Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "මාධව, ජේ. ඒ. ටී."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    2022 ගෝල්ෆේස් අරගලයේ ප්‍රවෘත්ති වාර්තාකරණය - රූපවාහිනී මාධ්‍යය ඇසුරෙන් විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්
    (Faculty of Graduate Studies, University of Kelaniya Sri Lanka, 2022) මාධව, ජේ. ඒ. ටී.
    මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ 2022 වර්ෂයේ ගෝල්ෆේස් අරගලයේ ප්‍රවෘත්ති රජයේ සහ පෞද්ගලික මාධ්‍ය අංශ විසින් වාර්තා කළ ආකාරය අධ්‍යයනය කිරීමයි. මෙහි දී කාල රාමුව ලෙස 2022 මැයි මස 09 වන දින හා 2022 ජුනි 09 වන දින ප්‍රවෘත්ති විකාශයන් අතරතුර අරගලයේ ප්‍රවෘත්ති වාර්තාකරණය කළ ආකාරය පිළිබඳව රූපවාහිනී මාධ්‍ය දෙකක් ඇසුරෙන් විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් සිදු කර ඇත. මෙහි දී පර්යේෂණයේ නියැදිය වශයෙන් රජයේ ප්‍රධානතම රූපවාහිනී මාධ්‍ය ආයතනය වන ජාතික රූපවාහිනියත්, අරගල පුවත් මාධ්‍ය විකාශනයේ ජනප්‍රියතම මාධ්‍ය ලෙස ප්‍රකට වූ සිරස රූපයවාහිනී මධ්‍යයත් පෞද්ගලික මාධ්‍යයන් අතුරින් තෝරා ගන්නා ලදී. දත්ත රැස් කිරීමේ දී මාධ්‍ය අංශ දෙකෙහිම ප්‍රවෘත්ති වාර්තාකරණයේ පටිගත වීඩියෝ පට සහ එම ආයතන නිළ වෙබ් පිටු වල පලකළ වීඩියෝ පට භාවිතා කරන ලදී. දත්ත විශ්ලේෂණයේ දී ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී මාධ්‍ය අංශ දෙකෙහිම ප්‍රවෘත්ති සිරස්තල භාවිතය, ගුවන් කාලය වෙන් කිරීම, සහභාගී වූ වර්තාකරුවන් ප්‍රමාණය, ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදුනු ස්ථාන, පුවත් සංස්කරණය, පක්‍ෂග්‍රාහී බව, සජීවී පුවත් විකාශන වලදී භාෂා භාවිතය යන කරුණු යටතේ මාධ්‍ය අංශ දෙක පිළිබඳව අන්තර්ගත විශ්ලේෂණයක් සිදු කරන ලදී. මෙම පර්යේෂණයේ නිගමන සහ නිර්දේශ ලෙස පර්යේෂණයෙන් සනාත වී ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ලෙස ජාතික රූපවාහිනිය ප්‍රවෘත්ති විකාශනය තුළින් අරගලයේ නියම තත්ත්වයන් නිසි ලෙස විකාශනය සිදු කර නොමැති බවත්, රජයට පක්‍ෂක්ග්‍රාහීව ප්‍රවෘත්ති විකාශනය කර ඇති බවත්ය. ජාතික රූපවාහිනියේ විකාශනයේ දී ඔවුන් තමන්ගේ දෛනික වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් අරගලය සංනිවේදනය උකහා දැක්වීම යටපත් කර වර්තාකරනය සිදු කර ඇති අතර එය රාජ්‍ය විරෝධී කැරුල්ලක් යන මතය නිර්මාණය කිරීමට ද උත්සාහා දරා ඇත. එමෙන්ම රාජ්‍ය මර්ධනය හෙලිදරව් වීම වලැක්වීමට තම විකාශනය තුළින් උත්සාහ දරා ඇත. පෞද්ගලික මාධ්‍යයක් ලෙස සිරස රූපවාහිනිය අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඍජුව විකාශනය කිරීමට හා සජීවීව විකාශනය කිරීමට කටයුතු කර ඇති බවත්, සිරස මාධ්‍ය අරගලකරුවන්ට පක්‍ෂක්ග්‍රාහීව හා ජනතාව අරගලය තුළට ඇද ගැනීමට වචන හා භාෂාව භාවිතා කර ඇති බවත්, අරගලකරුවන්ට විරුද්ධව දැඩි මර්ධනකාරී වැඩ පිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරන බව නිරූපණය කිරීමට තම මාධ්‍යවේදීන් අරගල භූමියේ සිට සජීවී තොරතුරු වාර්තාකරණය හා එම මාධ්‍යවේදීන්ට ද ප්‍රහාර එල්ල වීම සංස්කරණය නොකරමින් විකාශනය කිරීම හා ඔවුන් හා ප්‍රවෘත්ති නිවේදකයන්ගේ ආවේගශිලී වචන භාවිතය මගින් අරගලය නිරවද්‍ය කිරීම හා ප්‍රවෘත්ති විකාශනයේ වැඩි කාලයක් අරගලයේ පුවත් විකාශනයට භාවිතා කිරීම මගින් ප්‍රේක්ශකයින් වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීමට තම මාධ්‍ය භාවිතා කර ඇති බව පර්යේෂණයෙන් සනාත වී ඇත.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify