Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "දිල්රංග, ඩබ්ලිව්. ඩී."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    අපනයනයන් තුළින් ලංකාවේ ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑම
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2022) දිල්රංග, ඩබ්ලිව්. ඩී.
    ආර්ථික වර්ධනය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එහි ප්‍රධාන කොටස්කරුවෙකු වශයෙන් එම රටෙහි අපනයන ආර්ථිකය හඳුන්වා දිය හැකිය. එම ආයතනයන් දේශීය ආර්ථිකයට කරන බලපෑම කෙසේද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය අංගයකි. රටක ආර්ථිකය වර්ධනයේ ප්‍රධාන කොටස්කරුවෙකු වන අපනයනයන් විවිධාංගීකරණය වූ විවිධ අපනයන අංශ ඔස්සේ ආර්ථික වර්ධනයට දායක වේ (Export Definition, 2021). අපනයනය විවිධ ආකාරවලින් නිර්වචනය හෝ පැහැදිලි කිරීම සිදුකළ හැකිය. අපනයනය භාණ්ඩ හා සේවා වශයෙන් සිදුවන්නකි. සරලවම කිවහොත් යම් රටක නිෂ්පාදනය සිදු කරනු ලබන භාණ්ඩ හා සේවාවන් තවත් රටක ගැණුම්කරුවන්ට සෘජුව හෝ වක්‍රව අලෙවි කිරීම අපනයනයයි (Mullen,1993). මෙම අපනයන නිෂ්පාදන අපනයනය සඳහාම නිෂ්පාදනය හා බොහෝ දියුණු රටවල තම රටෙහි නිෂ්පාදන අතිරික්ත නිෂ්පාදකයන්ගෙන් ලබාගෙන අපනයන සඳහා යොමුවේ. රටක මාර්ග, ගුවන, වාතය (අවකාශය) යන මාර්ග තුන ඔස්සේ ලෝකයේ අපනයන වෙළඳපොල නිර්මාණය වී ඇත (The balance, 2021). අපනයන භාණ්ඩ වශයෙන් ඉහළ වාණිජමය වටිනකමකින් යුතු භාණ්ඩ අපනයන තුළින් වැඩි ශුද්ධ විදේශ විනිමය ආදායමක් ලබා ගත හැකිය. එම දේශීය ආර්ථිකය ධන වර්ධනයක් කරා යාමට ඉවහල් වේ. රටක අපනයන දියුණු කිරීම තුළින් දේශීය ආර්ථිකයට ධන බලපෑමක් එල්ල වනවා වගේම දේශීය ශ්‍රම බලකායට ධන බලපැමක් හා රටක රැකියා විරහිත බාවය, දුගීභාවය තුරන් වී නව රැකියා අවස්ථා හා රැකියා වෙළෙඳපොළක් ද රට තුළ බිහිවේ. එම අපනයන තුලින් රටට ලැබෙන ශුද්ධ විදේශ විනිමය වැඩිවීමට බලපායි (Herath & Chathurika , 2016). බොහෝ රටවල තම සමාගම් මෙන්ම රාජ්‍ය ආයතන ද විභව වෙළෙඳපොළ ඉක්මනින් දියුණු කර ගැනීමට ඇති එක් ප්‍රවේශයක් වශයෙන් තම අපනයන වෙළෙඳපොළ පුළුල් කරගනී (Shopify, 2021). අපනයන ආර්ථිකය විවිධ අංශ ඔස්සේ දේශීය ආර්ථිකයට බලපෑම් එල්ල කරනු ලබයි. එනම් වාර්ෂිකව අපනයනය සිදු වූ තෝරාගත් රටවල් 10 තුළින් ලැබූ වාර්ෂික අපනයන ආදායම, වාර්ෂික අපනයනයන් තුළින් ලැබු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට බලපාන ආකාරය, වර්ෂ 15 (2005 – 2019) ක මුළු අපනයන ආදායම, නිෂ්පාදන වර්ෂ අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම හා අපනයන ආදායම්වල ඉදිරි වර්ෂ බලපෑම් හා ඉලක්ක පුරෝකථනය, ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන අතර වැඩි වශයෙන් සිදුවන අපනයන නිෂ්පාදන මොනවාදැයි හඳුනා ගැනීම යන අංශ ඔස්සේ අපනයනය දේශීය ආර්ථිකයට ඇතිකරනු ලබන බලපෑම විවිධ විශ්ලේෂණ ක්‍රම ඔස්සේ විමසා බලයි.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify