක් ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය මඟින් තොරතුරු රැස් කිරීමට බලාපොරොත්තු වේ. තෝරාගත් සිනමා කෘති කිහිපයක් ඇසුරෙන් අදාළ සිනමාකරුවන් දෙදෙනාගේ සිනමා භාවිතය හා සිනමා රීතීන් තුලනාත්මකව සංසන්දනය කිරීම මෙහි අරමුණ වේ.