Browsing by Author "බණ්ඩාර, ආර්. එම්. එන්. යු."
Now showing 1 - 2 of 2
- Results Per Page
- Sort Options
Item ජෝර්ජ් කීට් ශිල්පියා ඉන්දීය කලා ලක්ෂණ හා යුරෝපීය ඝනිකවාදීකලා ලක්ෂණ කෙතරම් දුරට ගෝතමී විහාර සිතුවම්වලට යොදාගෙන තිබේද යන්න අධ්‍යයනය කිරීම(Faculty of Humanities, University of Kelaniya, 2021) බණ්ඩාර, ආර්. එම්. එන්. යු.අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ දේශීය විහාර චිත්‍ර කලාව යටත් විජිත සමයේ බලපෑමත් සමඟ වෙනස්කම් රැසකට ලක්විය. එබැවින් විසිවන සියවස මුල් භාගයේ සිට යුරෝපීය චිත්‍ර කලා ආභාසය මෙන්ම ඉන්දීය කලා ආභාසයද මෙරට විහාර සිතුවම් කලාවට මුසු වන්නට විය. මේ නිසා විහාර චිත්‍ර කලාව සාම්ප්‍රදායික රාමුවෙන් මිදී නව ආරකට යොමුවිය. ජෝර්ජ් කීට්ගේ ගෝතමී විහාර සිතුවම්ද මෙම කාල පරාසයට අයත්ය. ඔහු ඉන්දියාවේ අධ්‍යාපනයෙන් ලද දැනුමෙන් බොරැල්ලේ ගෝතමී විහාරයේ සිතුවම්වලට අජන්තා, එල්ලෝරා ආදි ඉන්දීය බෞද්ධ සිතුවම් ලක්ෂණ මෙන්ම දකුණු ඉන්දීය කෝවිල් මූර්ති ආශ්රිත හින්දු බලපෑම්ද අන්තර්ගත කර ඇත. ඊට අමතරව පැබ්ලෝ පිකාසෝ ආදි යුරෝපා ශිල්පීන්ගේ ඝනිකවාදී ලක්ෂණත් මෙම විහාරයේ සිතුවම්වල දක්නට ලැබේ. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ ජෝර්ජ් කීට් ඉන්දීය හා ඝනිකවාදී කලා ලක්ෂණ කෙතරම් දුරට දේශීය සිතුවම් කලාව හා සම්මිශ්‍රණය කර තිබේද යන්න සොයා බැලීමයි. එනම් ලාංකේය සමාජ සංස්කෘතිය, සාම්ප්‍රදායික විහාර සිතුවම් කලාවේ වර්ණ භාවිතය, මෝස්තර , ඇඳුම් පැළඳුම්, ආදිය සමඟ ඉන්දීය හා යුරෝපීය චිත්‍ර කලාවේ ක්‍රම ශිල්ප, සංස්කෘතිය, ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර, වර්ණ භාවිතය, ආදිය මුසු කර ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. එමගින් බෞද්ධ චිත්‍ර කලාව නව මුහුණුවරකින් ලාංකිකයාගේ මනසට කාවැද්දීමට ජෝර්ජ් කිට් දරා ඇති උත්සාහය පිළිබඳ විමර්ශනය කිරීමද අරමුණු කෙරේ.. මේ සඳහා ගුණාත්මක අධ්‍යයන ක්‍රමවේදය යොදා ගනී. මෙහිදී ගෝතමී විහාරයේ සිතුවම් මාතෘකා කිහිපයක් වන සිදුහත් කුමරුගේ සරණ මංගල්‍යය, යශෝධරා දේවිය හා සිදුහත් කුමරු ප්‍රේමයෙන් සිටින අවස්ථාව, සිදුහත් කුමරු ගිහිගෙය හැර යාම හා මාර පරාජය යන සිතුවම් උපයෝගී කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යනයේදී ප්‍රාථමික මූලාශ්රයලෙස ගෝතමී විහාරයට ගොස් සිතුවම් අධ්‍යයනය කිරීමත් ද්විතීයික හා තෘතීයික මූලාශ්‍රය භාවිත කිරීමටත් අපේක්ෂා කෙරේ. දේශීය සිතුවම් කලාවේදී ආගමික, සමාජීය ලෙස ඇති වූ බලපෑම් හා පරිවර්තන හමුවේ දේශීය ශිල්පීන්ගේ කලා ආභාසය වෙනස් විය. ඒ අනුව ජෝර්ජ් කීට් ශිල්පියාගේ ගෝතමී විහාර සිතුවම් අධ්‍යයනයෙන් නව ආරකින් බෞද්ධ සිතුවම් දේශීය ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතිය උදෙසා සිතුවම් කළ ආකාරය මෙම පර්යේෂණයෙන් අධ්‍යයනය කළ හැකි බව නිගමනය කෙරේ.Item ලාංකික සමාජයේ ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙෂ සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීම(Faculty of Humanities, University of Kelaniya, 2021) බණ්ඩාර, ආර්. එම්. එන්. යු.යුරෝපය පුරා පැතිරුණු ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්රය වර්තමානයේදී ශ්‍රී ලාංකාවේද සමාජගතව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. නමුත් ලාංකික සමාජයේ ග්‍රැෆික් ශිල්පීන්ට වෘත්තිකයෙකු ලෙස ස්ථාවර වීමට අවස්ථාවන් සොයා ගැනීමේ අපහසු තත්වයක් දක්නට ලැබේ. වාණිජමය වශයෙන් හා මහා පරිමාණයෙන් ආයතනානුබද්ධව සංවිධානය වන පිරිසට වඩා ස්වාධීන වෘත්තිකයකු ලෙස සමාජගත වීම අසීරු තත්වයක් පෙන්වයි. ප්‍රධාන වශයෙන් මෙවැනි කටයුත්තක් සඳහා ප්‍රචාරණ මාධ්‍යක් අවශ්‍ය වේ. ඒ සඳහා වර්තමානයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වන ෆේස්බුක් මාධ්‍ය යොදාගැනීම දක්නට ලැබේ. ඒ මඟින් පුළුල් පිරිසකට තම නිර්මාණ හැකියාවන් ඉදිරිපත් කිරීමට හා වාණිජ, ව්‍යාපාරික කටයුතු සඳහා සම්බන්ධ වීමට හැකියාව ලැබේ. නමුත් ශිල්පීන්ට ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් ග්‍රැෆික් ක්ෂේත්රයේ තම අනන්‍යතාව ගොඩනඟා ගැනීම හා වෘත්තිකයෙකු ලෙස ස්ථාවරවීමේදී ගැටලු, අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම අධ්‍යයනයේ අරමුණ නම් ෆේස්බුක් මාධ්‍ය භාවිත කරමින් නව ග්‍රැෆික් ශිල්පියෙකුට වෘත්තිකයෙකු ලෙස සමාජගතවීමේදී ඇති වන ගැටලු පිළිබඳ සොයා බැලීමයි. පර්යේෂණය සඳහා ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අධ්‍යයනය සඳහා ෆේස්බුක් මාධ්‍යයෙහි දැනට ක්‍රියාත්මක වන ග්‍රැෆික් ක්ෂේත්රය අධ්‍යයනය කරන සමූහ තුනක් යොදා ගෙන එහි සාමාජිකයන් ඉදිරිපත් කරන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ. එසේම නිර්මාණ රසවිඳින්නන් හා පාරිභෝගිකයන් තුන්සියය ඉක්ම වූ ග්‍රැෆික් සම්බන්ධ පිටු පවත්වාගෙන යන පුද්ගලයන් තිස් දෙනෙක් තෝරාගෙන එම පිටුවල අන්තර්ගතයන් අධ්‍යයනය කිරීම හා ඔවුන් සම්බන්ධ කරගෙන එම ශිල්පීන් මුහුණ දෙන ගැටලු, ව්‍යාපාර ප්‍රවර්ධනයට ගන්නා ක්‍රියාමාර්ග හා ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ ප්‍රශ්නාවලි ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට නියමිතය. මේ සඳහා ලාංකේය පුද්ගලයන් සම්බන්ධ සමූහ හා පිටු යොදාගනු ලැබේ. මෙම අධ්‍යයනයෙන් ග්‍රැෆික් ක්ෂේත්රයට ලැදි, හැකියාව සහිත ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ වෘත්තිකයෙකු ලෙෂ ක්ෂේත්රයේ අවස්ථා උදාකරගැනීමට හා ස්ථාවර වීමට උත්සාහ කරන නව ග්‍රැෆික් ශිල්පියෙකුට ඇතිවන ගැටලු අවම කර ගැනීමට මෙන්ම ඒවාට යොදාගත හැකි පිළියම් මොනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීම පර්යේෂණයෙහි අරමුණයි.