Please use this identifier to cite or link to this item: http://repository.kln.ac.lk/handle/123456789/26334
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorකුමාරි, ආර්.එම්.අයි.එන්.-
dc.date.accessioned2023-05-24T03:51:11Z-
dc.date.available2023-05-24T03:51:11Z-
dc.date.issued2022-
dc.identifier.citationකුමාරි ආර්.එම්.අයි.එන්. (2022), ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සිදු වීමට බලපාන සාධක, Journal of Social Statistics, Volume 09, Issue 02, Department of Social Statistics, Faculty of Social Sciences University of Kelaniya Sri Lanka. 49-54en_US
dc.identifier.urihttp://repository.kln.ac.lk/handle/123456789/26334-
dc.description.abstractවර්තමාන ලෝකයේ සිදු වන කාර්මීකරණය මෙන්ම නාගරීකරණය හේතුවෙන් සියලු දෙනාටම මුහුණපාන්නට සිදු වී ඇති ගැටලුවක් ලෙස මාර්ග අනතුරු හඳුනා ගත හැකිය. මාර්ග අනතුරු යනු වාහනයක් සම්බන්ධ වන පොදු මාර්ගයේ සිදුවීමක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට හෝ දේපළවලට හානි සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය :2020*ට අනුව මිලියන 1ග3 කට අධික ජනතාවක් මාර්ග අනතුරු හේතුවෙන් වසරකට මිය යයි- එමෙන්ම ශ්‍රී ලංකාවේ ද හාරදහස් දෙසියකට ආසන්න ප්‍රමාණයක් මාර්ග අනතුරු හේතුවෙන් වසරකට මිය යයි- එනිසා මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සිදුවීමට බලපාන සාධක මොනවාද යන්න හඳුනා ගැනීමයි- මේ සදහා ද්විතීයික දත්ත යොදා ගන්නා ලදී- එහිදී රථවාහන පොලිස් මූලස්ථානය මගින් වාර්ෂිකව සකස් කරන වාර්තා යොදා ගත් අතර 2014 සිට 2020 දක්වා වාර්තාවල සඳහන් සාධක පිළිබඳව සලකා බලන ලදී- දත්ත විශ්ලේෂණය කිරීමේදී සාධක විශ්ලේෂණය යොදා ගත් අතර එහිදී අනාවරණය වූයේ මාර්ග අනතුරු සිදු වීමට බලපාන සාධක මානව සාධක, දේශගුණික හා කාලගුණික සාධක, මාර්ගවල තත්වයන් හා වාහනවල තත්වයන් යන ආදි ලෙස සාධක හතරක් යටතේ වර්ගීකරණය වන බවයි- එමෙන්ම නොසැලකිලිමත් රිය ධාවනය, වැරදි තීරණ, මධ්‍යසාර/මත්පැන් භාවිතය, නින්ද යාම, වාහනයේ වේගය, පැහැදිලි ආලෝක තත්වය හා වලාකුළු සහිත කාලගුණය යන සාධක ප්‍රධාන වශයෙන් මාර්ග අනතුරු සිදු වීමට බලපාන බවයි.en_US
dc.publisherDepartment of Social Statistics, Faculty of Social Sciences, University of Kelaniya Sri Lankaen_US
dc.subjectමාර්ග අනතුරු, රියදුරන්, ශ්‍රී ලංකාවen_US
dc.titleශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සිදු වීමට බලපාන සාධකen_US
Appears in Collections:Issue 02

Files in This Item:
File Description SizeFormat 
JSS Vol9 Issue 2 5.pdf628.56 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.