Repository logo
Communities & Collections
All of DSpace
  • English
  • العربية
  • বাংলা
  • Català
  • Čeština
  • Deutsch
  • Ελληνικά
  • Español
  • Suomi
  • Français
  • Gàidhlig
  • हिंदी
  • Magyar
  • Italiano
  • Қазақ
  • Latviešu
  • Nederlands
  • Polski
  • Português
  • Português do Brasil
  • Srpski (lat)
  • Српски
  • Svenska
  • Türkçe
  • Yкраї́нська
  • Tiếng Việt
Log In
New user? Click here to register.Have you forgotten your password?
  1. Home
  2. Browse by Author

Browsing by Author "තරින්දි, ඩී. ඩී."

Filter results by typing the first few letters
Now showing 1 - 1 of 1
  • Results Per Page
  • Sort Options
  • Thumbnail Image
    Item
    ශ්‍රී ලංකාවේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ආර්ථික සමාජ පසුබිම කෙරෙහි කුසලතාවයන්හි බලපෑම තුලනාත්මකව අධ්‍යයනය කිරීම (මහර ප්‍රාදේශය ලේකම් කොට්ඨාශය ඇසුරින්)
    (Department of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lanka, 2021) තරින්දි, ඩී. ඩී.
    ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් ලබන රටක ස්වයං රැකියාව ප්‍රධාන රැකියා ක්‍ෂේත්‍රයකි. රැකියා අපේක්‍ෂකයන්ට සාපේක්‍ෂව විරැකියා තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ අධ්‍යාපනය හැර යන සිසුන් නිසි අධ්‍යාපන ක්‍රමවේදකයකට යොමු නොවීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ස්වයං රැකියා ක්‍ෂේත්‍රය වේ. තවද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගත් සිසුන් රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම (Gunarathna, 2005) හේතුවෙන් මෙලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන සිසුන්ද ස්වයං රැකියා ක්‍ෂේත්‍රයන්ට යොමු වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ ස්වයං රැකියා ව්‍යාප්තිය පිළිබඳ සැලකීමේ දී වර්ෂ 1991 -2005 කාලය තුළ ඉතා සුඵ උච්ඡාවචනයක් සහිතව ව්‍යාප්ත වන අතර 2006 - 2016 දක්වා කාලය තුළ ඉහළ ස්ථාවරව වර්ධනය වී තිබෙන අතර වර්ෂ 2016න් පසුව එහි ක්‍රමික අඩු වීමක් නිරීක්ෂණය කළ (Department of Census and Statistics, 2019). 2020 වර්ෂයේ පළමු කාර්තුව වන විට ස්වයං රැකියාවක් කරන සේවා යෝජක පුද්ගලයන් ප්‍රමාණය සමස්ත ශ්‍රම බලකායට අනුව 202,933ක් ලෙසත්, තමන්ගේම රැකියාවක් කරන පුද්ගලයන් 2,663,080ක් ලෙසත් හා පවුලේ සාමාජිකයන් ලෙස ස්වයං රැකියාවේ නිරත වන පුද්ගලයන් 532,109 ලෙසත් ඇස්තමේන්තු කර තිබේ (Department of Census and Statistics, 2020). 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ස්වයං රැකියා නියුක්තිකයින්ගෙන් 24%ක් පවුලේ සාමාජිකයින්ගෙන් සමන්විත වන අතර කෘෂිකාර්මික නොවන ස්වයං රැකියා නියුක්තිකයින්ගෙන් 10%ක ප්‍රතිශතයක් පවුලේ සාමාජිකයින්ගෙන් සමන්විත (Department of Census and Statistics, 2020). කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට වසාදැමීම නිසා කුඩා හා සුඑ පරිමාණ ස්වයං රැකියා නියුක්තිකයින් සඳහා අහිතකර බලපෑමක් ඇතිව තිබේ. දැනට කුඩා පරිමාණයේ රැකියාවන් කොපමණ ප්‍රමාණයක් ඉවත් වී තිබේදැයි තක්සේරු කිරීම දුෂ්කරය. නමුත් කම්කරු දෙපාර්තුමේන්තුව ඇස්තමේන්තු කර ඇති පරිදි 52.15%ක් පමණ කුඩා ව්‍යාපාරවලින් ඉවත්වී ඇති බවට ගණනය කර තිබේ. ඒ අනුව මෙම අධ්‍යයනය ස්වයං රැකියා නියුක්තිකයින් සඳහා බලපාන ප්‍රධාන කුසලතාවන් මොනවාද යන ගැටළුව ඔස්සේ ස්වයං රැකියා නියුක්තිකයින් සඳහා බලපාන ප්‍රධාන කුසලතාවයන් අධ්‍යයනය කිරීම අරමුණු කරමින් සිදුකර ඇත. අධ්‍යයනය සිදු කිරීමේදී කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ද, රටේ පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ප්‍රවාහන ඇතුළු අත්‍යවශ්‍ය සේවා හිඟ වීම යන සීමාවන්ට යටත්ව ශ්‍රී ලංකාවේ ස්වයං රැකියා නියුක්තිකයින් සඳහා බලපාන ප්‍රධාන කුසලතාවයන් කවරේදැයි හඳුනා ගන්නා ලදී.

DSpace software copyright © 2002-2025 LYRASIS

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback
Repository logo COAR Notify